වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට තුනක සංගීත අධ්‍යක්ෂ

චිත්‍රපට තුනක සංගීත අධ්‍යක්ෂ

රෝහණ වීරසිංහ

මේ දවස්වල මා ඉන්නේ චිත්‍රපට තුනක සංගීත අධ්‍යක්ෂණය කරමින්. ඒ කල්ප හා වින්දන ආරියවංශ තිරයට ගෙනෙන චිත්‍රපටයකත්, සුගත් සමරකෝන්ගේ ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටයත්, ගිරිරාජ් කෞෂල්‍යගේ චිත්‍රපටයත් කියන සිනමාපට ත්‍රිත්වයේ.

මේ චිත්‍රපටවලට නියමිත නමක් තවම හරියටම නොතිබුණත් එහි ගීතවල සංගීත අධ්‍යක්ෂණ කටයුතු හා පටිගත කිරීම් කටයුතුත් සමඟ මගේ කාලය ගත වෙනවා. ඊට අමතරව ළඟදීම පවත්වන සංගීත ප්‍රසංග කිහිපයකමත් සංගීතය මෙහෙයවන්න මට ආරාධනා ලැබුණා.