|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘ටෙක්සාස් චේන්සෝ 3D’ හොලිවුඩ් චිත්‍රපටය ටෙක්සාස් චේන්සෝ චිත්‍රපට මාලාවේ හත් වැනි චිත්‍රපටයයි. ජෝන් ලූසෙන්හොප් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩ්රියෝ, ඩැන් යේගර්, ට්‍්‍රමැයින් නෙවර්සන්, ටානියා රේමොන්ඩ්, තොල බැරී, පාවුල් රේ, බිල් මොසෙලි ප්‍රධාන චරිත නිරූපණය කරති. ටෙක්සාස් චේන්සෝ මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුතු වේ.
The Odd Life of Timothy Dreen ‘දි ඔඩ් ලයිෆ් ඔෆ් තිමොති ග්‍රීන්’ හාස්‍යමය පවුලේ චිත්‍රපටයක්. පීටර් හෙප්ස් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 104 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙනිෆර් ග්‍රානර්, ජොඑල් එඩ්ගර්ටන්, සි ජේ ඇඩම්ස්, ඔඩෙයා රෂ්, ඩ්ඇනී විසක්ට්, රොස්මෙරි ඩිවීට්, රොන් ලිවින්ස්ටන්, ඩේවිඩ් මෝර්ස් මෙහි චරිත නිරූපණය කරති.
‘හේවියර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 93 ක ධාවන කාලයක් රැගත් මෙහි ජිනා කරානෝ, මයිකල් ෆැසෙබෙන්ඩර්, ඊවන් මැක්ග්‍රෙගෝර්, බිල් පැක්ස්ටොන්, ෂෙනින්ග් ටැටුම්, ඇන්ටෝනියෝ බැන්ඩෙරාස්, මයිකල් ඩග්ලස් චරිත සඳහා පණ පෙවති.
විශිෂ්ට සිනගමාකරුවකු වන ඩස්ටින් හොෆ්මන් අධ්‍යක්ෂණය කළ ‘ක්වාර්ටෙට්’ හාස්‍යමය සිදුවීම් ඇතුළත් හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු 98 ක ධාවන කාලයක් රැගත් මෙහි මැගී ස්මිත්, ටොම් කෝර්ටෙනේ, බිලී මොනෝලි, පවුලින් කොලින්ස්, මයිකල් ගැමිබොන්, ෂෙරිඩන් ස්මිත්, ඇන්ඩෲ සැච් ප්‍රධාන චරිත නිරූපණය කරති.
ජැනෙටි ඉවැනොවිචිගේ වන් ෆෝ ද මනී නවකතාව ඇසුරින් නිර්මාණය කළ ‘වන් ෆෝ ද මනි’ හාස්‍යමය චිත්‍රපටයක්. ජුලි ඈන් රොබින්සන් අධ්‍යක්ෂණය කළ මෙහි කැතරින් හිග්ල්, ජේසන් ඔමාරා, ඩැනියෙල් සුන්ජාතා, ජෝන් ලෙගියුසමෝ, ෂෙරි ෂෙපර්ඩ්,සි බී රෙනෝල්ඩ්ස් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. වන් ෆෝ ද මනී මිනිත්තු 91 ක ධාවන කාලයකින් යුතු වේ.
The Loneliest Planet
ජූලියා ලොක්ට්ව් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ගේල් ග්‍රාසියා, හැනි ෆර්ස්හෝබර්ග්, බිඩ්සිනා ගුඩ්ජාබිඩ්ස ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘තන්ඩර්ස්ට්‍රක්’ බාස්කට් බෝල් ක්‍රීඩාවට ප්‍රිය කරන පිරිමි ළමයකු වටා ගෙතුන කතා පුවතක් රැගත් පවුලේ චිත්‍රපටයක්. ජෝන් විටිසෙල් විසින් අධ්‍යක්ෂණය කළ මේ සඳහා ටේලර් ග්‍රේ, ජිම් බෙලුෂ, බ්‍රැන්ඩන් ටී. ජැක්සන්, ඩොත් ෂෝ, කෙවින් ඩුරාන්ට් රංගන දායකත්වය ලබා දෙති. තන්ඩර්ස්ට්‍රක් මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ක්යා සුපර් කෝල් හේන් හම්’ හාස්‍යමය හින්දි චිත්‍රපටයක්. සචි යාර්ඩි විසින් අධ්‍යක්ෂණය කළ මේ සඳහා තුෂාර් කපූර්, රිතේෂ් දේස්මුක්, ඇන්ජෙලා ජොන්සන්, නේහා ෂර්මා, සාරා ජේන්, චන්කි පාන්ඩේ, රෝහිත් ෂෙට්ටි, මහ්රු ෂේකි සහ කෙවින් ඩේවි ප්‍රදාන චරිත සඳහා පණ පොවති.
|



Texas
Chainsaw 3D
Haywire
Quartet
One
For The Money
‘ද ලෝන්ලිස්ට් ප්ලැනට්’ ත්‍රාසජනක කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සංචාරයේ
යෙදෙන තරුණ යුවළක් මුහුණ දෙන සිදුවීම් ඇතුළත් මෙය මිනිත්තු 113 ක ධාවන කාලයකින්
යුක්ත වේ.
Thunderstruck
Kyaa
Super Kool Hain Hum