වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

නිහාල් නෙල්සන් දිදුලන පහනක් වේවා!

වැඩිම කැසට් ප්‍රමාණයකට ගීත ගායනා කරමින් සංදර්ශන වේදිකාව තුළ අපූර්ව නර්ථනයක නිරත වෙමින් රසික රසිකාවන්ට නැවුම් ආස්වාදනීය වූ වින්දනයක් ලබා දෙන ගායන ශිල්පියෙකි නිහාල් නෙල්සන්. වේග රිස්මයට ඔහු ගීත ගැයුවත් ඒවා අතර වඩා අර්ථවත් ගීත ද විය.

කරුණා සුවඳ තවරාලු, කිරි දුන්නේ දරුවන්ටයි, පන්සල පල්ලිය ඊට හොඳම උදාහරණය. පුරා දශක පණහකට ආසන්න කාලයක් රසික රසිකාවන්ට ගීතමය වින්දනයක් ලබා දුන් නිහාල් තවත් දශක ගණනාවක් ගෙවෙන තුරු ගීත අඹරේ දිදුලන පහන් ටැඹක් වේවා.
 

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත

මුංහේන

අප්සරාගේ ඉදිරිපත් කිරීම් අගනේය

සිරස නාලිකාවේ නිවේදිකා අප්සරා විසින් වැඩ සටහන් ඉදිරිපත් කිරීමේදී දක්වන සුවිශේෂී දක්ෂතාවය ඉතා අගනේය. පැහැදිලි මෙන්ම නිරවුල් බසින් ආරාධිතයින් සමඟ ළෙංගතු සමීප සබඳතාවයිකින් කටයුතු කිරීම ඇයගේ මෙහෙවර අලංකාරවත් කිරීමට බෙහෙවින් ඉවහල් වේ. සංවාද අවස්ථාවන්හී ඇය කරුණු විමසන ආකාරය ප්‍රේක්ෂක චිත්තාකර්ෂණය දිනා ගැනීමට සමත්ය.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

සරත්ගෙන් සරත්ලා ගැන කලාවේ ඉන්න සරත්ලා

සරත් දසනායක - සංගීත අධ්‍යක්ෂ

සරත් ද අල්විස් - සංගීත අධ්‍යක්ෂ

සරත් වික්‍රම - සංගීත අධ්‍යක්ෂ

සරත් පීරිස් - සංගීත අධ්‍යක්ෂ

සරත් සන්දනායක - ගායක

සරත් ප්‍රනාන්දු - ගායක

සරත් ධර්මසිරි - අධ්‍යක්ෂ

සරත් චන්ද්‍රසිරි - නළු

සරත් කොතලාවල - නළු

සරත් කුලාංග - නළු

සරත් දික්කුඹුර - නළු

සරත් විමලසිරි - පද රචක

සරත් සිල්වා - සටන් නළු

සරත් මධු - චිත්‍ර කතා ශිල්පී

සරත් විමලවීර - අධ්‍යක්ෂ
 

මෙය ලියා එවූ මම ද සරත් රණසිංහ

මාලිඳ

කපුගොඩ

හර්ෂ හා කුමාරට ප්‍රණාම

නවක අධ්‍යක්ෂවරයකු ලෙසින් සිංහල සිනමාවට එක් වෙමින් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන හර්ෂ උඩකන්දට මාගේ ප්‍රණාමය. එයට කලකට පසුව කුමාර රණපුර ද එක්වීම සතුටට කරුණකි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

නෙළුම් එන්න ඉදිරියට

පුංචි තිරයේ සහ සිනමාවේදී අපට හමුවුණ කුසලතා පූර්ණ නවක කලා ශිල්පිණිය නෙළුම් පෙරේරා (මැණික්) තව තවත් කලා කුසලතා දක්වමින් ඉදිරියට එනු ඇතැයි ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවයි.
 

අයලීන් සෝවිස්

වැලිසර

ඉන්දියානු ටෙලි හොඳයි

කොරියානු ටෙලි නරකයි

මේ ආදරයයි ටෙලි සිතුවමේ රමන් - ඉෂිකා ලෙස රඟන කරන් පටෙල් සහ දිව්‍යංකා ත්‍රීපති ලස්සනට රඟපානවා. ඒ වගේම ස්වප්නා ටෙලි සිතුවමේ ආගාෂ් - දීපිකා හෙවත් සුරාජ් - ස්වප්නාගේ ආදර කතාවත් ලස්සනයි. අන්න ඒවා තමයි නියම ආදරබර ටෙලි නාට්‍යය. කොරියන් ටෙලි නාට්‍යවලට වැඩිය ඉන්දීය ටෙලි නාට්‍ය හොඳටම හොඳයි. බලන්නත් ආසයි. කොරියන් ටෙලි නාට්‍ය තහනම් කරනවා නම් අපි කැමැතියි.
 

පී. එන්. නිලූකා

අවිස්සාවේල්ල

එදා තිබුණ ගීත පොත් අද කෝ?

සිංහල චිත්‍රපට නිර්මාණය වූ මුල් දශකවල සිට අනූව දශකය පමණ වන තුරු චිත්‍රපට ගීත පොත් මුද්‍රණය කිරීම බහුලව සිදු විය. චිත්‍රපට නරඹන විට ශාලාව තුළට වෙළෙඳුන් පැමිණ ගීත පොත් විකිණීමට විය. ඒවා පළ කළ සමාගම් කිහිපයක් තිබිණ. මුල් යුගයේ ඒ අතර වඩාත් ප්‍රකට වූයේ පොන්නයියා පිල්ලේය. ඔහුගේ ගීත පොත්වල යම් අඩුපාඩුකකම් තිබුණ ද චිත්‍රපට නැරැඹූ අය එදා එම ගීත පොත් මිලදී ගත්හ. එහෙත් දැන් ඒවා නැත. ගීත පොත් නැවතීමට හේතු දෙකකි. ඒ කැසට් පට නිකුත් වීම සහ ගීතවලින් තොර සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට පැමිණීමයි.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කළාප අධ්‍යක්ෂ

උදාරි අපිට අභිමානයක්

රිදී තිරයේ ජනප්‍රියම තාරකාවක් බවට පත් වෙමින් කලඑළියට ආ උදාරි වර්ණකුලසූරිය අද වන විට පුංචි තිරයේ ජනප්‍රියම තාරකාවක් බවට පත් වී සිටීම රසික අප අභිමානයට පත් කරන කාරණයක් බව නොකියාම බැරිය.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

ඉන්දියානු ටෙලි හොඳයි කොරියානු ටෙලි නරකයි

මේ ආදරයයි ටෙලි සිතුවමේ රමන් - ඉෂිකා ලෙස රඟන කරන් පටෙල් සහ දිව්‍යංකා ත්‍රීපති ලස්සනට රඟපානවා. ඒ වගේම ස්වප්නා ටෙලි සිතුවමේ ආගාෂ් - දීපිකා හෙවත් සුරාජ් - ස්වප්නාගේ ආදර කතාවත් ලස්සනයි. අන්න ඒවා තමයි නියම ආදරබර ටෙලි නාට්‍යය. කොරියන් ටෙලි නාට්‍යවලට වැඩිය ඉන්දීය ටෙලි නාට්‍ය හොඳටම හොඳයි. බලන්නත් ආසයි. කොරියන් ටෙලි නාට්‍ය තහනම් කරනවා නම් අපි කැමැතියි.
 

පී. එන්. නිලූකා

අවිස්සාවේල්ල

S.M.S.

රිතු නැතුව දුකෙන්

රිතු ටෙලි සිතුවම නතරවීම ගැන මගේ කණගාටුව.
 

රත්න කහඳව

අලව්ව

සත්‍ය ගවේෂණය දිනට වෙන ඒවා එපා

සත්‍ය ගවේෂණය වැඩසටහන යන දවසටමයි වෙන මොකක් හරි වැඩසටහනක් දාන්නේ. එහෙම කරන්න එපා. සත්‍ය ගවේෂණය තමයි මම ආසම වැඩසටහන.


අචිනි

බොරැල්ල

ආදර දෑසද? වෙළෙඳ දැන්වීම්ද?

ආදර දෑසක් නාට්‍ය පෙන්වනවාට වඩා ඒ ගුවන් කාලයේදී වෙළෙඳ දැන්වීම් විකාශය වෙනවා වැඩියි. එහෙම වෙන කොට මිනිස්සුන්ට නාට්‍ය එපා වෙනවා.
 

ඉඳුනිල්

මිරිස්ස

කළු අරලියාට කවුරුත් සපෝට්

ස්වර්ණවාහිනියේ විකාශය වන කළු අරලියා නාට්‍යයේ රංගනයේ යෙදෙන හැමෝම එකා වගේ තම දායකත්වය ලබා දෙනවා. ඒකයි ඒ නාට්‍යය මෙතරම් ජනප්‍රිය.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය
 

හඬ කැවීම් කණ්ඩායමට

ජාතික රූපවාහිනියේ හඬ කැවීම් කාර්ය මණ්ඩලය වෙතට,

ඔයාලා ගෙන්වා පෙන්වපු කොරියන්, ජපන්, චීන නාට්‍ය හරිම ලස්සනයි.
 

ඉමාෂා

ගම්පොළ

රෑන ආයෙත් ඕනේ

රෑන ටෙලි සිතුවම නතර කරලා. එය ආයේ අපට ඕනෑ.
 

අතුල රම්‍යසිරි

පානදුර

අනෝජාට දීර්ඝායුෂ

අනෝජාට දීර්ඝායුෂ පතමි. ඇය තවත් ලස්සන වේවා.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

වේදිකා නාට්‍යවල නම් අහලා හිනා යනවා

දැන් හැදෙන වේදිකා නාට්‍යවලට දාන නම් දැක්කම හිනා යනවා. ඒ තරමටම ඒ නාමයන් අමුතුයි. ඇත්තටම ඒවාට දාන්න වෙන නම් ඇත්තේම නැතිද?
 

ෆාතිමා

වැලිගම

කලාකරුවනි දේශපාලනය එපා

අපේ කලාකරුවන් දේශපාලනය නොකර ජනප්‍රියත්වය සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් ගෞරවයත් ආරක්ෂා කරගෙන කලා කටයුත්තක් කරගෙන ඉන්නවා නම් කොතරම් හොඳද.
 

ලක්ෂ්මන් ද සිල්වා

මෝදර

ප්‍රසංග වේදිකාවට අලුත් එළියක්

ප්‍රසංග වේදිකාවට නවමු එළියක් දෙන එකම සංගීත කණ්ඩායම සීදූවේ සකුරා පමණයි.
 

ආශා

කුරුණෑගල

සතුට සුරංග විරල හඬක්

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සතුට සුරංගට කටහඬ කිහිපයකින් ගී ගයන්න පුළුවනි. එවන් ගායකයෝ අද අඩුයි.
 

සුරංගනී

පාමංකඩ

ශෙරිල් හැකියාව අපතේ නොයවන්න

ශෙරිල් ඩෙකර් අක්කේ, ඇයි දැන් ඔයා රඟපාන්නේ නැත්තේ. ඔයා පණ පොවපු අමා චරිතය නිසා ඔබ හුඟාක් ජනප්‍රිය වුණා. ඔයාට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන්. එබැවින් රංගන හැකියාව අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

රීමික්ස් සීමා කළොත් හොඳයි

පැරැණි සිංදු රීමික්ස් කිරීම සීමා කරන්න පනතක් ගෙනාවොත් හොඳයි. නැතිනම් මේ යන විදිහට පැරැණි ගීතයක් ඒ විදිහට අසන්න ලැබෙන එකක් නැහැ.
 

ප්‍රකාශ්

අගලකඩ

ඩිමංක නොසැලී ඉදිරියට යන්න

ඩිමංක වෙල්ලාලගේ දිරියෙන් නැඟී සිටි නව පරපුරේ ගායකයෙකි. ඔහු කෙතරම් අපහසුවෙන් මේ ගමන ආවා ද යන්න සරසවියේ ලිපියක් තුළින්ම දිනක මම දැනගත්තෙමි. ඩිමංක මල්ලි ඉදිරියටත් බාධක ඒවි. නොසැලී ඔබේ ගමන යන්න. ඔබ දවසක ලංකාවේ හොඳම ගායකයකු වේවි.
 

අමිත් අයියා

ගිණිගත්හේන

 

කලා ලොවෙහි දක්නට ලැබෙන නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු නිර්මාණකරුවන් පිළිබඳ ඔබට දැනෙන දේ ක්ෂණිකව ප්‍රතිචාර තීරයට එවන්න.

0752805047 අංකය ඒ වෙනුවෙන් නිබඳව විවෘතව පවතියි.

සුපුරුදු පරිදි ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ද තැපැල් පත් හෝ ලිපි එවිය හැකිය.