වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




ෆිල්ම් ෆෙයාර් සම්මාන කාටද?

ෆිල්ම් ෆෙයාර් සම්මාන කාටද?

බොලිවුඩයේ රන් සම්මාන රාත්‍රිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ විචිත්‍රත්වය ලොව පුරා විහිදෙන්න ඇත්තේ තව දින කිහිපයක් පමණි. පසුගිය වසරේ රිදී තිරයේ දිග හැරුණු සුන්දර සිනමා නිර්මාණ සියල්ල සැදී පැහැදී බලා සිටියේ මේ මොහොත එළඹෙන තුරුය. දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම් වී ඇත. සමහරුන් බලාපොරොත්තුවෙන් සිටි නිර්මාණ නිර්දේශ අතරට නොපැමිණෙනවිටදී කිසිවෙකුත් නොසිතූ ඇතැම් නිර්මාණ සම්මාන අතරට නාම පැමිණ තිබේ. මෙවර පැවැත්වෙන්නේ 60 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලයි. එය ලබන 31 වැනිදා බොම්බායේ යෂ් රාජ් චිත්‍රාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර හොඳම චිත්‍රපටය සඳහා නාමයෝජනා වී ඇත්තේ රාජ්කුමාර් හිරාණි අධ්‍යක්ෂණය කළ PK, අභීෂේක් වර්මන් අධ්‍යක්ෂණය කළ 2 States, විශාල් භාරද්වාජ් අධ්‍යක්ෂණය කළ Haider, ඕමන්ග් කුමාර් Mary Kom සහ විකාශ් භාල් අධ්‍යක්ෂණය කළ Queen චිත්‍රපටයන් ය. ප්‍රථම දිනයේ ආදායම් වාර්තා තැබූ Happy New Year චිත්‍රපටයට මෙවර හොඳම චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානය වෙනුවෙන් නිර්දේශ අතරට එක් වෙන්නට නොහැකි විය.

එමෙන්ම හොඳම නළුවා සම්මානයද ෂාරුක් ඛාන්ගෙන් ගිලිහී ගොස්ය. මධුරි ඩික්සිත් හොඳම නිළිය වෙනුවෙන් නිර්දේශ ව ඇත. 2007 වසරේදී අජා නචලේ හි රංගනය වෙනුවෙන් ද ඇය හොඳම නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වූවාය. ඩිම්පල් කපාඩියා සහ ජූහි චවිලා ද මෙවර හොඳම සහය නිළියට නිර්දේශ ව සිටියි.

මේ වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල සඳහා වැඩිම සම්මාන ගණනක් වෙනුවෙන් නිර්දේශ ලබා ගෙන සිටින්නේ 2 States චිත්‍රපටයයි. එය සම්මාන නාම හතක් සඳහා නිර්දේශ වී ඇත. Haider සම්මාන නාම හයක් සහ Queen සම්මාන නාම පහන් වෙනුවෙන් නිරේශ වී ඇත. කරන් ජොහාර්, ආලියා භාත් සමගින් කපිල් ෂර්මා මෙවර උළෙල මෙහෙයවීමට සූදානමින් සිටියි.

2015 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා ලෙසින් සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නේ,

ෂහිඩ් කපූර් - Haider

අමීර් ඛාන් - PK

අක්ෂේ කුමාර් - Holiday: A Soldier Is Never Off Duty

රිතික් රෝෂන් - Bang Bang

රන්දීප් හෝදා - Rang Rasiya

හොඳම නිළිය

කන්ගනා රනාවුට් - Queen

ආලියා බාත් - Highway

මධුරි ඩික්සිත් - Dedh Ishqiya

ප්‍රියංකා චොප්රා - Mary Kom

රාණි මුඛර්ජි - Mardaani

සෝනම් කපූර් - Khoobsurat

හොඳම අධ්‍යක්ෂණය

විෂාල් භාරද්වාජ් - Haider

අභිෂේක් වර්මන්- 2 States

අනුරාග් කාෂ්‍යප් - Ugly

රාජ් කුමාර් හිරාණි - PK

විකාශ් භාල් - Queen

හොඳම සහය නළුවා

රිතේෂ් දේෂ්මුක් - Ek Villain

අභිෂේක් භච්චන් - Happy New Year

කේ කේ මෙනෝන් - Haider

රෝනිත් රෝයි - 2 States

ත්‍යාරාජ් භාසින් - Mardaani

හොඳම සහය නිළිය

තාබු - Haider

අමිරිතා සිං - 2 States

ඩිම්පල් කපාඩියා - Finding Fanny

ජුහි චව්ලා - Gulaab Gang

ලීසා හේඩ්න් - Queen

හොඳම සංගීත අධ්‍යක්ෂණය

අමිත් ට්‍රිවේදි - Queen

අනූපම් අමෝද්, ආර්කෝ ප්‍රාවෝ මුකර්ජි,

හනී සිංග්, ප්‍රතීයම්, මිථුන් - Yaariyan

හිමේෂ් රෙෂ්මියා, මීත් අන්ජාන්, හනී සිංග් - Kick

මිථුන්, අන්කිත් තිවාරි - Ek Villain

ශන්කර් ඉෂාන් - 2 States

හොඳම පද රචනය

රෂාද් කමිල් - "Patakha Guddi" - Highway

අමිතාබ් භච්චාරියා - "Zehnaseeb" - Hasee Toh Phasee

ගුල්සාර් - "Bismil" - Haider

කසූර් මුනීර් - " Suno Na Sangemarmar" - Youngistaan

රශ්මි සිංග් - "Muskurane Ki Wajah" - CityLights

හොඳම පසුබිම් ගායකයා

අර්ජිත් සිංග් - "Mast Magan" - 2 States

අන්කිත් තිවාරි - "Galliyan" - Ek Villain

අර්ජිත් සිං - "Suno Na Sangemarmar" - Youngistaan

බෙනී දයාල් - "Locha-E-Ulfat" - 2 States

ශේකර් රාව්ජියානි - "Zehnaseeb" - Hasee Toh Phasee

හොඳම පසුබිම් ගායිකාව

ජෝති නූරාන්, සුල්තානා නූරාන් - "Patakha Guddi" - Highway

කනිකා කපූර් - "Baby Doll" – Ragini MMS 2

රේඛා භාරද්වාජ් - "Hamari Atariya Pe" - Dedh Ishqiya

ශ්‍රෙයා ගෝෂාල් - "Manwa Laage" - Happy New Year

සෝනා මොහපාත්‍රා - "Naina" - Khoobsurat