වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමණීය ගීත රූප

ප්‍රේමණීය ගීත රූප

ගායන ශිල්පි චන්දන ලියනාරච්චි

පසුගිය කාලය සංගීත සංදර්ශන නිසා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඉදිරි සතියත් සංදර්ශන කටයුතුවලට තමයි වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාටත් ලොකු විශේෂයක් නම් නැහැ. පවුලේ අයත් සමඟ එදාට පල්ලියට යන්න බලාපොරොත්තු වෙනවා.

මැයි මාසයේදී මම අලුත් ගීත දෙකක් මගේ ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න සූදානම්. මේ දවස්වල මේ ගීත දෙකේ වැඩ කටයුතු නිම කරමින් සිටින්නේ. මේ ප්‍රේමණීය ගීත දෙකට ඉදිරියේදී රූප රචනා කරන්නත් බලාපොරොත්තු වෙනවා.