වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




bollywood

අමිතාබ් සමඟ සෙල්ෆියක් !

අමිතාබ් බච්චන් පසුගිය දිනෙක අසාමාන්‍ය අත්දැකීමක් ලබා තිබෙනවා. ඔහුගේ ලෝක ප්‍රකට ජනපි‍්‍රයතාවය නිසාම ලොව කොතැනක ගියත් රසිකයින් වටකරගන්නා බවයි කියවෙන්නේ. පසුගියදා ඔහුගේ රසිකයෙක් පොදු වැසිකිළියක සිටියදී ඔහු හා 'සෙල්ෆියක්' ගැනීමට ඇරයුම් කර තිබෙනවා.

කෙසේ නමුත් අමිතාබ්ට මේ ගැන එතරම් පැහැදීමක් ඇති වෙලා නැහැ. "මට මගේ එක උමතු රසිකයෙක් පොදු වසිකිලියේදීම සෙල්ෆියක් ගැනීමට ආරාධනා කළා. ඔබට එය විශ්වාස කරන්න පුලුවන්ද? මම හිතන්නේ නැහැ එය හොඳ ප්‍රවනතාවයක් කියා. මම ඔහුට ඉන් පිටත ගනිමු යයි යෝජනා කළා" අමිතාබ් කියනවා.

කෙසේ නමුත් අද වනවිට බොලිවුඩ් සිනමාවේ අග්‍රගන්‍යයම නළුවෙක් හැටියට පිළිගැනෙන අමිතාබ්ටත් සිනමාවට ප්‍රවිෂ්ට වීමේදී බාධා නොතිබුනා නොවෙයි. තමා තරුණ කල 'ෆිල්ම්ෆෙයා මධුරි' නම් තරගයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ පින්තූරයත්. ඔහු මෙලෙස ට්විටර් හි සටහන් කර තිබුනා.

සන්ජේ දත් නිදහස් !

"මම මේ දිනය එනකම් වසර 23ක් බලා සිටියා. මා ත්‍රස්තවාදියකු නොවෙයි. මා සිරගත කළේ නීති විරෝධී අවි සම්බන්ධවයි. මාව 1993 බොම්බේ ප්‍රහාරයේ සැකකරුවෙකු කිරීම සාවද්‍යයි."

මෙසේ කියන්නේ පසුගියදා සිය වසර 5 ක සිර දඬුවම අවසන්ව නිදහස් වූ ජනපි‍්‍රය නළු සන්ජේ දත්. සිර ගෙදරින් නිදහස් වූ ඔහු පළමුවෙන්ම කළේ සිය භූමිය සිප ගැනීමත් ජාතික ධජයට ආචාර කිරීමත් බව සඳහන්.

සිය බිරිඳ හා දරු දෙදෙනා සිප වැළඳගත් සන්ජේ තමා සිර ගෙදරදී කඩදාසි කවර සෑදීමෙන් උපයාගත් රුපියල් 440 ක මුදල මේ ප්‍රශ්නයෙන් වඩාත්ම පීඩාවට පත් තැනැත්තිය වන මුදල සිය බිරිඳට භාර දී තිබෙනවා.

"නිදහස කරා ගමන් කිරීම පහසු කටයුත්තක් නොවෙයි මිත්‍රවරුනි" පූනේ ගුවන්තොටුපලේ සිටි මාධ්‍යවේදීන්ට ඔහු පැවසුවා.

දිලිප් කුමාර් නිර්දෝශීයි

1998 වසරේ සිදුවුණා යැයි කියන චෙක්පත් වංචාවකට අදාලව පැරණි ජනපි‍්‍රය නළු දිලිප් කුමාර්ට විරුද්ධ නඩුවක් පසුගිය සතියේ විභාගයට ගැනුණා. ඔහු එකල සභාපතීත්වය දැරූ ව්‍යපාරයකට අදාලව ඔහු සහ තවත් අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු ට එරෙහිවයි මෙම නඩුව ගොනුකර තිබුනේ.

කෙසේ නමුත් දිලිප් සහ තවත් අධ්‍යක්ෂවරයෙක් සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කර ඇති බවයි ආරංචි. අනෙක් අධ්‍යක්ෂකවරුන් දෙදෙනා මේ චෝදනාවට වරදකරුවන් වී තිබෙනවා.

මේ වනවිට 94 වියෙහි පසුවන දිලිප් වෙනුවට උසාවියේ පෙනී සිට ඇත්තේ ඔහුගේ භාර්යාව සසයිරා බානු. ඇය මේ කරුණ සම්බන්ධ ප්‍රශ්නය ඇතිවූ දින සිට දිලිප් වටා රොක් වීසිටි රසිකයින්ට සිය ප්‍රණාමය පළ කරනවා.

ළඟ එන TOIFA

TOIFA හෙවත් 'Times of India Film Awards' 2016 උත්සවය ළඟ ලඟම එන බව ආරංචියි. උත්සවය ආරම්භවීමට නියමිත මේ මස 18 වනදායි. උත්සවය පැවැත්වෙන්නේ ඩුබායි හි ජාත්‍යන්තර කී‍්‍රඩාඅංගනයකයි.

උත්සවයේදී ශාරුක් ඛාන්, වරුන් ධවාන්, ජැකලින් ෆර්ඩිනන්ඩස්, කරීනා කපූර් ඛාන් සහ යෝ යෝ හානී සිංග් ඇතුළු ජනපි‍්‍රිය නළු නිලියන් රැසක් විශේෂාංග ඉදිරිපත් කිරීමට නියමිතයි.

TOIFA පළමු උත්සවය බ්‍රිතාන්‍යයේ කොලොම්බියාහි දී 2013 වසරේ පැවැත්වුණු අතර මෙය දෙවැන්න වනවා. උත්සවය ඉන්දියාව, සෞදි අරාබිය, කටාර්, ඕමානය සහ බ්‍රිතාන්‍ය යන රටවල ප්‍රචාරණය කෙරෙන අතර ලොව පුරා විහිදුනු බොලිවුඩ් සිනමා රසිකයින් උත්සවය නැරඹීමට ඇදී එති සංවිධායකයින් බලාපොරොත්තු වනවා.

සල්මන්ට මරණ තර්ජන

ජනපි‍්‍රය නළු සල්මන් ඛාන්ට එරෙහිව පසුගියදා නාඳුනන දුරකථන ඇමතුමකින් මරණ තර්ජන ලැබී තිබෙනවා. එත් මේ ඇමතුම් ලැබී තිබෙන්නේ නම් සල්මන්ට නොවෙයි. සල්මන්ව මරා දමන බවට දුරකථන ඇමතුම් ලැබී තිබෙන්නේ මුම්බායි පොලීසියට. පොලීසිය ඒ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි ආරංචි. ඔවුන් මේ ඇමතුම් දුන් පුද්ගලයා 'CCTV' කමරාවන්ගෙන් සොයන්න උත්සාහයක යෙදෙන බවයි පැවසෙන්නේ.

පසුගිය 16 වැනිදාත් 17 වැනිදාත් තමයි මේ ඇමතුම් ලැබී තිබෙන්නේ. ඇමතුම් දුන්නේ එක පුද්ගලයෙක්ද නැතිනම් දෙදෙනෙකුද කියා තවමත් සොයාගෙන නැහැ. ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇත්තේ සල්මන් මරා දැමීමට පිරිසක්ම එක්වී ඇති බවයි.