වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




යථාර්ථය අවබෝධ වී

යථාර්ථය අවබෝධ වී

ගායන ශිල්පිනි නිරංජලා සරෝජිනී

මේ දවස්වල මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කෙරෙන කවිතා වැඩසටහනේ විනිශ්චය කටයුතු සඳහා දායක වෙලා ඉන්නවා. ලිට්ල් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේත් කටයුතු කළා. එහි ඉදිරි අදියරත් ළඟදීම ආරම්භ කරන්න නියමිතයි. ඒ හැරුණාම ජීවිතය සාමාන්‍ය විදියට ගත කරනවා. අබේ අපෙන් සමු අරගෙනත් දැන් අවුරුදු හතරක් ගත වෙලා. ඒත් මට ඔහු නැහැ කියලා හිතෙන්නේ නැහැ. ළඟින්ම ඉන්නවා වගෙයි දැනෙන්නේ.

මම දැන් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන සරළව ජීවිතේ ගෙවනවා. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදා මට විශේෂ දවසක්. දුගී මගී යාචකයන්ට කෑම පාර්සල් එදාට දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම එදාට මාව බලන්න ගෙදරට එන හිත මිතුරන් පිළිගන්නත් මම බලාපොරොත්තු වෙනවා.