වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




Fun Music
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය

Fun Music

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

රොමේෂ්ගේ නව ගීතය

නෙතු හමුවෙලා මේ රෑ පුරා හීන මවලා
හිස පිරිමැදලා හමු වි එදා
දෑත බැඳිලා
හීන මැවූ ආදරේ දෙදරා ගියා
තවම නුඹ මා සිතේ සැඟ වී සදා
 

ගායනය - රොමේෂ් සුගතපාල

පද රචනය - ශෙහාන් ගලහිටියාව

සංගීතය - චානක අමිත්

සංගීත සංයෝජනය - රොමේෂ් සුගතපාල

ගීතයේ මිශ්‍රණය - අමිත් ගුරු

මියුසික් වීඩියෝවහි ඉදිරිපත් කිරීම - කොළඹ 16 වීඩියෝ ටීම්

මෙය රොමේෂ් සුගතපාලගේ නවතම ගීතයයි.

 

අහිමි වුණත්

   

අහිමි වුණත් ඔබට තවත්
පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා
කියා පතන් නෑ
 

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

පද රචනය - සචිත් වී චතුරංග

සංගීතය - රධීෂ් වැන්දබෝනා

මියුසික් වීඩියෝවේ ඉදිරිපත් කිරීම - හාට්බීට් ක්‍රියේෂන්

 

දුකම විඳලා

දුකම විඳලා ඔයා හින්දා
තවම මං නැහැ සතුට ලබලා
සිතුම රිදවා ගියා කියලා
ඔබට නැහැ මං වෛර කරලා

කලබල වෙලා පුංචි දේටත්
රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියා නම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා


ගායනය - රුවන් හෙට්ටිආරච්චි

පද රචනය - සචිත් වී චතුරංග

සංගීතය - රුවන් වල්පොළ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - කසුන් කාවින්ද, සුජිත් රාජපක්ෂ

 

පැරැණි ගී ආරෙන්

සුදෝ ඇයි තරහින් වගේ
මගේ නෑ ප්‍රමාද දෝසෙ
 

ගායනය - මංජුලා සෙව්වන්දි

පද රචනය - නිලාර් එන්. කාසිම්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - මාධව විජේසිංහ

දෙරණ ඩ්‍රීම්ස්ටාර් පස් වැනි අදියරෙන් කල එළියට ආ මංජුලා පැරැණි ගායිකාවන් අනුගමනය කිරීමට සමත් ගායිකාවකි. ඇගේ පළමු ගීතය වන මෙය එම පැරැණි ගීතයක ආකාරයෙන් නිර්මාණය වී ඇත.