වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




සක්කාරං බක් මහේ

සක්කාරං බක් මහේ

ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවකු වන ආචාර්ය ධර්මසේන පතිරාජයන් දිගු කලකට පසු නිර්මාණය කළ සිනමාපටය සක්කාරං එළඹෙන අප්‍රේල් මස රිද්මා ප්‍රමුඛ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. චම්මින්ද වෙලගෙදරගේ සක්කාරං නමැති සම්මානනීය නවකතාව ඇසුරෙන් තැනූ මෙය එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. බිමල් ජයකොඩි, ප්‍රසාදිනී අතපත්තු, ගයාන් වික්‍රමතිලක, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, සරත් කොතලාවල, ඩබ්ලිව්. ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් ඇතුළු පිරිස රඟපාති.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙය වූ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නදීක ගුරුගේ ගෙනි. එල්මෝ හැලිඩේ සංස්කරණ ශිල්පියාය. අහස් ගව්ව සිනමා කෘතිය හරහා ලාංකික සිනමාවේ පේ‍්‍රක්ෂක නිම්වළලු පුළුල් කළ පතිරාජයන් බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහේ වැනි චිත්‍රපට නිර්මාණය කළ අතර කඩුල්ල ඔහු නිර්මාණය කළ මෙරට ඉහළම ගණයේ ටෙලි වෘතාන්තයක් විය. - ප්‍රසාද්