අභිෂේකා ශාස්ත්‍රපති උපාධි ලබයි
අභිෂේකා ශාස්ත්‍රපති උපාධි ලබයි

ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර පිළිබඳ අලුත් ආරංචියක් තියෙනවා. ඒ කොළඹ
විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් කාරණය. වයස
අවුරුදු දහසයේදී භාත්ඛණ්ඩේ විශාරද උපාධිය සම්පුර්ණ කළ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ
ශාස්ත්‍රවේදී උපාධිධාරිණියක් ද වෙනවා.

නුදුරේදී ඇය තම අලුත්ම ගීත දෙකක් රසික රසිකාවන්ට තිළිණ කිරීමට සූදානමින්
සිටිනවාලු. සුනිල් විමලවීර විසින් රචිත එම ගීත දෙකෙහි සංගීතය සිරිල් පෙරේරා විසින්
නිර්මාණයකර තිබෙනවා.
|