වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




වෙසක් වැඩකට අත ගහලා

වෙසක් වැඩකට අත ගහලා

කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු

මේ දවස් නම් ටිකක් විවේකීව ඉන්නේ. ලබන සතියේ පුතාලාට ඉස්කෝලෙ පටන් ගන්න නිසා ටිකක් වැඩ වැඩි වෙයි.

මම හිරු ටී. වී. ආයතනයත් සමඟ එක්ව කටයුතු කරන නිසා වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන වැඩ සටහන් රැසකුත් යොදාගෙන තියෙනවා. මම කැමරා අධ්‍යක්ෂණය කළ අලුත් ෆිල්ම් එකකුත් තිරගත වෙන්න නියමිතයි.

ඒ වගේම ඉදිරියේදී තව අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ සතියේදී මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ජීවිතයේ අලුත්ම බලාපොරොත්තු රැසක් සමඟින් මෙවර උපන් දිනය යළි ඉපදීමක් ලෙසින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.