වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

මහා ගී රාජනිය

නන්දා මාලිනිය නම් වූ ඇය
මේ වනතුරුම ඔබ ගැයූ ගී සැමෙකක්ම
මසුරන් වගෙයි අමතක නැත නිසැකවම
කොවුලන් කෙවිලියන් මුළු සංහාරයම
ඔබගේ හඬට පරදිනු ඇත සැමදාම
 

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

පුංචි වලව්වේ දුලීකා

පුංචි වලව්ව ටෙලි නාට්‍යය තුළින් අප හමු වන දුලිකා මාරපන මෙතෙක් නොදුටු ආකරයේ අද්විතීය රංගනයක යෙදෙනු මා දුටුවා.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

සැමී කවියක් බඳුය

සැමීගේ කතාව චිත්‍රපටය සරල වින්දනීය කාව්‍යයක් බඳුය. ජගත් චමිලගේ රංගනය මා දකින අන්දමට විශිෂ්ටය. එතරම් අනගි නිර්මාණයක් වටා ප්‍රේක්ෂකයින් ඒකරාශි නොවීම කණගාටුවකි.
 

ජී. මායාදුන්න

කොහුවල

ජයවේවා ටෙනිසන් ජයවේවා

ද්විත්ව චරිතයකින් යළි සිනමාව ඔපවත් කළ අපේ කාලයේ රසවතා, ටෙනිසන් කුරේ ඔබේ සුපිරි අන්දරේ සුපිරි ලෙසටම ප්‍රදර්ශනය වේවා.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

ගීත විෂුවල් ඇතුළේ නරක ප්‍රවණතාවයක්

විවිධ කාලයන්හී ගීත ක්ෂෙත්‍රයේ විවිධ රැලි බිහි වෙයි. මේ කාලයේ වඩාත් ජනප්‍රිය ගීතවලට විෂුවල්ස් නිර්මාණය කිරීමයි. මෑතක සිට එබඳු රූප රචනා සිය දිවි නසා ගන්නා දර්ශන හා ඊට අනුබල දෙන දර්ශන ඇතුළත් කිරීම ඉතා භයානක එකකි. කලාකරුවා සෑම විටම මිනිසත්කම අගය කළ යුතු පුද්ගලයකු මිස මිනිසත්කම විනාශ කිරමට අනුබල දෙන්නෙකු නොවිය යුතුයි.
 

අජිත් ලක්මාල්

මීගමුව

තිස්ස යළිත්

තිස්ස විජේසුරේන්ද්‍ර සුපිරි අන්දරේ චිත්‍රපටයෙන් රඟපෑමට එක් වීම අපව හැත්තෑව දශකයට ගෙනි යයි. මෙවර ඔහුගේ රංගනය ද ප්‍රබල ස්ථානයක තිබීම ගැන සතුටුය. දිගටම යළිත් ඔබ සිනමාවේම රැඳෙන්න.
 

ආර්. එච්. එම්. ප්‍රේමසිරි

ගනේමුල්ල

ඉලක්කම් එකතු කොට නම සෑදුන චිත්‍රපට ලියා එව්වේ හික්කඩුවේ දයානන්ද ද සිල්වා.

නොම්මර එකයි
දෙවැනි ගමන
තුන්වැනි යාමය
හතර දෙනාම සූරයෝ
අක්කර පහ
සිදාදියෙන් හයක්
සත්වෙනි දවස
අටවැනි පුදුමය
නොම්මර දාහත
හාරලක්ෂය
අපයෙන් තත්පර අසූහාර දාහක්
විසි හතර පැය
ශ්‍රී දෙසිය අනූ හය
 

එකසිය පනහ මුල්ලේරියාව

S.M.S.

පළිඟු මැණිකේ ටෙලි සිතුවමෙන් පසු මැණිකේ අත්තනායක සහ ශ්‍රියන්ත මෙන්ඩිස් එකම නාට්‍යයකින් රඟනු දුටුවෙමි. ඒ පබසරාහිය. මගේ දැනුමට අනුව ඔවුන් කාලෙකට පසුව එකට රඟනුයේ මේ ටෙලි සිතුවමෙනි.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

උදිත් අබේරත්න පුංචි වලව්ව ටෙලි නාට්‍යයේ හොඳට රඟපානවා. මම හිතනවා ඔහුට පෙම්වත් චරිතය සේම හාස්‍යෝත්පාදක චරිතයක් වුණත් හොඳින් කරන්නට හැකියි කියා.
 

හෂිනි

මාරවිල

රූකාන්ත ගුණතිලක තමන්ගේම වූ අනන්‍යතාවයක් ගොඩ නඟාගත් ගායකයෙක්. ඔහු ඒ රැල්ල ඔස්සේ ගායක ගායිකාවන් කිහිප දෙනකුම හඳුන්වා දුන්නා. ඇත්තෙන්ම ඔහු සංගීතය වෙනුවෙන් කළ මෙහෙය උසස් බව මම කියමි.
 

රුවන්

වේරහැර

අතුල ශ්‍රී ගමගේ නිහතමානී නිහඬ ගායකයෙක් කියලා මට හිතෙනවා. වැඩි සද්දයක් බද්දයක් නැතුව ඔහු යන ගමන සදාකාලික එකක්. ඔහු රීමේක් කොට ඉදිරිපත් කළ පෙම් ලොව ගීතය රසවත් බවින් ඉහළයි.
 

සාලිය

කඩුවෙල

නික්ම ගියත් වසර දෙකකට කලින්, ඇන්ටන් ජූඩ්ගේ මතකය අමරණීයයි. ප්‍රසංග වේදිකාවේ ඔහු නොමැති අඩුව තදින් දැනෙනවා.
 

මහේෂ් රත්නයක

කෑගල්ල

ජගත් චමිල ඉස්සරහට යන්න ටෙලි සිතුවමේ කදිමට රඟපෑවා. මා ඔහුගෙන් දකින විශේෂත්වය තමයි ජගත්ට ඕනෑම චරිතයක් නිරූපණය කිරීම් හැකියාව.
 

අචලා ආරියදර්ශනී

වනවාසල

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරයෙන් කඩුවෙල චමිල මධුශාන් ඉදිරියට යනවට මං ආසයි.
 

ෆාතිමා

වැලිගම

විශ්ව කොඩිකාර අයියේ, මට දැනෙන විදිහට ඔබ කලා ලොවේ දිදුලන තරුවකි. ඔබ ඉන්න සෑම ටෙලි නාට්‍යයක්ම මං නැරැඹුවේ ඔබට ප්‍රිය නිසාමයි. විශ්ව අයියගේ පවුල් ජීවිතයටත් මම සුබ පතනවා.


ධම්මිකා

කෑගල්ල

ශ්‍රී ලාංකේය සිනමාවේ ‘රන් නෙළුම’ මාලිනී ඔබ සැමදා අමරණීයයි. ඔබේ උපන් දිනයට අප මෙසේ සුබපැතුම් එක් කරමු.
 

අනුර ජයමාන්න

කඩවත

මාලිනී ජයසිංහ

ජයසිංහ විලා

ගැටහැත්ත

වේරලියද්ද ගයන අලුත්ම ගීතය ‘දුක තද කරන්’ මගේ හිතට තදින් දැනුණු ගීතයකි. ඔහු නියම පිරිමි කටහඬකින් එය ගයා තිබෙනවා. වේරලියද්ද වැනි ගායකයින් අපට සම්පතකි.
 

වික්‍රම

මිද්දෙණිය

හතු පිපෙන්නා වගේ පුංචි තිරයෙන් නළු නිළියන් බිහි වුණත් ඒ අතර දක්ෂයන් සිටින්නේ කිහිප දෙනෙකු බව මම කියමි. නිළියන්ගෙන් දුලීකා මාරපන, ජයනි සේනානායක, නළුවන්ගෙන් බිමල් ජයකොඩි, උද්දික ප්‍රේමරත්න, රොෂාන් රවීන්ද්‍ර දක්ෂයින් කියලයි මට හැඟෙන්නේ.
 

කරු මන්දාවල

නාත්තණ්ඩිය

වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළ කරුණාරත්න අබේසේකර ගුණ සමරු වැඩ සටහන ඉතා අගය කොට මම සලකමි.
 

රත්න කහඳව

අලව්ව

කැකුණවෙල

තරුමලී ටෙලි සිතුවමේ අවසානය හොඳයි. කිසිම පටලැවිල්ලක් නැතුව පේ‍්‍රක්ෂකයන් අතරමං නොකොට කිසිදු අපහැදිලිතාවයක් නැතුව කතාව නිම වුණා.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රනා සහ පුංචි වලව්ව ටෙලි නාට්‍ය දෙකම ගොඩක් හොඳයි. බලන්න බලන්න කුතුහලයක් ගෙනෙමින් කතාන්දරය දිග හැරෙන අයුරු හරිම අපූරුයි.


අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

මේ දිනවල ටී. වී. දෙරණ තුළින් විකාශය වන ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍ය ඉහළ රසවින්දනතාවයකින් යුතුයි. මිහිර සිරිතිලක සහ නිරෝෂන් විජේසිංහ වැන්නවුන් කොටු වී සිටින ඒකාකාරී චරිත රටාවෙන් මිදී වෙනම අයුරින් අප හමුවට පැමිණීම ගැන මට සතුටුයි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

අප රටේ නොයෙකුත් පුද්ගලයින් වෙනුවෙන් පාරවල් නම් කොට තිබුණත් වැඩිම බොදු ගීත ගැයූ ගායකයාණන් වන අල්හාජ් මොහිදින් බෙග් වෙනුවෙන් එලෙස මාවතක් නම් කොට නැත.

සපුමල් සේනරත්න

කළුතර

ග්‍රේෂන් ආනන්ද නොමැති අඩුව යාන්තමින් හෝ පුරවන්නේ මාරියෝ ආනන්දයි. රිදී තිරයට වඩාත් උචිත නිසා චිත්‍රපට සඳහා වැඩි වශයෙන් ඔහුට හඬ මුසු කරන්න ලැබේවා යැයි මම පතමි.
 

කරුණාරත්න

මාතර

නවකතා පොත් ඇසුරෙන් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේ රැල්ලක් එක් කලෙක තිබුණා. මෑත කාලයේ වැඩි වශයෙන් එහෙම නොවුණත් නවකතා ඇසුරෙන් තැනුණු නාට්‍ය ඉතාම ජනප්‍රිය වෙනවා කියලයි මට නම් දැනෙන්නේ.
 

ලක්මාලි

වරකපොළ

ප්‍රතිචාර පිටුවට ඔබේ අදහස් එස්. එම්. එස්. අයුරින් එවන විට එහි අග ඔබේ නම සඳහන් කරන්නට අමතක කරන්න එපා. එමෙන්ම එම අංකයෙන් වෙනත් විමසීම් නොකරන මෙන් ඉල්ලීමක් කරමු. එය වෙන්කොට ඇත්තේ ප්‍රතිචාර එස්. එම්. එස්. සඳහා පමණි.
0752805047
වෙනුවෙන් 24 පැය පුරා විවෘතව පවතියි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනයට ප්‍රතිචාර තැපැල්පත් එවිය හැකිය.

ඔබේ ප්‍රතිචාර සරසවිය වෙබ් අඩවියට යොමු කරන්නේ නම් www.sarasaviya.lk සහ sarasaviya – facebook පිටුවට.

තැපැල්පත් කෙටි පණිවුඩවලට අමතරව ඔබේ ප්‍රතිචාර දැන් www.sarasaviya.lk වෙබ් අඩවියට සහ Sarasaviya Facebook පිටුවට එවන්න. පුවත්පතෙහි පළවන ලිපි, පුවත් වෙබ් පිටුව හරහා කියවන ඔබට එවෙලේම සිතට නැෙඟන ප්‍රතිචාර සටහන් කළ හැකිය.

ඊට අමතරව යෝජනා, චෝදනා, තැන තැන කියන කටකතා, ඒ අය මේ අයට කියන කතා, ඒ අය මේ අයට හදන කතා වාරණයකින් තොරවම මෙමඟින් ඔබට එය සනිටුහන් කිරීමට පුළුවන.