|
චංගුමී චරිතය හැර යයි‘ජුවෙල් ඉන් ද පැලස්’ නැත්නම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය ‘සුජාත දියණිය’ නාට්‍ය මාලාවේ දෙවැන්නකට කොරියානු රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටින සතුටු පුවත ලොව පුරාම පැතිරී අවසන්ය. චංගුමී චරිතය නිරූපණය කළ ලී යන්ග් ඒ මුලින්ම දෙවැන්නේ ද ප්‍රධාන භූමිකාවට ඇරයුම් ලැබූ තැනැත්තියයි. ‘ජුවෙල් ඉන් ද පැලස්’ නාට්‍යයේ චංගුමී චරිතයේදී මෙන්ම සැබෑ ජීවිතයේදී ද ලී වෙනස්ම ආකාරයකට සිතන්නියකි. දෙවැන්නකට ලැබුණු ආරාධනාවට ඇය දක්වා ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයක් නොවෙයි. ‘මං වඩාත් කැමැති ගුණාත්මක නිර්මාණයන්ට දායක වෙන්න. හරියට ජුවෙල් ඉන් ද පැලස් මුල් නාට්‍ය වගේ. ඒත් එහි දෙවැන්නක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මුදල්.නාට්‍ය රටවල් 80 ක වාගේ විකාශය කළා. ඒ සෑම රටකදීම වාගේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.’ ලී මෙසේ පවසා තිබෙන්නේ කොරියානු විලාසිතා සඟරාවකටයි.
තවමත් දෙවැන්නේ රඟපානවා ද නැද්ද යන්න ගැන ඇය සිතමින් සිටින්නීය. එහෙත් ඇයගේ පිළිතුර
බොහෝ දුරට ‘චංගුමී’ චරිතය රැඟූ ඇයට ඇලුම් කරන්නන්ට සතුට දනවන්නක් නම් නොවිය හැකියි. චංගුමීගේ රසවත් කෑම වට්ටෝරුසුජාත දියණිය නාට්‍යයේ චංගුමීගේ, හන් පාලිකාවගේ ආහාර පිසීම අපට සිහි කරන්නේ තව්තිසා දෙව්ලොව සක් දෙවිඳුන්ට පිසිනු ලබන ආහාරයි. වෙලාවට, කලාවට, රාජපාක්ෂිකව, ආදරයෙන් පිසින ආහාරවල රස පමණක් නොව ගුණය ද විවරණය වන්නේ වෛද්‍ය පුස්තකයක පිටු පෙරළෙන්නා වාගෙයි. හිතවත් සරසවිය පාඨකයන්ටත් ඒ ආහාර පිළිබඳ කුකුසක්, කැමැත්තක් නිරායාශයෙන්ම ඇතිවීම ස්වභාවිකය. මෙන්න ආදරණීය චංගුමීගේ සියුමැලි දෑතින් පිළියෙළ වූ රසවත්, ගුණවත් ඉපැරැණි කොරියානු ආහාර වට්ටෝරු කිහිපයක්.
Ch’o Kanjangඅවශ්‍ය ද්‍රව්‍ය - නැවුම් සෝයා සෝස් මේස හැඳි 4 සහලින් පිළියෙල කළ විනාකිරි හෝ මිංචි / බේ ලීෆ් (සුපිරි වෙළෙඳසල්වළ ඇති කරපිංචා වැනි කොළ වර්ගයක්)/ පාස්ලි (වියළිව හෝ නැවුම්ව) සීනි තේ හැඳි 1 හොඳින් කපාගත් ලීක්ස් තේ හැන්දක ප්‍රමාණයක් ටෝස්ට්කර තලාගත් තල ඇට මේස හැඳි 2 සාදන ක්‍රමය - ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍රකර සීනි කැට දියවෙන තුරු හොඳින් කලවම් කරන්න. මේ සරල ආහාරය මිනිත්තු පහකින් පිසගත හැකියි.
Chai - Yuk San - Cha අවශ්‍ය ද්‍රව්‍ය - ඌරු මස් ග්‍රෑම් 225 (තම්බා ගත් ඌරු මස් සිහින් තීරුවලට කපන්න) සැල්දිරි දඬු 2 (තීරුවලට කපාගත්) සිහින්වට කපා ගත් කැරට් අල 2 ක් පිසූ පීස් මේස හැඳි 2 සිහින් තීරුවලට කැපූ ඉදුණු පෙයාර්ස් ගෙඩියක් තරමක් ඇඹුල් රසැති ඇපල් ගෙඩියක්(තීරුවලට කපාගත්) සෝයා සෝස් මේස හැඳි 1 ගාගත් නැවුම් ඉඟුරු තේ හැඳි 1 රස අනුව තලාගත් සුදුලූනු හොඳින් කපාගත් ලීක්ස් ගසක් සහලින් හෝ ඖෂධවලින් තැනූ විනාකිරි (හර්බ් විනේගා(ර්)) මේස හැඳි 1 සීනි තේ හැඳි 1 තල තෙල් තේ හැඳි 1 සාදන ක්‍රමය - ඌරුමස්, සැල්දිරි, කැරට්, පීස්, පෙයාර්ස් සහ ඇපල් මිශ්‍රකර ගන්න. ඉතිරි සියල්ල භාජනයකට දමා සීනි දියවන තුරු හොඳින් සොලවන්න. එය ඌරුමස්, සැල්දිරි, කැරට්, පීස්, පෙයාර්ස්, ඇපල් මිශ්‍රණය මතට වත් කරන්න. මිනිත්තු විස්සකින් Chai – Yuk San – Cha පිළියෙල කරගත හැකියි.
Dak Busut Jimඅවශ්‍ය ද්‍රව්‍ය - බිම්මල් 10 ක් පමණ (මේ බිම්මල් උණු ජලයේ පොඟවන්න) බිම්මල් 10 පෙඟ වූ උණු ජලය කුකුළු මස් කි. ග්‍රෑ. 1 (ඇට ඉවත්කර කැබලිවලට කපාගත්) නැවුම් සෝයා සෝස් මේස හැඳි 3 තල තෙල් මේස හැඳි 1 රස අනුව තලාගත් සුදුලූනු මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් (හෝ අවශ්‍ය තරමට) අඹරා ගත් ගම්මිරිස් තේ හැඳි 1/2 කපාගත් ලූනු ගෙඩියක් තුනීවට පෙති කපාගත් බැම්බූ ෂූට්ස් ග්‍රෑම් 125 කපාගත් ලීක්ස් ගස් 4 බැදගත් තල මේස හැඳි 2 සාදන ක්‍රමය - කුකුළු මස් වළඳකට දමන්න. ඊට සෝයා සෝස්, තල තෙල්, සුදුලූනු, මිරිස් කුඩු සහ ගම්මිරිස් එක් කරන්න. හොඳින් මිශ්‍රකර පැයක දෙකක කාලයක් පෙෙඟන්නට හරින්න. එම මිශ්‍රණයෙන් පෙරාගත් කුකුළු මස් තාච්චියකට දමා දුඹුරු පැහැවනතුරු බැද ගන්න. බිම්මල් කුකුළු මස් මුලින් තිබූ මිශ්‍රණයට දමා තබන්න. මිනිත්තු 15 – 20 ක් පමණ කුකුළු මස් හොඳින් තම්බා ගන්න. ඉතිරි ද්‍රව්‍ය එක්කර මිනිත්තු 2 – 3 ක් තම්බා ගන්න. බැදගත් තල අලංකාරය පිණිස ව්‍යාංජනය මත ඉසින්න. ඉන් පසු බත් සමඟ ආහාරයට ගන්න.
Dak Jchimඅවශ්‍ය ද්‍රව්‍ය: කෑලි කැපූ කුකුළු මස් ග්‍රෑ: 900 ක් තල තෙල් මේස හැඳි 1 - 2 කැපූ මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩි 2 ක් හොඳින් කැබලි කරගත් ඉඟුරු සෙ. මී. 2.5 ක කැබැල්ලක් හරස්ව කැපූ සුදුලූනු බික් 4 (හෝ රස අනුව) ජලයේ පෙඟූ වියළි බිම්මල් 16 ක් පමණ බිම්මල් පෙඟ වූ ජලය මි. ලී. 25 ක් සෝයා සෝස් මි. ලී. 60 සීනි තේ හැඳි 1/2 කැපූ විශාල කැරට් අල 2 ක් සෙ. මී. 2.5 මිම්මට හතරැස්ව කැපූ මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් ගෙඩි 2 ක් සෙ. මී. 3 ක දිගට කැපූ ලීක්ස් ගස් (විශාල ලීක්ස් ගස් නම් 4 ක් ප්‍රමාණවත්. කුඩා ලීක්ස් ගස් නම් 8 ක් පමණ ගත යුතුයි) සාදන ක්‍රමය - කුකුළු මස් සාස්පානකට දමා මිනිත්තු 2 ක් පමණ බැද ගන්න. ඊට තල තෙල්, ලූනු, ඉගුරු එක් කරන්න. මිනිත්තුවක් දෙකක් බැද ගන්න. සුදුලූනු එක්කර බදින්න. ඉතිරි ද්‍රව්‍ය එක්කර සාස්පාන වසා අඩු උෂ්ණත්වයේ මිනිත්තු 25 ක් තම්බා ගන්න. කුකුළු මස් පිසෙන තුරු වරින්වර කළවම් කරන්න.
Kimchirecipeඅවශ්‍ය ද්‍රව්‍ය - චයිනීස් ලෙටියුස් (චීන සලාද කොළ) මේස ලුණු මේස හැඳි 4 - 5 අඹරා ගත් මිරිස් මේස හැඳි 3 සුදුලූනු බික් 5 ගාගත් ඉඟුරු ස්වල්පයක් කැබලි කරගත් ඉදුණු පෙයාර්ස් ගෙඩි භාගයක් කැබලි කරගත් පැණි රස ඇපල් ගෙඩි භාගයක් කෑලි කැපූ මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩි භාගයක් මාළු සෝස් මේස හැඳි 2 විශාල ලීක්ස් ගස් 3 ක් හෝ කුඩා ලීක්ස් ගස් 5 ක් සාදන ක්‍රමය - චයිනීස් ලෙටියුස් නම් ගෝවා වර්ගය, ලුණු ජලයේ පැය 5 ක් පමණ ගිල්වා තබන්න. ඉන්පසු කුඩා කැබලිවලට කපන්න. උණුසුම් ජලයට ලුණු මිලිලීටර් 250 ක් එක් කරන්න. ගෝවා භාජනයකට දමා ලුණු වතුර එක්කර මිශ්‍රණය කළවම් කරන්න. පිරිසුදු රෙදි කඩකින් වසා පැය 5 ක් තබන්න. වරක් හෝ දෙවරක් කළවම් කරන්න. පැය 5 කට පසු ලුණු හොඳින් සේදෙන තුරු පයිප්ප වතුරෙන් ගෝවා සෝදන්න. ජලය පෙරා පසෙකින් තබන්න. අඹරා ගත් මිරිස් එක්කර ජලය මේස හැඳි 5 – 6 ක් එක්කර පල්පයක් සාදන්න. චිලී පේස්ට් හා සුදුලූනු, ඉඟුරු, ඇපල්, පෙයාර්ස් හා ලූනු එක්කර පල්පයක් වනතුරු අඹරා ගන්න. බ්ලෙන්ඩ් කිරීමට පහසුවනසේ අවශ්‍ය නම් ජලය ස්වල්පයක් එක් කරන්න. මාළු සෝස් මේස හැඳි 2 ක් ගෝවාවලට එක් කරන්න. ඊට ලීක්ස් සහ සුදුලුනු - මිරිස් පල්පය එක් කරන්න. සිසිල් ජලය මි. ලී. 250 ක් මිශ්‍ර කරන්න. ඉන් පසු සියල්ල විසබීජ නැසූ ජෑම් බෝතලයකට දමා මිශ්‍රණය නිසි අන්දමට තැන්පත්වීමට කාමර උෂ්ණත්වයේ පැය 24 ක් තබන්න. පැය 24 කට පසු ශීතකරණයේ තබන්න. මෙය ඇඹුල් රසට ප්‍රිය අයට කදිම ආහාරයකි. කල්තබාගන්න, කල්තබාගන්න ආහාරයෙහි ඇඹුල් රසය වැඩිවේ.
Tomi Gunඅවශ්‍ය ද්‍රව්‍ය - කරවල ග්‍රෑම් 700 ක්. කෑලි 12 කට කපන්න. ලුණු සහ ගම්මිරිස් පිටි මේස හැඳි 3 තිරිගු පිටි මේස හැඳි 1 ගසාගත් බිත්තර 2 ක් තෙල් සලාද කොළ 12 රවුමට කපාගත් ලූනු ගෙඩි 1 පිපිඤ්ඤා ගෙඩි භාගයක් (පෙති කැපූ) යාන්තමට බැදගත් තල මේස හැඳි 2 සාදන ක්‍රමය - තුනපහ දමා කරවල කෑලි සීසන් කරගන්න. පිටි හා තිරි¼ගු පිටි මිශ්‍ර කරන්න. ගසාගත් බිත්තර ඊට එක්කර දියරමය මිශ්‍රණයක් සාදා ගන්න. තාච්චියක තෙල් රත්කර කරවල සහ දියරමය මිශ්‍රණය ඊට එක් කරන්න. මිනිත්තු 3 ක් කරවල රන්වන් පැහැ වනතුරු බැදගෙන, කොළයක තබන්න. සලාද කොළ සිසිල් දීසියක තබා ලූනු, පිපිඤ්ඤා පෙති ඒ එක් එක් කොළය මත තබන්න. සීසන්කර කරවල ඒ මත තබන්න. තල ඇට ඉසින්න.
Oyi Namulh(කොරියානු පිපිඤ්ඤා සලාදය) අවශ්‍ය ද්‍රව්‍ය - පෙති කපාගත් විශාල පිපිඤ්ඤා ගෙඩි 2 ලූණු තේ හැඳි 3 විනාකිරි මේස හැඳි 2 චිලි ඔයිල් මේස හැඳී 1 සීනි තේ හැඳි 1 මිරිස් කුඩු තේ හැඳි කාලක් රස අනුව තලාගත් සුදුලූනු හොඳින් කැපූ ලීක්ස් ගස් 1 ටෝස්ට්කර තලාගත් තල තේ හැඳි 3 සාදන ක්‍රමය - පිපිඤ්ඤා පෙති භාජනයකට දමන්න. ලුණු එක්කර ජලය වත්කරන්න. මිනිත්තු 15 ක් පෙඟෙන්නට හරින්න. වතුර පෙරා ඊට ඉතිරි ද්‍රව්‍ය එක්කරන්න. ඉන් පසු හොඳින් මිශ්‍ර කරන්න. කෑමට ගැනීමට පෙර ශීතකරණයේ තබන්න.
|