වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




කොස්තාපල් පුඤ්ඤසෝම හෙට

කොස්තාපල් පුඤ්ඤසෝම හෙට

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක නමුත් ආදර්ශවත් කතා පුවතක් රැගත් එය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. එම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.

ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි. - ප්‍රසාද්