වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




තරමක් සුව අතට

තරමක් සුව අතට

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන කතා කරද්දී බොහෝ දෙනෙකු සංවේගයට පත් වෙනවා. ඒ ඔහු හදිසියේම රෝගාතුර වුණ හින්දා. අපේ සිත් පැහැර ගත් ඒ අපූරු හඬ නැවතත් අසන්නට කැමැත්තෙන් සිටින අපි හැමෝම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ප්‍රින්ස්ගේ අලුත්ම වගතුග කොහොමද? අපි ඒ ගැන පොඩ්ඩක් විමසලා බැලුවා. ප්‍රින්ස් හිටියට වඩා 70% පමණ සුව අතට හැරිලා. මේ වන විට ඔහුව රෝහලෙන් නිවසට ගෙනල්ලලු. ඒත් තවමත් ප්‍රින්ස්ට හරි හැටි කාවවත් වැඩිය හඳුනා ගන්නත් බැරිලු. වෛද්‍යවරු පවසන්නේ ප්‍රින්ස්ට තව ටිකක් රෙස්ට් කරන්න කියලා. මේ සටහනට ප්‍රින්ස්ගේ ආදරණීය නැඟණිය කිව්වා තව පොඩි දෙයක් එකතු කරන්නයි කියලා. ඒ ප්‍රින්ස්ට මූල්‍යමය වශයෙන් සහ අනෙක් හැකි අයුරින් උදව් කළ හැමෝටම ස්තුතියි කියන කාරණය.