වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අකුරු කියවයි – කුමරි සොඳවා

අකුරු කියවයි – කුමරි සොඳවා

ආරධ්‍යා බච්චන් අත් පොත් තැබුවාය. ඒ නිළිකමට නම් නොවෙයි. අකුරු ශාස්ත්‍රයටයි. පෙබරවාරි මාසයේ හතර වැනිදා, දෙහැවිරිදි බච්චන් පොඩිත්තී සරස්වතී පූජාවෙන් පසු සුබ මුහුර්තියෙන් බලි කුරුටු ගා අකුරු ලියන්නට මුල පිරූ බව සිය බ්ලොග් අඩවියෙන් ලොවට දන්වා සිටියේ අන් කිසිවකුත් නොව මෙගා තරුව වූ අමිතාබ් බච්චන් සීයායි.