වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පැපරාසියකුට ප්‍රහාරයක්

පැපරාසියකුට ප්‍රහාරයක්

ප්‍රවීන රංගධර ධර්මේන්ද්‍රගේත් කලකදී තිරයේ සිහින කුමාරිය වූ හේමා මාලිනීගේත් බාල දියණිය, අහානාගේ විවාහ මංගල උත්සවයේදී සටන් ජවනිකාවක අත්දැකීම ලබන්නට පැමිණ සිටි පිරිසට අවස්ථාවක් ලැබී තිබේ. මංගල උළෙලේ සටන් නළුවා වී තිබෙන්නේ රන්වීර් සිං ය. දීපිකා පදුකෝන් සමඟ රන්වීර් පැමිණෙමින් සිටියදී දීපිකාගේ සමීප ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ ඡායාරූප ශිල්පියකුගේ කැමරාව උදුරාගෙන එහි සටහන් වී තිබූ දෙදෙනාගේ ඡායාරූප සියල්ල මකා දමන ලදී.

දීපිකාගේ සමීප දසුනක් අන් කවරකු හෝ ළඟ තිබෙනවාට ආරක්ෂාකාරී ප්‍රේමවන්තයකු වූ රන්වීර් අකැමැති වන්නට ඇත. සිදුවීමෙන් පසු රන්වීර් කියා සිටියේ ඔහු අනවසරයෙන් ඡායාරූප ගත් තැනැත්තකුª බවයි. ව්‍යාජ ඡායාරූප සකසන නිසා එසේ කළ බව රන්වීර් පැවසුවේය. සැබැවින්ම ඡායාරූප ශිල්පියා මංගල ඡායාරූප ශිල්පියකු නොවෙයි. ඡායාරූප ශිල්පියාට පහර දුන්නාදැයි කියා විමසද්දී ඔහු කියා ඇත්තේ ගත වූ වසර හතේදී තමන් කිසිවකුට පහර දී නැති බවයි.