වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම බොරු

ඇත්තටම බොරු

රිචඩ් මානමුදලි

සමන් කුමාර ලියනගේ ගේ ‘සිදම්බරං’ වගේම මොහාන් ජී. රංගනාත්ගේ ‘හිරු දරුවෝ’ ටෙලි නාට්‍යවල රූගත කිරීම් ආරම්භ වුණා. ඒ වගේම සරත් ධර්මසිරිගේ ‘සත්පත්තිනි’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලටත් මා සහභාගි වුණා.

මගේ වේදිකා නාට්‍ය වුණු සකුන්තලා, මම රට වටා යනවා. ඊට අමතරව රාස්ස පරාස්ස හා කොලොම්පුරේ, කාලගෝල වේදිකා නාට්‍යවලත් රඟපානවා.මේ අතරතුර මම අලුත් කටයුත්තකට යොමු වුණා.

ඒ ‘ඇත්තටම බොරු’ නම් වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමටයි. දැනටමත් පුහුණුවීම් ආරම්භ කර ඇති මේ වේදිකා නාට්‍යයේ තිබෙන විශේෂත්වය වන්නේ උදයන්ති කුලතුංග පළමුවරට වේදිකා නාට්‍යයකට රංගනයෙන් සහභාගි වීමයි.

සුසිලා කෝට්ටගේ, නිරෝෂන් විජේසිංහ, දිමුතු චින්තක ඇතුළු රංගන ශිල්පීන් රැසක් එහි රංගනයෙන් දායක වෙනවා. අප්‍රේල් 13 වැනිදා උදාවන පාස්කුව සඳහාත් නාට්‍යයකුත් සූදානම්. මම සංගීතය අධ්‍යක්ෂණය කළ ගී පද ලියූ ගීත ඇතුළත් සී. ඩී. තැටියක් ළඟදීම එළි දැක්වීමටත් සියලු කටයුතු සූදානම්.