වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




උත්තර එනතුරු

උත්තර එනතුරු

රංගන ශිල්පී ලාල් කුලරත්න

මම පසුගිය දවස්වල ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ජයලත් මනෝරත්නගේ ‘ ගුරු තරුව’, ‘තල මල පිපිලා’ කියන වේදිකා නාට්‍යවලත් රඟපානවා.

රංගනයට ඇවිත් වසර ගණනාවක් ගතවෙන නිසා මම පසුගිය දිනවල ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය අධ්‍යක්ෂණය කළේ චන්දන හේවාපතිරණයි. ‘ජීවිත තරණය’ කියන නමින් නම් කරලා තිබෙන මේ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියට දීලයි තිබෙන්නේ. ඒත් ඒ විකාශනය සඳහා තවම මට පිළිතුරක් ලැබුණේ නැහැ.