|
සිනමාව ගැන නුවන් නයනජිත්ට ආචාර්ය උපාධියක්
වත්මනහි සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු වන නුවන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ද වේ. 2001 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, 2002 එම විශ්වවිද්‍යාලයෙන්ම ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද 2006 දී කැලණිය විශ්විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ඔහු ලබා ගත්තේය. අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණාතා, ගාමිණි - විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා, ශ්‍රී ලාංකේය සිනමා වංශය, ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා, ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය, සොඳුරු අදියුරු සකසුවානෝ, පාඨක විචාර හා ආලෝචනා, නව මඟක සංකථන, නිහාල්සිංහ - පුරෝගාමී තෙවන ඇස සහ සාහිත්‍ය කලා සංකතිකා නුවන් රචනා කළ ග්‍රන්ථ අතර වේ. සිනමා සාහිත්‍යයට නුවන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ඔහු ඕසීඅයිසී සිග්නීස් සම්මාන උළෙලේදී සිරිල් බී පෙරේරා අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මාන උළෙලේ (1999) ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය සහ බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා අනුස්මරණ සම්මානයන් ද නුවන්ට හිමි වී තිබේ. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරසවිය හිටපු කර්තෘ ඒ. ඩී. රන්ජිත් කුමාර සහ ගායිකා දමයන්ති ජයසූරියගේ එකම පුතණුවන්ය. නුවන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. |