|
යාය හතර රස කතාහොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ
යාය 4 අධ්‍යක්ෂවරයා ගැන වැඩි යමක්.
යාය 4 ඔහුගේ තෙවැනි අධ්‍යක්ෂණය වේ. අයාල් සහ යාය 4 අතරමැද ඔහුගේ තවත් නිර්මාණයකි. ඒ පියවි වේ. සාම්ප්‍රදායික රාමුවෙන් මිදුන ‘පියවි’ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ශනය දිනා ගැනීමට සමත් වූහ. නව මං පෙත් සොයා යන යොවුන් අධ්‍යක්ෂවරයකු ලෙස චාමරව හඳුන්වා දීම ඉහත නාට්‍ය උදාහරණ තුනම සෑහේ ය.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර පීරිස් ගැන මීට ප්‍රථම සරසවිය පුවත්පත ඔස්සේ අප කතාකර ඇත්තෙමු. අයාල් සහ පියවි යන වෙනස්ම ආරක ටෙලි සිතුවම් පුංචි තිරයට දායාද කළ හෙතෙම අයාල් වෙනුවෙන් පසුගියදා පැවති රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ සම්මානනීය විය. ඒ 2011 වසරේ හොඳම නාට්‍යය වෙනුවෙනි. චාමර එසේ සම්මාන ලැබූ මොහොතේදී අප මේ සූදානම් වනුයේ ඔහුගේ අලුත්ම ටෙලි සිතුවම වන යාය 4 ගැන වෙනස්ම ආකාරයක සටහනක් ගෙත්තම් කිරීමටය.
එය ස්වර්ණවාහිනිය ඔස්සේ බාල මහලු කොයි කාගේත් ප්‍රසාදය මධ්‍යයේ දිග හැරෙන්නේ කොල්ලා
කෙල්ල, දුෂ් කොළඹ සහ බෙලිහුල්ඔය අවට ප්‍රදේශයන්හි රූගත වන යාය 4 හි කැමරාව ඉදිරියේ සිදුවන දෑ පුංචි තිරයේදී ඔබට දැකගත හැකි වුවත් ඉන් පසුපස සිදුවන දෑ දැනගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඇත්තම කිව්වොත් එම සිදුවීම් බෙහෙවින්ම රසවත්ය. මේ වෑයම එවන් වූ සිදුවීම් කිහිපයක් ඔබ ඉදිරියේ තැබීමටය. මේ රසවත් කතා අහුර වටින්පිටින් සොයාගත් ඒවා වීම විශේෂත්වයක්ය. මේවා මෙතැන සනිටුහන් වනුයේ කාගේවත් හිත රිදවීමට නොවන බව ද මෙහිදී සඳහන් කරන්නෙමු. යාය 4 හි පාරමී හෙවත් ඩිනක්ෂි ප්‍රියසාද් ගැන පළමු සිද්ධිය මෙසේ ලිය වෙන්නේය. කුඹුරක නියරක් මැදින් ඇය පැමිණෙන දර්ශනයක් රූගත කරන්නට තිබිණ. එම නියර සාමාන්‍ය පටු නියරක් නොව අඩි තුනකටත් වඩා පළල එකක්ය. චාමර ඇක්ෂන් යැයි විධානය දුන් පසුව ඩිනක්ෂි නියර මැදින් පියවර එසවීමට පටන් ගත්තීය. එහි ඇවිදීම ඇයට නුහුරුය. ඒ බව ඩිනක්ෂිගේ වතමඬලින් මනාව පැහැදිලි විය. ක්ෂණයකින් ඇගේ පය පැටලිණ. ඊළඟ මොහොතේ ඩිනක්ෂිව දැකගන්නට ලැබුණේ මඩ ගොහොරු පිරුණු වෙලෙහිය. ඇගේ සියුමැලි වතෙහි මඩ රටා රාශියක්ය. දර්ශනය පසුවට කල් තැබූ චාමර ‘කට්’ වෙනුවට කීවේ ඇයව හොඳට නාවා ගෙනෙන ලෙසයි. ඇයව දුටු ඕනෑම අයකුට සිනහ පහළ නොවුණා නම් පුදුමයක්ය. මීළඟ කතාව ලිය වෙන්නේ යාය 4 නුවංග අළලාය. නුවංග වනුයේ එරංග ජීවන්තය. සමහර දර්ශනවලදී එරංග සමඟ අමුත්තකු සිටියේය. ඒ වෙනින් කවුරුවත් නොව බෙලිහුල්ඔය ගමෙන් සොයා ගත් සුරතල් සුනඛයෙක්ය. ඌ එරංග හා හීලෑ වූ තරම කෙසේද යත් ඔහු යන යන තැන සුනඛයා ද පැමිණෙන්නට විය. එරංග දෙන කෑම බීම ද ඌ බුරා ඉල්ලුවේය. අවසන යාය 4 නිෂ්පාදන කණ්ඩායමට ඌව මහත් කරදරයක් විණ. එයට ද කර ගහන්නට වූයේ අධ්‍යක්ෂ චාමරටය. ඔහු එරංග සහ සුනඛයා සිටින දර්ශන එක දිනයන්ට පෙළ ගස්සවා ඉක්මනින් රූගත කෛාට සුනඛයාව ඉතා අපහසුවෙන් අයිතිකරුවන්ට ලබා දුන්නේය. කෙසේ හෝ ඌට එරංගගේ ගිය ආත්මයේ පෙම්වතියක් යැයි නමක් ද පටබැඳිණ. මේ සටහනෙහිදී බිමල් ජයකොඩි යන නම සඳහන් නොකර බැරිය. මේ වන විට ඔහු යාය 4 නිෂ්පාදන කණ්ඩායමේ සහ නළු නිළියන්ගේ අවධානයට පාත්‍ර වෙමින් සිටින්නේය. ඒ ඔහු මිලදී ගත් අලුත්ම අයිපෝඩ් ජංගම දුරකථනය නිසාය. පිරිස කියූ පරිදිම බිමල් එය තැන තැන අමතක කර දමා එනුයේ හිතාමතාය. බිමල් ගේ අපූරු ජංගම දුරකථනය
එලෙස ඔහු දර්ශන තලයේ සිටින සෑම අයකුගෙන්ම විමසන්නේය. ඒ පිළිබඳ වැඩිදුර විස්තර සොයා බැලූ මට දැනගන්නට ලැබුණේ තවමත් ඔහු දුරකථනයෙන් කෙටි පණිවුඩ යවන අන්දම සොයා ගෙන නැති බවය. චාමර යන යන තැන කෘමි නාශක බෝතලයක් රැගෙන යයි යාය 4 අධ්‍යක්ෂ චාමර පීරිස් පිළිබඳව මෙතෙක් නොකියූ රහසක් නම නොකියූ නිෂ්පාදන කණ්ඩායමේ අයකු හෙළි කළේය. ඒ චාමර යන යන තැන රැගෙන යන කෘමි නාශක ඉසින බෝතලයක් ගැනය. මුලදී කණ්ඩායමට එය මහත් ප්‍රහේළිකාවක් විය. නමුත් පසුව සොයා ගත්තේ චාමර කැරපොත්තට බෙහෙවින් බය නිසා එම නාශකය රැගෙන යන බවය. රූගත කෙරෙන කාලයේදී එරංග විසින් ඩිනක්ෂිට අපූරු ලණුවක් දී ඇත්තේය. ඒ ‘ලස්සන වන්නට තැඹිලි බොන්න’ යන්නය. එය අසා ඇය දිනකට තැඹිලි ගෙඩි පහක් පමණ බීවාය. තමාව රැවටුවා යැයි ඩිනක්ෂි දැනගන්නා විට දින හතරක් පහක් ඇය එක දිගට තැඹිලි බී අහවරය. යාය 4 රූගත කරද්දී සිදු වූ තවත් සිදුවීම් අනන්තය, අප්‍රමාණ්‍ය. ඒවායින් සමහර ඒවා මෙතැන සටහන් කළොත් බොහෝ දෙනෙකුගේ චරිතයන් ඝාතනය වනු නිසැකය. අවසන්කොට යාය 4 කැමරාව පිටුපස සිදු වූ සොඳුරු සිදුවීමක් මෙලෙස ලියවෙන්නේය. ටෙලි සිතුවමේ විදේශිකයන් පිරිසක් ද රංගනයේ යෙදෙන්නේය. සිංහල වචනයක්වත් නොදැන යාය 4 නිෂ්පාදන කණ්ඩායම සමඟ රූගත කිරීම්වලට සහභාගි වූ ඔවුහු දවස් කිහිපයක් ගත වූ තැන සිංහලෙන් කතා කිරීමට පටන් ගත්තේය. කෙටියෙන්ම කිව්වොත් නාට්‍යයේ නම ඔවුන් මුල් කාලයේ කීවේ යාය ෆෝ(ර්) කියාය. නමුදු ක්‍රම ක්‍රමයෙන් ඔවුහුද එලෙස නොකියා ‘යාය හතර’ යැයි අමු සිංහලෙන්ම නාට්‍යයේ නම කීවෝය.
යාය 4 නළු නිළි කණ්ඩායම:
රොකී - සාරංග දිසාසේකර නිර්මාණ දායකත්වය:
කතාව සහ අධ්‍යක්ෂණය -
චාමර පීරිස්
|