වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ ප්‍රේමය 200 වැනි කොටස හෙට

වස්සානයේ ප්‍රේමය 200 වැනි කොටස හෙට

මේ දිනවල හිරු නාළිකාවෙහි විකාශය වන ජනප්‍රියතම ටෙලි සිතුවමක් වන වස්සානයේ ප්‍රේමය හි දෙසීය වැනි කොටස හෙට විකාශය වේ. ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළ මෙහි සාරංග දිසාසේකර, ශලනි තාරකා, මීනා කුමාරි, අජිත් වීරසිංහ, කමල් දේශප්‍රිය, ධනංජය සිරිවර්ධන, කාවිංග පෙරේරා, රුවංගි රත්නායක, නිරෝෂන් විජේසිංහ, හයිසිත් විජේරත්න, නිලන්ති විජේසිංහ, මේධා ජයරත්න, සුලේඛා ජයවර්ධන, රුක්ෂානා සහ චමීර ශානක ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

ආදරය ගින්දරක් 1 දා සිට

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම ටෙලි සිතුවම ආදරය ගින්දරක් මෙම මස පළමුවැනිදා සිට සතියේ දින හතේම රාත්‍රී 7.30 ට සිරස නාළිකාවේ විකාශය ඇරැඹිණ,

විශ්ව කොඩිකාර, හඳුන්වා දෙන දුෂෙනි මියුරංග සමඟ ඩග්ලස් රණසිංහ, ජනක් ප්‍රේමලාල්, ගාමිණී හෙට්ටිආරච්චි, සම්පත් ශ්‍රී රෝෂන්, නයනා කුමාරි, කමල් දේශප්‍රිය, චන්දික නානායක්කාර, මාධනී මල්වත්තගේ, නිල්මිණි කෝට්ටේගොඩ, හේමන්ත ඊරියගම, ලසන්ත උඩුකුඹුර, සංජීවනී වීරසිංහ, ගීතිකා රාජපක්ෂ, ගිවන්ත අර්ථසාද්, මනීෂා නාමල්ගම, රුක්ෂානා දිසානායක, උදය කුමාරි, නුවංගි ලියනගේ, තිලිනි පෙරේරා, නිර්ධා උයන්හේවා, සුසිල් පෙරේරා, සමන් අල්මේදා, ශාන්ත ප්‍රියදර්ශන ඇතුළු පිරිස මෙහි චරිත මවති.

ආදරය ගින්දරක් හි කතාව සුජීව ප්‍රසන්න ආරච්චිගෙනි. ආරියවංශ කුලතිලකගේ රූපවාහිනී රචනයකි. ආදරය ගින්දරක් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහගේ නිෂ්පාදනයකි.