වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිල්ෂාන් එක්ක ගෙදර

ඩිල්ෂාන් එක්ක ගෙදර

රංගන ශිල්පිනී මංජුලා තිළිණි

මම මේ දවස්වල ඩිල්ෂාන් එක්ක බොහොම සතුටින් තමයි කාලය ගත කරන්නේ. මැච් එක දිනපු එකත් ඒකට හේතුවක්. ඒ සතුටට වගේම ඩිල්ෂාන් ගෙදරට වෙලා ඉන්න සතුටත් ඊටම ඇතුළත්. මේ සියලු දේ සතුටු සිතින් සමරන්න අපි රට වටේම ඇවිදින්න යනවා.

තව ටික කාලයකින් කලා ලෝකයට නැවත පිය මනින්නත් පුංචි අදහසක් තිබෙනවා. කාලයකට පස්සේ රංගනයට යොමු වෙන නිසා හොඳ චරිතයක් රඟපාමින් රසිකයන් අතරට එන්නයි මම හිතාගෙන ඉන්නේ. ඩිල්ෂාන් වුණත් ඒකට වඩාත් එකඟයි. ඒ නිසා හොඳ ගැමි චරිතයකට රංගනයෙන් දායක වෙන්න මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.