යෝග හොඳ යෝගයක්
යෝග හොඳ යෝගයක්
සිරුර ලස්සනට තියා ගන්න එක අද බොහෝ දෙනෙකුට හරිම වදයක් වෙලා. ඒ වෙනුවෙන් නොයෙකුත්
දේ කරමින් පිරිසක් තැවෙන විටදී ඇතැමුන්ගේ ජීවිත පවා අහිමි කර ගන්නවා. ඉතින් මේක ඒ
තරම් වදයක් කර ගන්න ඕනි නැහැ කියලයි ශිල්පා ෂෙට්ටි කියන්නේ. ඒ වෙනුවෙන් ඇයගේ උපදෙස
නම් යෝග ව්‍යායාම්වල යෙදෙන්න කියන එකයි.
ශිල්පා ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වගේම ශරීර සුවතා උපදේශිකාවක්. මුළු සිරුරටම
ව්‍යායාම් ගෙන දෙන ක්‍රමයක් ලෙසින් ඇය යෝග හඳුන්වනවා. “එහි සම්පූර්ණයෙන්ම තියෙන්නේ
විද්‍යාව“ ඇය පවසනවා.
පසුගිය 21 වැනිදා ජාත්‍යන්තර යෝග දිනය යෙදී තිබුණා.
බැංගලොර්හි ඒ වෙනුවෙන් පැවති යෝග වැඩමුළුවකදී ඇය මේ බව ප්‍රකාශ කළා. ඒ වගේම යෝග
ව්‍යායාම්ව නිරත වෙන්නත් ඇය අමතක කළේ නැහැ. ජිම් එකට යනවට වඩා යෝග ව්‍යායාම්වල
යෙදීම වඩා හොඳ බව ශිල්පා පවසනවා. ඇයගේ සුන්දරත්වයේ රහසක් එයම වෙන්න ඇති.
යතේජා ඥානරත්න
|