වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නටලා කකුල උලුක් වෙලා

නටලා කකුල උලුක් වෙලා

ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ

ළඟදීම පැමිණීමට නියමිත මගේ ‘සායම් කිරිල්ලී’ කියන අලුත් ගීතයේ වැඩ කටයුතුත් සමඟයි මගේ දවස ගත වෙන්නේ. වෙනත් කිසිම අයුරකින් නිකුත් නොවුණු වීඩියෝ පටයක් නිකුත් කිරීමටත් මම අදහස් කරනවා. වීඩියෝ පටයෙහි රූප රචනා කටයුතු අවසාන වුණත් ඒත් සමඟම මම තරමක් අසනීප වෙලා.

ඒ රූප රචනාවේදී මෙවර මගේ නැටුමකුත් අන්තර්ගතයි. ඒ නැටුමේ තිබුණු අඩි පුරුදු වෙන්න ගිහින් මගේ කුකුල් හොඳටම උලුක් වෙලා.

ඒ නිසා බාම් ගාමින් මා ඉතා දුක්ඛිත ජීවිතයක් තමයි මේ දවස්වල ගත කරන්නේ. සින්දු කියන්න පහසු වුණත් නැටුම මේ තරම් අමාරු කාර්යයක් කියලා මම දැනගත්තේ ඒ පුහුණුවීමෙන් පස්සේ තමයි.