මහරජ ගැමුණු සමඟ රැජන මාලිනී විවෘත වෙයි
මහරජ ගැමුණු සමඟ
රැජන මාලිනී විවෘත වෙයි
නිළි රැජණ මාලිනී ෆොන්සේකා නමින් නම් කොට රැජණ මාලිනී නමින් නවතම සිනමාහලක් පසුගිය
26 දා තඹුත්තේගම රැජණ හන්දියේදී විවෘත වූයේ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු
චිත්‍රපටය තිරගත කරමිනි. මෙරට සිනමා නිළියකගේ නමින් නම් වුණු දෙවැනි සිනමාහල වන
රැජණ මාලිනී ගොඩ නැඟුවේ චිත්‍රපට නළුවකු නිෂ්පාදකවරයකු වූ සමන්ප්‍රිය මාරසිංහගේ
අප්‍රතිහත ධෛර්යයෙනි. කලකට ඉහත රුක්මණී දේවි නමින් නම් වූ රුක්මණී සිනමාහල කොළඹ
වැල්ලම්පිටිය් පැවතිණි. එහෙත් ලාංකීක සිනමාකරුවකු නමින් එයින් පසු ඉදි වුණ සිනමාහල
වනුයේ රැජණ මාලිනී සිනමාහලයි. මෙහි එකවර ප්‍රේක්ෂකයන් තුන්සියයකට ආසන පහසුකම් ලබා
දිය හැකියි.
|