|
මේ SMS ප්‍රතිචාර තීරයයිවේශ නිරුපණ කලාවේ ප්‍රතිභාපූර්ණ මහා යුග පුරුෂයකු ලෙස කිරුළු පැළැඳි ඊබට් විජේසිංහ ශිල්පියාණෙනි, ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද? විරාජ් නිකවැරටිය
‘අග්නි’ පවුලේ සැමට එකට නැරැඹිය හැකි ටෙලි නාට්‍යයකි. එය කලකට පසුව විකාශය වන හරවත් අන්දමේ නාට්‍යයක් බව ද කියමි. යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය
සුජාත දියණිය හොඳයි. එහි ගුවන් කාලයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය නොවෙනවා නම් තවත් හොඳයි. ශාලිකා දෙහිඕවිට
චාමර වීරසිංහගේ සිංදු කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ. තව තවත් අප වෙනුවෙන් ගයන්න. සංජු අවිස්සාවේල්ල සිංහල රිදී තිරය රනින් බැබල වූ සුජාතා අත්තනායකගේ මධුර ස්වරය සදා අප සිතෙහි රැඳී තිබේ. චන්දික නිශාන් බණ්ඩාරවෙල
අතිශය ජනප්‍රියත්වයට පත් පබා ටෙලි නාට්‍යයේ අජන්තගේ චරිතය රඟපෑ දක්ෂ සටන් ශිල්පියාට අප ගොඩක් ආසයි. නම නොදන්නනවා වුව ද අජන්ත අයියා ලෙස මම ඔබව හඳුන්වමි. ඉතින් අජන්ත අයියේ කොතරම් චණ්ඩීන් උන්නත් ඔබට සම කරන්නට අයකු නැහැ. ඒකයි තවමත් අපට ඔබව මතක. දිලන්ත, මෙනුරි, සොනාලි, සඳකැළුම් සහ හර්ෂි මාබෝල
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා නිර්මාණය සිංහල සිනමාවට පිදුණ සාර්ථක පූජනීය දායාදයකි. සංක පානදුර
වැහිලිහිනි ටෙලි නාට්‍යයේ සරත් කරුණාරත්නගේ රංගනය නිසා පිරුණු බවක් දැනෙනවා. චතු ගිරිඋල්ල
සඳා ටෙලි නාට්‍යයේ සඳා ලෙස රඟන නිලුක්ෂි ප්‍රනාන්දු පුංචි තිරයේ අලුත්ම තාරකාවයි. ඇය කෙටි කලකින්ම ජනප්රියවීමට සමත් විය. තරංග ලන්සක්කාර උඩුබද්දාව
ධනංජය සිරිවර්ධනට, ඔහු ඉතාමත් කඩවසම්. දක්ෂයි. කාවින්ද රශ්මික කැලණිය
දුප්පත් කෙල්ලයි, පොහොසත් කෙල්ලයි, දුෂ්ටයයි, විකටයයි, පෙන්නපු අපේ මෙගා නාට්‍යවලට හොඳ අතුල් පහරකි සුජාත දියණි මාලා නාටකය.නාට්යයකරුවනි දැන්වත් වෙනස් විදිහට හිතන්න. මංජුල පෙරේරා කටුනේරිය
ඇතැම් ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් හැත්තෑව අසූව දශකවල ගායික ගායිකාවන්ගේ නම් නොදනියි. අසන්නන්ගේ නම්වලටම එම නමත් එකතු කිරීම ඉතා කණගාටුය. මේවා නිසා මං මුලා වෙන්නේ අසන්නෝය. දමයන්ති කුමාරි හොරණ
පුංචි දරුවන්ගේ සිහින ලෝකය පුංචි වීරයෝ හරහා පුංචි තිරයේ මැනවින් ඔපවත් කළ ලාංකේය සිනමාවට සුරූපී පූජාව හඳුන්වා දුන් අධ්‍යක්ෂණයෙන් රසික මනදොල පින වූ චන්න පෙරේරා කලාකරුවාණෙනි, අප කලා නිම්නයට ඔබ අගනා වූ මැණිකකි. චතුරංග සම්පත් තැන්තැන හංවැල්ල
හැත්තෑව දශකයේ සිට ගායන ලෝකය දික්විජය කළ විශිෂ්ට ගායන ශිල්පී ගුණදාස කපුගේ වියෝ වී දශකයක් ද ඉක්ම ගොසිනි. එනමුදු ඔහුගේ ගැඹුරු හඬින් ගැයුණ දවසක් පැල නැති හේනේ ගීතය මෙලොව පවතිනු ඇතැයි මම විශ්වාස කරමි. මන්දයත් එය මා ඇසූ විශිෂ්ටතම මවු ගුණ ගීය වන බැවිනි. සරත් මද්දුමආරච්චි මතුගම
කටපුරා නිළියක් යැයි කිව හැක්කේ අයිරාංගනී සේරසිංහ පමණි. මංගලිකා දැඩිගමුව
ඉසුරු සංග්‍රාමයේ චතුරිකා පීරිස්ගේ ඩබල් ඇක්ටිං මරු. කවිඳු වැල්ලම්පිටිය
සිංහල දමිල බේදයකින් තොරව බලන්න හැකි චිත්‍රපටයකි ඉනියවන්. රණවක ගනේමුල්ල
ප්‍රසන්න ජයකොඩිගේ නවතම චිත්‍රපටය වූ 38 ශ්‍රී නැවුම් ආරක චිත්‍රපටයක් වේවා. යසස් මහබාගේ
නිරෝෂා තලගලට, ඔබ ඒකකාරී චරිත රටාවෙන් මිදී විවිධ පරාසයන් ඔස්සේ හැකියාව ප්‍රකාශ කිරීමට හැකි නිර්මාණයන් සමඟින් හැමදාම අප අතර ඉන්න. විරාජ් දුෂ්මන්ත හලාවත
ආත්මා ලියනගේ ගේ නවතම ගීතය වූ ‘හිත දුර හන්දා’ ගීතය ආත්මා මුල් යුගයේ ගැයූ ගීතයන්ට නෑදෑකමක් දක්වනවා කියලා මට හිතෙනවා. මන්දයත් ඔහුගේ පැරැණි ගී ශෛලියට එය ඔහු ගයා ඇති නිසා. ආයෙමත් ආදරයෙන් ගීතයට ඔහු රූප රචනයක් නොකළාට මෙම ගීතය සඳහා නම් රූප රචනයක් කරන්නට යැයි ඇරැයුමක් කරනවා. ලක්මාලි වරකාපොල
රංගනයේ අංක එකටසිංහල සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා තාත්විකව රංගනයෙන් අංක එකට සඳහන් කළ හැකි දක්ෂම නළුවන් දෙදෙනා මාක් සමරනායක සහ ඩොමී ජයවර්ධන බව අවිවාදයෙන් පිළිගත හැකිය. සුනිල් චන්ද්‍රසේකර කොටුගොඩ
මෙහෙය උතුම්රුක්මණී දේවි මියගිය විසිපස් වසර පුරා වෙහෙස දරාගෙන ඇගේ නමින් සංගමයක බර කරපින්නාගෙන සැඩ සුළඟට මුහුණ දෙමින් උඩුගම් බලා පිහිනන හෙන්රි ප්‍රියශාන්ත නම් කලාකරුවාණෙනි ඔබ සිදු කරනා ජාතික මෙහෙවර අගයමු අප
කලා භූෂණ, නාට්‍යවේදී ඊ. ඩී. ශ්‍රියාපාල
රංගනය උසස්ගයනා සුදර්ශනී ‘සුදු හාමිනේ’ වැනි ටෙලි වෘතාන්තවල ඉතා ප්‍රබල රංගනයක යෙදුනා අපට තවමත් මතකයි. මේ සුරම්‍ය පාරාදීසේ හි ඇයගේ රැගුම් දැකුම්කළුයි. ක්ලෝඩ් ද ලිවේරා නාලිනී ද ලිවේරා මීගමුව
වෙනස වෙනසක්සෑම බදාදා දිනකම රාත්‍රී දහයට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය කරන වෙනස වැඩසටහන පුදුමාකාර වෙනසකි. වෙනස වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරනු ලබන නිවේදක දෙපොළ ද අනර්ඝයි. තිලකරත්න විල්වල කෑගල්ල
සදා අමරණීයයිහැට හැත්තෑව දශකවල අතිශයින්ම ජනප්‍රිය නවකතාකරුවකු වූ ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති නාමයෙන් හැඳින්විණ. ඒ ඔහු ලියූ කතාවල ඇති ත්‍රාසය හා භීතිය නිසාය. 1958 දී ගංතෙර හොල්මන කතාවෙන් ග්රන්ථ රචනය ඇරැඹි ඔහු මිය යන විට පොත් දහසකට ආසන්න ගණනක් ලියා තිබිණ. ඔහුගේ බොහෝ කතාවල රහස් පරීක්ෂක වීරයා ඩිකී වීරකෝන්ය. ඩ්‍රැකියුලාගේ මනාලිය, බදුල්ල එක්ස්ප්‍රස්, ජේමිස් බණ්ඩා, බැංකු හොරා, මරණයට වංචා කළ මිනිසා, ගිජුලිහිණියා ඇතුළු ඔහු ලියූ සෑම පොතක්ම ඉතාමත් ජනප්‍රිය විණ. එම පොත්වල මිල ශත 50, 60 ආදී මිලයන්ගෙන් යුක්ත වූ නිසා පොඩි මිනිසා ද පොත් කියවීමට පෙළඹුණේය. අද ආචාර්ය, මහාචාර්ය, සාහිත්‍යධරයින් එදා ඔහුගේ පොත්වලින් ආභාෂය ලැබුවෝ වෙති. මේ දෑස කුමටද, සූරයා සූරයාමයි, සංගීතා, දාමරිකයින්, හිතක පිපුනු මල් වැනි චිත්‍රපට ඔහුගේ තිර රචනාවේ. මෙරට ප්‍රථම සිනමා සඟරාව වූ රිදී තිරය ද ඩීමන්ගේ සංස්කරණයකි. මෙවන් අගනා මෙහෙවරක් කළ ඩීමන් සදා අමරණීය චරිතයකි. ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ආරාධනාවක්ගායන ශිල්පී චන්දන ලියනආරච්චි අප මතකයට එන්නේ පොල් රුප්පාවේ ගීතයෙනි. සිත පරව ගියා, රන් තාරකා, මුතු මාල හතක් වැනි ගීත ඔස්සේ මේ ලයාන්විතයා ජනතාව පිනවීය. මෑතකදී ඔහු ගැයූ පිනි වහිද්දී ගීය රූප රචනා කොට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලමි. තවත් ප්‍රේම ගීත ගයන්න යැයි ද ආරාධනාවක් ද කරමි. ප්‍රවීන් දිසානායක හෝකන්දර යසෝදාව දෙවන කොටස ලියන්න ලේඛකයන්ට ආරාධනාඅභාවප්රාප්ත ප්‍රවීණ ගතකතුවර ජයසේන ජයකොඩි සූරීන් විසින් ලියන ලද යසෝදාව නවකතාවේ දෙවැනි කොටස නිර්මාණය කිරිම සඳහා දයාවංශ ජයකොඩි සහ සමාගම දක්ෂ ලේඛක ලේඛිකාවන්ට ඇරියුම් කරයි. හොඳම නවකතා නිර්මාණය වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසු එහි කර්තෘභාගය අදාළ ලේඛකයාට ලබාදීමට ද කටයුතුª යොදා ඇති බව එම සමාගම දන්වා සිටියි. මේ සඳහා තමන් විසින් නිිර්මාණය කරන ලද ‘යසෝදාව - 2’ කෘතියේ අත් පිටපත ඉතා පැහැදිලිව හා නිරවුල්ව සකසා ලබන ජූනි 30 වැනිදාට පෙර කොළඹ 10, මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගම වෙත ලැබිමට සලස්වන ලෙස ඉල්ලා සිටියි. |