වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




දෙවැනි ගමන

දෙවැනි ගමන

ප්‍රශානි පෙරේරාව මතකද? කලක් ඇය පුංචි තිරයේ ඉතාමත් ජනප්‍රිය තැනැත්තියක් වුණා.

හදිසියේම ප්‍රශානි කලා කටයුතුවලින් සමුගත්තේ කවුරුත් නොසිතූ මොහොතකයි. ඔන්න දැන් ඇය ආයෙත් රංගනයට පිවිසිලාලු. ප්‍රශානිට ආදරේ කරපු හැමෝටම එය නොඅනුමානවම සතුටුදායක ආරංචියක් වේවි.

ඇය රංගනයෙන් ඈත් වෙලා හිටියේ පවුල් ජීවිතයට මුල්තැන දෙන්නලු. දැන් ප්‍රශානි අම්මා කෙනෙක්. ඒ වගකීම් මනාව ඉටු කරලා. බබත් දැන් ටිකක් ලොකු හින්දලු ආයෙත් ප්‍රශානි රංගනයට ඇවිත් තියෙන්නේ. ලාල් ප්‍රියදේවගේ අප්පටසිරි චිත්‍රපටයෙන් ප්‍රශානි සිය රංගන ජීවිතයේ දෙවැනි ගමන අරඹලා. ළඟදීම ටෙලි නිර්මාණවලින් ඇයව දකින්නට ලැබේවි.