වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සැලුන් එක අරන් මාලබේ

සැලුන් එක අරන් මාලබේ

රංගන ශිල්පිනී නයනා කුමාරි

මගේ සැලෝන් එක මේ දවස්වල මාලබේට අරගෙන ගිය නිසා ඒ කටයුතුත් සමඟයි මා දවස ගත කරන්නේ. ටෙලි නාට්‍යවල රූගත කිරීම් නොමැති වුණත්, මේ මාසය මට ඉතා වැදගත් මාසයක්. ඒ මගේ උපන් දිනය යෙදෙන නිසයි. උපන් දිනයට මම හැම අවුරුද්දකටම වගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානය දෙන එක මේ අවුරුද්දෙත් ඒ විදියටම සිද්ධ වෙන බවත් කියන්න ඕනෑ.