වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමැති රංජිත් සියඹලාපිටිය ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ රජු වෙයි

ඇමැති රංජිත් සියඹලාපිටිය ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ රජු වෙයි

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට දේශපාලනය නම් අමුතු විෂයක් නොවේ. අමාත්‍යවරයකු දක්වා ඔහු පැමිණි ගමන් මග ඊට සාක්ෂි සපයනවා. පසුගිය දිනෙක අමාත්‍යවරයාට මෙතෙක් නොකළ කාර්යයකට කතා කළා. ඒ ටෙලි නාට්‍යයක රංගනයට. දෙවතාවක් නොසිතා ඔහු මේ අභියෝගය භාර ගත්තේ නිරූපණයට ලද චරිතය ද එසේ මෙසේ එකක් නොවන නිසා.

සියඹලාපිටිය අමාත්‍යවරයාට ලැබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතය. ඒ වත්රිකා ඕදිනි අධ්‍යක්ෂණය කරන ‘මුල්’ නම් වූ අර්ධ වෘතාන්තමය නාට්‍ය මාලවේ. දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව අමාත්‍යවරයා මේ චරිතයට පණ පොවල තියෙන්නේ කිසිදු චකිතයකින් තොරවයි.

සෑම ඉරු දිනකම ජාතික නාලිකාවෙන් විකාශය වන ‘මුල්’ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සංකල්පයට නිර්මාණය වූවකි.