වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු විස්සක් හද රැඳි ගී

අවුරුදු විස්සක් හද රැඳි ගී

සිරිතුංග පෙරේරා

ජාතික රූපවාහිනිය සවස 5.30 ට විකාශය වන ‘හද රැඳි ගී’ වැඩ සටහනේ අධ්‍යක්ෂණ කටයුතුත් සමඟ මා කාලය ගත කරනවා. මීට වසර විස්සකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හද රැඳි ගී’ එවරත් අධ්‍යක්ෂණය කළේ මමයි. ඒ ඔස්සේ ජන හද දිනා කරළියට පැමිණි නිරෝෂා, අතුල, ජානක, නාමල්, ප්‍රිනස් ඇතුළු බොහෝ ශිල්පීන් අද තරු බවට පත් වෙලා.

 මෙවර හද රැඳි ගී වැඩ සටහනේදී වැඩිපුර අසන්නට නොලැබෙන මල්ලිකා කහවිට, සිරිල් හියුමන්, චන්ද්‍රිකා සිරිවර්ධන, සුජාතා අත්තනායක වැනි පැරැණි ශිල්පීන්ගේ ගීත ප්‍රේක්ෂකයන්ට අහන්න වගේම නරඹන්නත් අවස්ථාව ලබා දෙන්නට මා වඩාත් මහන්සි වෙනවා. ඒ ගීතවල සැබෑ අයිතිකරුම ලවා ගීත ගයවා ඉදිරිපත් කිරීමට මම බොහොම මහන්සි ගන්නවා.

ඒ ගීත නව පරිසරයක රූගත කිරීම් කරමින් නරඹන්නන් වෙත ඉදිරිපත් වීමත් එහිදී සිදුවන විශේෂ කටයුත්තක්. ජාතික රූපවාහිනියේ විකාශය වන ‘පුරවරුණ’ නම් වැඩසටහනේ දිවෙන්නේ අපේ ගම්, නගරවල සංස්කෘතික, ආගමික වටිනාකමයි. ඒත් සමඟම ඉදිරියේදී යුද කාලය පිළිබඳ චිත්‍රපටයක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ චිත්‍රපටය විදේශ රටවල් කරන චෝදනාවලට අපූරු පිළිතුරක් වේවි.