වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




රස අභිලාෂා කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ

රස අභිලාෂා කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ

රූපවාහිනිය හා කලා රසඥතාව තේමා කරගත් සංගීතමය විචිත්‍රාංග හා නර්තනාංග ඇතුළත් ‘රස අභිලාෂා’ සංකථන සන්ධ්‍යාව හා ප්‍රාසංගික උත්සවය මේ මස 08 වැනිදා පසුවරු 3.30 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වෙයි.

මේ උත්සවයේ ප්‍රථම භාගය වෙන්වන්නේ ‘රූපවාහිනිය හා කලා රසඥතාව’ අලළා විද්වතකු වන මහාචාර්ය විමල් දිසානායක විසින් පවත්වනු ලබන ශාස්ත්‍රීය දේශනයක් සඳහා ය. මෙහි ද්විතීය භාගය ලෙස පැවැත්වෙන ප්‍රාසංගික උත්සවයට අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, මහාචාර්ය කෝලිතභානු දිසානායක, ඉන්දිකා උපමාලි, නෙලූ අධිකාරී. කපිල පූගලආරච්චි, ජයලත් මනෝරත්න, රත්නා ලාලනී ජයකොඩි යන ශිල්පීහු හා ශිල්පිනියෝ ගායනයෙන් සහය වෙති.

රවිබන්ධු විද්‍යාපති නිර්මිත නර්තනාංග කිහිපයක් ද රස අභිලාෂා වර්ණවත් කරයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් හා කලාකරුවන් රැසකගේ පැමිණීමෙන් පැවැත්වෙන රස අභිලාෂා කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු ම පීඨ සඳහා විවෘත ය. මේ උත්සවය සංවිධානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයයි.

කොළඹ ජාත්‍යන්තර රංගකලා උලෙළේ වැඩමුළු මාලාවට අයැදුම්පත් කැඳවයි

කොළඹ ජාත්‍යන්තර රංගකලා උලෙළ - 2016 මෙවරත් අප්‍රේල් මාසයේ දී පැවැත්වෙයි. මේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට සමගාමීව අප්‍රේල් 02 වැනිදා සිට 3, 4, 5, 6 දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන වැඩමුළු මාලාව සඳහා ඉදිරිපත් වන්නන් මේ මස 15 වැනිදාට පෙර අයැදුම්පත් යොමුකළ යුතුවෙයි.

නර්තනය, රංගනය, පිටපත් රචනය ආදී වශයෙන් විවිධ විෂයන් යටතේ පවත්වන මේ වැඩමුළු සඳහා සහභාගි වන්නන් සම්පූර්ණ කරන ලද අයැදුම්පත ඪදබඥචජබචපබඵත@ඨථචඪත.ජධථ යන ලිපිනයට යොමු කළ යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0777751819 හෝ 0777783399 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.