|
මාරම්බරී එක්ක එඩ්වඩ් ක්වේට් යයි
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 08 වැනිදා එනම් හෙට ක්වේට් හවාලි බෝයිස් ස්කවුට් හෝල් හිදී පැවැත්වේ. මෙම ප්‍රසංගය එරටින් සංවිධානය කරන්නේ ශ්‍රී ලාංකේය හැට පස්වැනි නිදහස් දිනය නිමිති කර ගනිමිනි. මාරම්බරී හි එඩ්ව්ඩ් සමඟ චරිතා ප්‍රියදර්ශනී සහ ශාරණ්‍යා ජයකොඩි ගී ගයනු ඇත. සුසිල් අමරසිංහ, චතුර ප්‍රසාද්, චන්දීප ජයකොඩි වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලබයි. ප්‍රසංගය ක්වේට් ශ්රීී ලංකා තානාපති කාර්යාලය සහ ක්වේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සංවිධානයකි.
ඉතාලි - ශ්‍රී ලංකා දෙරටේ රූ ගැන් වූ මුතු මැණික් වැඩ නිමයි
රුවන් රෝහණගේ නිර්මාණයක්
වසර 28 ක් තිස්සේ ඉතාලියේ රැකියාවක් කරන ඔහු නමින් රුවන් රෝහණයි. ඔහු මෙරට කලාවට මහත් සේ ආදරය කරන්නෙකි. එකී ආදරය නිසාම හෙතෙම ඉතාලියත්, ලංකාවත් සම්බන්ධ කරමින් ටෙලි නාට්‍ය 2 ක් නිර්මාණය කළේය. ‘මුතු මැණිික්’ ඔහුගේ නවතම ටෙලි නාට්‍යයයි. එහි මෙරට රූගැන්වීම් පසුගියදා නිමාවට පත් වුණා. මුතු මැණික් ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත පිළිබඳව කියවෙන කතාන්දරයකි. මෙහි කතා තේමාව අනෝමා ගම්ලත්ගෙනි. නදීෂා නිලුක්ෂිකා, ඡායා නිවන්ති, ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ මෙරටදී රංගනයෙන් දායක වුවන්ය. පියොරි හිරුෂණී, රන්ජන් කුමාර, ශ්‍යාමන් කෲස් ඉතාලිියෙන් ‘මුතු මැණික්’ හි රංගනයට දායක වූහ. කැමරාකරණය රොහාන් සුරේෂ් (ඉතාලිය) හා සුජීව හේමන්ත (ශ්‍රී ලංකා) යන අයගෙනි. මෙම ටෙලි නාට්‍ය ජනප්‍රිය හිරු ටී. වී. නාලිකාව ඔස්සේ විකාශය කිරීමට අපේක්ෂා කරන බව රුවන් රෝහණ කියා සිටියා. රුවන් රෝහණගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘මනදොළ’. ශ්‍රී ඊඍ නාලිකාව ඔස්සේ විකාශය වූ ‘මධු’ ටෙලි නාට්‍යය ඔහුගේ දෙවැනි නිර්මාණයයි. අවසන් වශයෙන් ශ්‍රී ඊඍ නාලිකාවේ සභාපති තුෂාර කුරේ හට සිය විශේෂ ස්තුතිය පුද කරන්නට රුවන් රෝහණ අමතක නොකළේය. චන්දන වන්නිආරච්චි ලියූ රන්ජන් ගැන පොත රන්ජන්ට දුන් මොහොත
චන්දන වන්නිආරච්චි විසින් රචිත ‘සමකාලීන සිනමාවේ ජනප්‍රිය නළුවා’ යන ග්‍රන්ථය හි පළමු පිටපත රන්ජන් රාමනායක හට ඔහු ලබා දුන් මොහොතයි මේ. මෙම කෘතියෙහි සඳහන් වනුයේ රන්ජන් පිළිබඳ වීම විශේෂත්වයකි.
ශ්‍රීමාලි ගේ
ඉඩෝරයේ පිපි කුසුම
එළි දකී
රංගන ශිල්පිනියක වූ ශ්‍රීමාලි කරුණාරත්නගේ කුලුඳුල් නවකතාව ‘ඉඩෝරයේ පිපි කුසුම’ දැන් එළි දක්වා තිබේ. ජීවිතය දිනන්නට උත්සාහ කරන සඳලි යන තරුණියකගේ ජීවන අන්දරය මෙම කෘතිය ඔස්සේ විද්‍යාමාන කෙරේ. ශ්‍රීමාලි ප්රකාශනයක් ලෙස මුද්‍රණය වන මෙය ධනාත්මක චින්තනය ඇතිකරවන ග්රන්ථයක් බව රචිකාව පවසයි. කුරුණෑගල උපන් ශ්‍රීමාලි කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යාවකි. වැස්ස නුඹ වාගේ, වැහිලිහිණි, අරුන්දතී ආදී ටෙලි සිතුවම් රැසක චරිත මවා ඇත.
|