වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




වාසලගේ අලුත් ගීතය

වාසලගේ අලුත් ගීතය

වාසල චින්තක නව පරපුරේ ගායන ශිල්පියෙකි. ඔහුගේ නවතම ගීතය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණි. එය නම් කොට ඇත්තේ සිත තවම විදින දුක යනුවෙනි.

මෙය මගේ දෙවැනි ගීතය මේ දිනවල පවතින විරහ ගීත රැල්ලට මමත් තව ගීතයක් එකතු කළා නොවෙයි. මේක විරහ ගීතයක් නමුත් වෙනස් ගිතයෙහි පද රචනය සහ මෙලඩිය මගෙ සංගීතය අමිත් ගුරු විසින් සැපයුවා. මේ වනවිට ගීතය සඳහා ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මා වෘත්තියෙන් සංගීත ශිල්පියකු නෙවෙයි. පෞද්ගලික ආයතනයක සහකාර අලෙවි කළමනාකරු හැටියට සේවය කර ගමන් තමයි සංගීත කටයුතුවල නියැලෙන්නෙ. කාලයක් මං සංගීත කණ්ඩායමක හිටියා. අසංක පි‍්‍රයමන්ත පීරිස් සහ රුකාන්ත ගුණතිලකගෙ ගීත තමයි කිව්වෙ. මං ඉගෙන ගන්නෙ එඩේරමුල්ල විද්්‍යා සාධක මහ විදුහලෙන්. පදිංචිය වත්තල. මේ ගීතයෙන් පසුව මං තවත් ගීයක් ගැයීමට බලාපොරොත්තු වනවා. ඒක වේග රිද්මයේ එකක් වේවි. "සිත තවම විදින දුක" යනුවෙන් ටයිප් කොට යුටියුබ් හරහා මගෙ ගීත රසවිදීමට හැකියි.