|
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය ‘පත්තිනි’
පතිවත වෙනුවෙන් මහරජෙකුට අභියෝග කළ කන්නගී හෙවත් පත්තිනි
පඬි රට ගිනි ලද පත්තිනි අපේ සිනමාවට
‘දැන් මාගේ නිර්දෝෂී ස්වාමි පුරුෂයාගේ ප්‍රාණයට වග කියන්නේ කවුද? නුඹලාගේ රටේ යුක්තිය මේකද? සාධාරණත්වය මේකද? නීතිය මේකද? ධර්මය මේකද? නුඹලා ඝාතනය කළ මේ නිර්දෝෂී ප්‍රාණය වෙනුවෙන් නුඹලාගේ අපා, දෙපා, සිවුපා ප්‍රාණීන් සියලු දෙනාම වග කියන්නට වේවි. නුඹලා වැනි මුග්ධයන් පතිවෘතාවේ බල මහිමය නොදන්නවා ඇති. එක් පතිවෘතාවක් මුහුදු ගිය සිය සැමියා එන තුරු වෙරළේ බලා සිට එහිම ගල් රුවක් බවට පත් වුණා. එක් පතිවෘතාවක් සිය ස්වාමියා මුහුදට ගසාගෙන ගිය විට යළි ඔහු ගොඩට ගෙන එන තුරුම හඬා වැළපුණා. මම මගේ පතිවුතෘ බල මහිමයෙන් තොපගේ බැල්මෙන් ඉඳුල් වූ තොප කපා දමන්නට තැත් දැරූ පියයුරුවලින් වම් පියයුර ගලවා පොළොවේ ගසා එයින් නැඟෙන ගින්නෙන් මුළු පඬි රටම ගිනිබත් කරනවා’. කන්නගී නම් ගැහැනිය පඬි රජතුමා ඉදිරියේ වියරුවෙන් කෑ ගසන්නේ යුක්තිය, සාධාරණය වෙනුවෙනි. ඇයගේ ලතෝනියෙන් මුළු මිහිතලයම කම්පා වී ඇත. මේ කුමක් වන්නේදැයි අපි ද තුෂ්නිම්භූතව බලා සිටින්නෙමු. එහෙත් මෙය නවතම සිංහල චිත්‍රපටයක දර්ශනයක් බව පසක් වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඕකේ... කට්...කට්... කියමන ඇසීමෙනි. ඒ රූ ගැන්වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටය වූ පත්තිනි චිත්‍රපටයේ දර්ශනයකි. කන්නගී ලෙස වියරුවෙන් කෑ මොර ගසනුයේ අන්කවරකුවත් නොව නූතන සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නිළිය වන පූජා උමාශංකර්ය. කන්නගී වන්නේ ඇයයි. කන්නගී යනු කවුද? එය ක්‍රි. ව. දෙවන ශත වර්ෂය දක්වා ඈත අතීතයට යන දකුණු ඉන්දීය පුරාවෘතයකි. පත්තිනි දේවියගේ නිජ බිම වනුයේ ඉන්දියාවේ පාණ්ඩව දේශයේ මධුරයි නගරයයි. පැරැණි දකුණු ඉන්දියාව සොළී, පඬි, කේරළ නමින් රාජ්‍ය තුනකින් වෙන්වී තිබිණ. පත්තිනි දේවියගේ මනුෂ්‍ය ආත්මයේ නම කන්නගී ය. පඬි රටේ උපන් කන්නගී සිය පතිවුතාවයේ බලමහිමය පෙන්වන්නේ පඬි රටෙහිය. ඇය දේවත්වයට පත්වනුයේ කේරළ රාජ්‍යයේය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප සමඟ සිය නවතම නිර්මාණය වූ පත්තිනි ගැන එසේ පවසන අතර දයා අල්විස් ද අප හා කතාබහට එක් විය. මම තමයි කන්නගී ගේ සළඹ සොරකම් කරපු රාජකීය රන්කරුවා. මේ චරිතය මගේ සිනමා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඇත්තටම මේ චිත්‍රපටය මම හරිම ආසාවෙන් කරන චරිතයක්. මේ නිර්මාණය පුරාම සෞන්දර්යය පිරුණ චිත්‍රපටයක්. දයා අල්විස් නම් ප්‍රවීණ රංගවේදියාගේ ඒ කතාව අපට පත්තිනි යනු හොඳ සිනමා නිර්මාණයක් වන බවට ඉඟියකි. ඇත්තටම අප සෞන්දර්යයට කොතරම් කැමැතිද? එබැවින් මේ නැතිවී යන සෞන්දර්ය නැවතත් සිංහල සිනමාවට රැගෙන ඒමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගන්නාවූ වෙහෙස ගැන අප සතුටු විය යුතුය. එකී සෞන්දර්යය සිංහල සිනමාවට නැවතත් ගෙන ඒමට මොවුන් දරන ප්‍රයත්නය කොතරම් කටුකද? එය අපගේ ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය ද මෙසේ විස්තර කරන්නට විය. ඇත්තටම මගේ ජීවිතයේ මම රඟපෑ හැම හොඳ චරිතයක්ම මට කරන්න වුණේ ගොඩක් දුක් විඳලා කැප කිරීමෙන්. පඬි රටේ රජතුමාගේ චරිතය ඒ වගේ දුක් විඳලා රඟපෑ යුතු චරිතයක්. හැබැයි ඒ දුක් විඳීම තුළ සාර්ථක රංගනයක් මගෙන් ඉදිරිපත් වේවි. මේ චරිතය තිරයෙන් දකින විට මම වින්ඳ දුක මට අමතක වේවි. ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ අපගේ විශිෂ්ට නළුවා කියනුයේ සැබෑවක් බව අපටද මේ වන විට හොඳින්ම දැනී තිබිණි. අව් කාෂ්ටයෙන් මහත් සේ බැට කන තිස්සමහරාම රන්මිහිතැන්න ප්‍රදේශය අවට රූපගත කරන පත්තිනි චිත්‍රපටයේ දර්ශන ඉසවුවට ගිය අපට මිනිත්තු ගණනාවකින් එහි කටුක පරිසරයේ ගැහැට හොඳින්ම වැටහින. එදින රූගත කිරීම් කළේ රන්මිහිතැන්න ප්‍රදේශයේ පහළ වැටේ මහගල නම් වූ පර්වතයක් මුදුණේය. අවටින් හමා එන සුළඟට ගලමත පිච්චෙන අපේ ශරීරයට සිසිලක් නම් ගෙන නොදේ. ඒ රශ්මිය එතරම් දැඩිය. අපට මිනිත්තු කිහිපයක් ඒ දුක දරාගත නොහැකි නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම දින හතළිහක් පමණ මේ දුක කෙසේ විඳ දරා ගන්නද? අප සිතුවිලි එලෙස දිවෙන අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය නිර්මාණ සගයන් වන කැමරා අධ්‍යක්‍ෂ චන්න දේශපි‍්‍රය සහ සහාය අධ්‍යක්‍ෂ විමල් දේශපි‍්‍රය සමඟ එක්ව මහ ගල උඩ තවත් දර්ශනයකට සූදානම් වේ. එයට සිංහල සිනමාවේ දක්‍ෂතම සටන් අධ්‍යක්‍ෂවරයකු වන ටෙඩී විද්‍යාලංකාර ද සහාය වනුයේ පත්තිනි චිත්‍රපටයේ සටන් අධ්‍යක්‍ෂවරයා ලෙසය. එම දර්ශනයට පෙනී සිටිනුයේ ‘සමනල සංධ්වනිය’ මෙන්ම ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ගැමුණු වූ උද්දික පේ‍්‍රමරත්න සමඟ දයා අල්විස්ය. මහ ගල මත කලා අධ්‍යක්‍ෂ බිමල් දුෂ්මන්ත නිර්මාණය කළ සුවිසල් පසුතලයක් ඉදිරිපිට උද්දික සිය සෙසු නළුවන් සමඟ උරෙන් උර ගැටී සටන් කරනුයේ ටෙඩී විද්‍යාලංකාරගේ උපදෙස් අනුවය. උද්දික මෙහි රඟනුයේ කන්නගී ගේ සැමියා වන කෝවලන් ගේ චරිතයයි. ඔහු පඬි රටේ රාජපුරුෂයන්ට පහර පිට පහර දෙද්දී රාජකීය රන් කරුවා සැඟවී සිට රාජපුරුෂයන්ට පවසනුයේ ‘කපාපියව් ඕකව කපාපියව්...’ යනුවෙන් මොර දෙමිනි. ඒ ජවනිකාව නිමා වීමෙන් පසු උද්දික කෝවලන් චරිතය ගැන අප හා කතා කරන්නට එක් විය. මේක සමනල සංධ්වනිය හා මහරජ ගැමුණු චරිතවලට වඩා වෙනස් වූ චරිතයක්. මගේ සිනමා ජීවිතයේ මේ වගේ එකකට එකක් වෙනස් වූ චරිත රංගනයක් ලැබීම නළුවකු හැටියට මට හුඟාක් සතුටු වෙන්න පුළුවන්. ඒත් ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්නෙ මේ චරිතය ප්‍රේක්‍ෂකයා වැලඳ ගන්නා ආකාරය අනුවයි. කාෂ්ටක අව්වේ මහත් වෙහෙසක් දරමින් මේ පිරිස කරන අපූරු කැපකිරීම ඉදිරියේ අපට ඔවුන්ගෙන් සමුගෙන ඒමට සිත් නොදේ. එහෙත් ආවොත් යන්න වෙනවා මෙන්ම ගියොත් ආපසු එන්නවෙයි. ඒ නිසාම අප ගමනේ සැලසුම්කරු වන පත්තිනි චිත්‍රපටයේ නිෂ්පාදන සම්බන්ධීකරණය කළ අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර ‘අපි යමු නේද එහෙනම්...’ යැයි පැවසීමත් සමඟම අකැමැත්තෙන් වුවද තීරණය කිරීමට සිදුවිය. මාධ්‍ය සගයන් වූ ගැමුණු රත්නායක, රමේෂ් උවයිස්, අජිත් අලහකෝන්, මනෝජ් රූපසිංහ, ෆ්‍රෑන්ක්, නාලක ඇතුළු අපේ නඩය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු පිරිසගෙන් සමුගෙන ඒමට සැරසුනි. පත්තිනි චිත්‍රපටයේ පූජා, උද්දික සමඟ රවීන්ද්‍ර රන්දෙණිය, නීටා ප්‍රනාන්දු, අරුණි රාජපක්‍ෂ, දයා අල්විස්, ලකී ඩයස්, සනත් ගුණතිලක, චිත්‍රා වරකාගොඩ, විජේරත්න වරකාගොඩ, රමණි සිරිවර්ධන, මියුරි සමරසිංහ, අමා විජේසේකර, වසන්ත විට්ටච්චි, අනුර බණ්ඩාර රාජගුරු, විනූ උදානි, මධුෂා රාමනායක, ඇතුළු නළු නිළියන් රාශියක් රංගනයෙන් දායකවෙති. කැමරා අධ්‍යක්‍ෂණයෙන් චන්න දේශපි‍්‍රය ද, සහාය අධ්‍යක්‍ෂණයෙන් විමල් දේශපි‍්‍රය ද, කලා අධ්‍යක්‍ෂණයෙන් බිමල් දුෂ්මන්ත ද, නිෂ්පාදන කළමනාකරණයෙන් මනෝහාරී හේවාවසම් ද, වේශ නිරූපණයෙන් සමීර කිඳෙල්පිටිය ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන්, වෙනුක වික්‍රමාරච්චි ද, කේෂාලංකරණයෙන් රුචිර දිනෙල්ක ද, නර්තන අධ්‍යක්‍ෂණයෙන් චන්දන වික්‍රමසිංහ ද, නිශ්චල ඡායාරූපකරණයෙන් සංදේශ් බණ්ඩාර ද, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිතාන ද, ගීත රචනයෙන් මහචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ද, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ඒ. ඩී. රංජිත් කුමාර ද, ගීත ගායනයෙන් විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දමයන්ති ජයසූරිය, සමඟ සමන් ලෙනින් දායකවන අතර සුමති චිත්‍රපට වෙනුවෙන් මිලිනා සුමතිපාල පත්තිනි නිෂ්පාදනය කරන්නීය. මහාචාර්ය සුනිල් ආරියරත්න පත්තිනි තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරයි. අප ඔවුන්ගෙන් සමුගෙන මහගල බසිද්දී ඈතින් පඬි රජ කන්නගී ඉදිරියේ බැගෑපත්වන හඬ අපට ඇසෙන්නට විය. ‘ඔබ තුමිය මටත් මගේ රටටත් සමාව දෙන්න’ ‘සමාව ලැබෙන්නේ ශ්‍රමණයන්ට, පතිවෘර්තාවන්ට, මහල්ලන්ට, ළදරුවන්ට, ශිව දෙවියන්ගේ වාහනය නිසා පූජනීයත්වයට පත් ගවයන්ට පමණයි. අග්නි දේවතා... මගේ පතිවුත්තාව සත්‍යවාදී නම් මේ පඬි රට ගින්නෙන් දවා ලන්න’...
|