වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




සහන් හෙවත් හපනාට මංගලම්

සහන් හෙවත් හපනාට මංගලම්

ජනාධිපතිතුමන් සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළ මොහොත

ටී. බී. ඉලංගරත්නයන්ගේ ජනප්‍රිය ළමා නවකතාවක් වන හපනා ඇසුරෙන් තැනුණ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ මෙන්ම සෝමපුර වීරයෝ, බැද්දේ සෙනෙහස වැනි ටෙලි නාට්‍යවලද රඟපෑ සහන් කුමාරගේ පසුගියදා විවාහ දිවියට සැපත් විය. ඔහුගේ අත ගත්තේ හිමාෂිය. ළමා වියෙන් පසු රංගනයෙන් ඈත් වූ සහන් පසුව ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත විය.

ඔහුගේ විවාහය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. සහන් - හිමාෂි ප්‍රේම කතාව වැලිකෙළියේ සිට ඇරඹෙන්නකි.

මෙම විවාහයේ එක් සාක්ෂිකරුවකු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වූ අතර අනෙක් සාක්ෂිකරු වූයේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූවායින් පසු අත්සන් කළ පළමු විවාහ මංගල්‍ය උත්සවය වන්නේ සහන් - හිමාෂි විවාහයයි. විවාහයෙන් අනතුරුව නැවතත් සහන් - හිමාෂි ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. නැවතත් රංගනයට පිවිසීමට තමන් අපේක්ෂා නොකරන බව සහන් 'සරසවිය' ට කීවේය. එනමුත් තිර කතා රචකයකු ලෙස නිර්මාණකරනයට දායක වන බව සඳහන් කරයි. සහන් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සැම්සන් කුමාරගේ ගේ පුත්‍රයාය.