|
සංස්ථාවට ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක්
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස සම්පත් සුභසිංහආරච්චි මහතා පසුගිය 23 වැනිදා සුභ මොහොතින් වැඩ භරගන්නා ලදී. මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපති, කාර්ය මණ්ඩලය හා සුභසිංහආරච්චි මහතාගේ හිතවතුන් පිරිසක් සහභාගි වූහ.
ලතා හා සුජාතාට උපහාර
මෙරට චිත්‍රපට ඉතිහාසයේ අමරණිය සලකුණක් තැබූ ගීත කොකිලාවන් දෙදෙනෙකු වන ලතා වල්පොල හා සුජාතා අත්තනායක යන ශිල්පිනියන්ට උපහාර පිදීමක් ලෙසින් පැවැත්වෙන ඔවුන්ගේ පැරැණි ගීත ඇතුළත් ලතා-සුජාතා උපහාර ගීත ප්‍රසංගය මේ මස 28 වැනිදා පෙරවරු 9.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී නොමිලේ පැවැත්වෙයි. මේ ඉදිරිපත් කරන්නේ පැරැණි සිංහල ගීත රසික සමාජය මගිනි.
සිසිර වෙනුවෙන් රක්ෂණ තිළිණයක්
සිසිර සේනාරත්න ගේ අභාවය වෙනුවෙන් ජීවිත රක්ෂණ ප්රතිලාභ යටතේ රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ඔහු සාමාජිකත්වය දැරූ ගීත නිර්මාණ කේන්ද්‍රය (ර්ණඉඛ්ඒ) මඟින් සිදුකෙරිණ. මේ එම චෙක්පත ගීත නිර්මාණ කේන්ද්‍රයේ දී අධ්යක්ෂ මණ්ඩලයේ තිලක් හේවාකපුගේ විසින් සිසිරගේ පුතු සමීර සේනාරත්නට පිරිනැමූ මොහොතයි. එහි සභාපති ජයන්ත ධර්මදාස අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් වන, කිෂූ ගෝමස්, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ බන්දුල ඒකනායක ද මේ අවස්ථාවට සහභාගි විය. * * * * * * * * * * * * * * * * * * *
හඳගමගේ ‘ඇගේ ඇස අග‘ තේමා ගීය එළි දකී
අශෝක හඳගම ගේ නවතම සිනමා කෘතිය වන ‘ඇගේ ඇස අග’ හි තේමා ගීතය මෙම මස 30 වැනිදා සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වෙන හඳගම සමඟ ඇහැරෙන්න නම් සංවාදාත්මක සැඳෑවේදී එළි දැක්වේ. එයට සමගාමීව උදිත ගයාශාන් ගුණසේකර විසින් රචිත ‘හඳගම සොයා යෑම’ කෘතිය ද දොරට වඩිනු ඇත. එහිදී එය පිළිබඳ විශේෂ දෙසුමක් විචාරක සමන් වික්‍රමාරච්චි විසින් පවත්වනු ලබයි. දීප්ති කුමාර ගුණරත්න චිත්‍රපටයේ තේමා ගීතය ගැන කථනයක් සිදු කරයි. හඳගම සමඟ ඇහැරෙන්න සැඳෑවේ සම්බන්ධීකරණය සහ ඉදිරිපත් කිරීම රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සේන නානායක්කාර විසිනි. ජාතික චිත්‍රපට සංස්ථාව, ෆාස්ට් පබ්ලිෂන්, අසූවෙ අපි, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තීය කණ්ඩායම මෙය සංවිධානයකොට ඇත. මෙම අවස්ථාවට සහභාගී වන්නන්ට ‘හඳගම සොයා යෑමේ’ කෘතිය සහන මිලට ලබා ගැනීමට සහ චිත්‍රපටයේ ගීතමය රූපාවලිය රසවිඳීමට හැකිවේ. ගීතයෙහි සංගීත අධ්‍යක්ෂණය චිත්‍රාල් සෝමපාල ගෙනි. ලෝක ප්‍රකට ඉන්දීය නළු ද්රිතිමන් චැටල්ඩි, ස්වර්ණා මල්ලවාරච්චි, රිතිකා ඇගේ ඇස අග රංගනයෙන් දායක වෙති. චන්න දේශපි‍්‍රය කැමරාව මෙහෙයවා ඇත. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයකි. ජගත් විජේනායක ඇගේ ඇස අග නිෂ්පාදනය කොට තිබේ. * * * * * * * * * * * * * * * * * * *
පූජා වගේම හැඩකාරියන්
හැඩකාරියක තෝරා ගැනීමක් පසුගියදා ගම්පහ දී සිදු කෙරුණා. මේ අවස්ථාවට විශේෂ අමුත්තා ලෙසින් සහභාගි වූණේ ජනප්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර්. පූජා අතින් එහිදී ජයග්රාහිකාවන්ට තිළිණ ප්රදානය කළ අයුරු.
අතිනත ගත්දා
දෙරණ ඩ්‍රීම් ස්ටාර් පළමු අදියරේදී ජනප්‍රියත්වයට පත් වූ සචින්ත දේවනාරායන පසුගියදා යුග දිවියට පිවිසිණ. ඔහුගේ අත ගත් මනාලිය වූයේ රුක්ෂිලා ජයකොඩි ය. වැල්ලවත්ත සැෆයාර් හෝටලයේ පැවති සචින්ත රුක්ෂිලා අතිනත ගත්දා අවස්ථාවක් මෙසේ සටහන් විය. ප්‍රවේගයේ හේමාල්ට උණුසුම් ප්‍රතිචාර
සිනමා නළුවන් හිඟ යුගයක ප්‍රවේගය සමඟින් දෙවන උපත ලැබූ හේමාල් රණසිංහ ගැන බොහෝ සිනමා විචාරකයන් මතු බලාපොරොත්තු තබාගෙන සිටින්නේය. එමෙන්ම ඔහුගේ රංගන විලසය පිළිබඳ සිනමාකරුවන් පවා කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙනි. හේමාල්ගේ සිනමා ආගමනය සිදුවනුයේ සුපර් සික්ස් සිනමාපටයෙනි. එය ප්‍රවේගය මෙන්ම සදේශ් කුමාර් සහ ශ්‍රීමනී සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි. ප්‍රවේගය නරඹන සියලු ප්‍රේක්ෂකයන් ද හේමාල් රණසිංහ පිළිබඳ ඉතා ඉහළින් කතා කරන්නේ මතු බලාපොරොත්තු සපිරි නළුවකු හැටියටය.
|