වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිකැපි‍්‍රයෝ මුල්වරට හොඳම නළුවා වෙයි

ඩිකැපි‍්‍රයෝ මුල්වරට හොඳම නළුවා වෙයි

ඩික්‍රැපි‍්‍රයෝ

88 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළ පසුගිය පෙබරවාරි 28 වැනිදා කැලිෆෝනියාවේ ඩොල්බි රංග ශාලාවේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබූයේ ටොම් මැකාර්ති විසින් අධ්‍යක්ෂණය කළ Spotlight චිත්‍රපටය යි.

The Revenant චිත්‍රපටය මෙවර උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාව වූ සම්මාන 12කට නිර්දේශ වී සිටියත් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගත්තේ සම්මාන 10කට නිර්දේශ වී සිටි Mad Max: Fury Road චිත්‍රපටය යි. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස් ඉනාරීතු හට පිරිනැමිණි. අමෙරිකානු කළු ජාතික අධ්‍යක්ෂවරයෙකු වන ස්පයික් ලී සහ හොලිවුඩ් නිළියක වන ජීනා රෝලන්ඩ්ස් වෙත විශේෂ ගෞරව සම්මාන පිරිනැමුණු අතර අමෙරිකානු නිළි ඩෙබී රෙනොල්ඩ්ස් ජීන් හර්ෂොට් මානව හිතවාදී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

88 වැනි ඇකඩමි සම්මාන උලෙළේ සම්මානලාභීන් :

හොඳම නළුවා - ලියනාඩෝ ඩිකැප්‍රියෝ – The Revenant
හොඳම නිළිය - බ්‍රියේ ලාර්සන් – Room
හොඳම සහාය නළුවා - මාර්න් රිලයන්ස් – Bridge of Spies
හොඳම සහාය නිළිය - ඇලිසියා විකෙන්ඩර් – The Danish Girl
හොඳම ස්වීය තිර රචනය - ටොම් මැකාර්ති සහ ජෝෂ් සින්ගර් - Spotlight
හොඳම අනුවර්තන තිර රචනය - ඇඩම් මැකේ, චාර්ල්ස් රැන්ඩොල්ෆ් - The Big Short
හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය - Inside Out
හොඳම විදෙස් චිත්‍රපටය - Son of Saul – හන්ගේරියාව
හොඳම වාර්තා චිත්‍රපටය – වෘතාන්ත - Amy
හොඳම ගීතය  - "Writing's on the Wall" - Spectre
හොඳම ශබ්ද සංස්කරණය - මාර්ක් ඒ මන්ගිනි, ඩේවිඩ් වයිට් - Mad Max: Fury Road
හොඳම ශබ්ඳ සංයෝජනය - ක්‍රිෂ් ජේකින්ස්, ග්‍රෙග් රුඩොල්ෆ්, බෙන් ඔස්මෝ - Mad Max: Fury Road
හොඳම නිෂ්පාදන සහය - කොලින් ගිස්බන්, ලීසා තොම්සන් - Mad Max: Fury Road
හොඳම සිනමාකරණය - එමානුවෙල් ලුබෙස්කි - The Revenant
හොඳම ඇඳුම් නිර්මාණය - ජෙනී බෙවන් - Mad Max: Fury Road
හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර - ලෙස්ලි වැන්ඩර්වෝල්ට්, එල්කා වර්දේගා, ඩේමියන් මාර්ටින් - Mad Max: Fury Road
හොඳම සංස්කරණය - මාග්‍රට් සික්සෙල් - Mad Max: Fury Road
හොඳම දෘෂ්‍ය ප්‍රයෝග - Ex Machina
 

බ්‍රියේ ලාර්සන්

 

ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස්