වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මතින් තොර රටක් සංගත තැටිය පිළිගන්වමින්

මතින් තොර රටක් සංගත තැටිය පිළිගන්වමින්

‘ගඟබඩ සිටි හේවරාළ’ නම් ගීතය ගයමින්, ‘අම්බලමක නඩේ’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක් නිෂ්පාදනය කළ, රසිකයන්ගේ ආදරය දිනූ පීටර් වෙදමුණි ‘මතින්තොර රටක්’ නමින් ගීයක් ගැයුවේ ය. පද රචනය හා තනු නිර්මාණය කරමින් ඔහු මේ ගීතය ගැයුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව සංකල්පයක් අනුව ‘මතින්තොර රටක්’ නිර්මාණය කිරීමේ වැඩසටහනට කලාකරුවකු වශයෙන් දායකත්වය දක්වමිනි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මේ ගීතය ඇතුළත් සංගත තැටිය පීටර් වෙදමුණි පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමාට පිළිගැන්වූ අයුරුයි. ඔහු අසල ම සිටින්නේ පීටර් වෙදමුණිගේ බිරිය සුදීපා වෙදමුණි ය.