වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පිටියට ගිය තරු

පිටියට ගිය තරු

රිදී තිරයේත්, තණ පිටියේත් තරු අතර බැඳීම ගසයි පොත්තයි මෙන් වෙන් කළ නොහැකි බැඳීමකි. මෑතකදී තාරකාවන් දෙදෙනකුගේම හදවත් ක්‍රිකට් තරු යුවලක් විසින් සොරාගෙන ඇත.

එක් තරු යුවළක් වන්නේ විරාල් කෝලි සහ අනුෂ්කා ෂර්මාය. ෂැම්පු වෙළෙඳ දැන්වීමක අනුෂ්කා සහ විරාල් පෙනී සිටිය පසු, ඒ හාදකමට මුල පිරිණි. කරන් ජොහාර්ගේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී කරන් අනුෂ්කාගෙන් මේ පිළිබඳ විමසීමට අමතක නොකළේය. එවිට ඇය විරාල් ගැන විමසද්දී තමන්ට නිරුවත් වෙනවා හා සමාන හැඟීමක් ඇතිවන බව පවසා තිබේ.

අනුෂ්කා, විරාල් කෝලි සමඟ නවසීලන්තයේදී ප්‍රේමණීය චාරිකාවක යෙදී සිටියදී තවත් තරු යුවළක් එකිනෙකාට ආදරයෙන් ආකර්ෂණය වී සිටිති. ඒ යුවරාජ් සිං සහ නේහා ධූපියාය. නේහා ධූපියා, යුවරාජ් සමඟ යන එන ගමන් දැන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුට රහසක් නොවෙයි. මීට පෙර යුවරාජ්, කිම් ෂර්මා සමඟ ද, දීපිකා පදුකෝන් සමඟ ද සබඳතා පැවැත් වූ බවට කතා ගෙතී තිබිණි. මේ කට කතාවවත් මල්පල ගැන්වේවායි තරු දෙපළටම ඇලුම් කරන්නෝ පතති.