වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

දුටුගැමුණුට සුදුස්සා

ඉතිහාසයටත් නිර්මාණයටත් වඩාත් සාධාරණයක් කළ හැකි ජයන්ත චන්ද්‍රසිරි නම් බහුශ්‍රැතියා දුටුගැමුණු රජුගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට එකම සුදුස්සා බව මාගේ හැඟීමයි.
 

සුනිල් අභයරත්න

කොටහේන

අදියුරු සුනිල්සෝම පීරිස්ට,

නෙක නෙක සිනේ සිත්තම් ඔබේ අදියුරුව
සනහා රසික සිත් සතුටින් නිරතුරුව
එම පිං බලෙන් සියලුම ලෙඩ දුක් දුරුව
සුනිල් සෝමේ පතනෙමි ඉක්මන් සුවය
 

ජයනාත් ඉන්ද්‍රජිත්

දෙහිවල

 

විජය කුමාරතුංග

සත නිවූ සුවඳ විත

නුඹේ හදවත දීපයක් වී
පරපුරෙන් පරපුරට මෙළැ වූ
අන්ධකාරය බිඳ දමා
හිරියේ ජීවයෙන් දිදුලන

ඒ නුවන් යුග ප්‍රභාවය දැක
දැයේ හෙට දින හිනැහුණා
කල්ප ගණනක වෙහෙස කැටිවුණ
අල්ප යුගයක අරුම මෙහෙවර

අසමසම කැපවීම නමදිති
දනෝ විසිරි දස අතේ
දහක් දසකම එක මිටින් ගෙන
නොවක් හරයන් පෙරමුණෙහි විය

චතුර වදනින් දන ගිමන් හළ
නෙකල්හිම හරවත්ය නුඹෙ බස
හමා ගිය සද දිරිය අරමුණ
දයාවේ රිද්මයෙන් ඔප වූ

සැබෑ අරගල මගක එළියයි
වඩා යහපත් ලොවක් නුදුරෙහි දැල් වුණේ
 

මිත්‍ර ආරියසේන

සුරාජ්ගේ දිවියේ අනගි මොහොත

සුරාජ් මාපා අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ නැටුම් කලාව එක්තරා අංශයකට සීමාව තිබෙනු මම දුටුවෙමි. එහෙත් ඔහු පාරම්පරික උඩරට නර්ථන ශිල්පියකු ලෙස වෙස් පැළඳවීම සුරාජ්ගේ ජීවිතයේ අනර්ඝතම අවස්ථාවක් ලෙස මම දකිමි.
 

අයලීන් සෝවිස්

රාගම

මේනකාට සුබපැතුම්

මේනකා පීරිස් බොහොම කෙටි කලකින් ජනප්‍රියත්වයේ මෙන්ම දක්ෂතාවයෙන් ද හිනි පෙත්තටම නැඟි තාරකාවකි. පසුගියදා පැවැති රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී මොනරතැන්න ටෙලි සිතුවමේ සත්‍යා නිරූපණය කරමින් හොඳම නිළිය වූ ඇය රුවින් ද ආකර්ශණීයය.

මේ දිනවල විකාශය වන මිරිඟු දිය ටෙලි නාට්‍යයේ හැගුම්බර රංගනයක යෙදෙන මේනකා කවදා හෝ මෙරටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙනු ඇතැයි අපේ විශ්වාසයයි.
 

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව

අතුල රම්‍යසිරි

පානදුර

අත්තම්මා ස්ථම්භය

අත්තම්මා ටෙලි නාට්‍යය ගොඩනැගිල්ලක් නම් එය රඳා පවතින ප්‍රධාන ස්ථම්භය දුලීකා මාරපන බව මම අවිවාදයෙන් කියමි.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

ඩීමන් ආනන්ද සමරමු

මාරක කතා චක්‍රවර්ති යැයි විරුදාවලිය ලත් ඩීමන් ආනන්දයන් රචනා කළ පොත් සංඛ්‍යාව 1008 ක් පමණ විය. එකල විද්වතුන් අඩු තක්සේරුවෙන් සැලකුව ද එම පොත්වලින් අප ලැබුවේ අපමණ මිහිරකි. අප යොවුන් වියේදී ඩීමන්ගේ පොත් කියෙව්වේ කලිසම සාක්කුවේ රෝල්කර දමාගෙනය. ඩිඩාර් වැනි හින්දි චිත්‍රපට බොහෝ ගණනක් අනුකරණය කරමින් ලස්සන ප්‍රේම කතා ගණනාවක් ඔහු අපට දායාද කළේය. ඔහුගේ අටවෙනි ගුණ සමරුව මෙම වසරේ පෙබරවාරි 08 වැනිදාට යෙදී තිබිණ.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව
 

S.M.S

සිරස නාලිකාව මෙරටට අලුත් වැඩසටහන් හඳුන්වා දුන්නා. එමඟින් අප ප්‍රේක්ෂකයන්ව හොඳින් ආකර්ෂණය කර ගත්තා. එනමුත් මේ දිනවල සිරස නාලිකාවෙන් විකාශය වන ස්වප්නා ටෙලි නාට්‍යය නම් වැඩක්ම නැහැ කියලයි මට හිතෙන්නේ. ඒක නරඹද්දී මගේ නම් දත් මිටි කැවෙනවා.

ආර්.සිල්වා

පොකුණුවිට

සිංහල සිනමාවේ අගනා චිත්‍රපට රාශියක් සංරක්ෂණය කරන තිස්ස නාගොඩවිතාන මහත්මා කරනුයේ ජාතික කර්තව්‍යයකි. ඔහුගෙන් පසුව ඔහුගේ දරු පරපුර එම චිත්‍රපට රැකගනීවි යැයි මම සිතමි.

චාමර මංජුල

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

මමයි රජා, ඔබටයි ප්‍රියේ ආදරේ වැනි බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ මෙරට වැඩිම චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ දැනට රෝගාතුරව පසුවන සුනිල්සෝම පීරිස් නිර්මාණවේදියාට ඉක්මන් සුවය පතමි.

මනීෂා සෙව්මිනි

කහටගස්දිගිලිය

නන්දා මාලිනියන් අප රටේ සංගීත ක්ෂේත්‍රයට රම්‍ය සඳ කිරණකි. ඇයගේ මධුර මනෝහර කටහඬින් අපි වශී වුණෙමු. දයාබර මෑණියනි, ගුරු මාතාවෙනි, ඔබට දීර්ඝායුෂ පතමි.

ඩී. සම්පත්

කුරුණෑගල

ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට වාරනයක් ඕනෑ කියලා මා හිතනවා. එයට හේතුව වන්නේ මේ වන විට හිතෙන හිතෙන අය ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමයි. සමහර රූප රාමුවලින් තේරෙනවා මේක හරියට කරපු එකක්ද තිබ්බා ගැහැව්වා ටෙලියක් ද කියලා.

ඒ. දසනායක

කඩවත

හිම රේණු වැටෙනා සීතලේ
ඔබගේ මියුරු හඬ මතක් වේ
ගිලිහී වැටුණු ආදර සීනුවේ
ඔබයි අපේ සඳ ගීත අම්බරේ

ග්‍රේෂන් ආනන්දටයි මගේ මේ උපහාරය.

සුරංග

අවිස්සාවේල්ල

සුරාජ් මාපා අයියේ ඔබ අපගේ පාරම්පරික වෙස් නර්තනය හදාරා එහි අග්‍ර ඵලය වන වෙස් පැළඳවීම දක්වා පැමිණි ඔබට දිර්ඝායු වේවා. ඔබගේ උපන් ගම වන නුවරට ඔබ සැබෑ ආඩම්බරයක්. මාපා පරපුරේ ඉදිරි සාමාජිකයින්ටත් ඔබ ගුරුහරුකම් දෙන්න.

එමෙන්ම ඔබ නර්ථන ගුරුවරයා වන කුලසිරි බුදවත්ත ගුරු පියාණන්ට ද අපගේ ආචාරය.

සහනි හසාරා

මීපවල

ජනප්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර් ආකර්ෂා සිනමාපටය හරහා ළඟදීම අප හමුවන බව දැනගන්නට ලැබුණා. ඇත්තටම කිව්වොත් ඇය අයිති අපේ සිනමාවට කියලයි මට හිතෙන්නේ. පූජා දිගටම ලංකාවේ රැඳෙන්න කියලා ආරාධනාවක් ද මා කරනවා.

අවිශ්ක

කටුවැල්ගම

මාධව විජේසිංහ නව පරපුරේ නළුවන් අතර ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියකු හැටියට මම දකිමි. ඔහු සිටින මියුසික් වීඩියෝ ද මා නරඹන්නේ ඉතාමත් ආසාවෙනි. කඩවසම් බවින් ද අනූන මාධව තව නොබෝ කලකින් සිනමාවට ද ඒවි.

අංජලි

නුවර

දසුන් මදුශාන් මල්ලියේ ඔයා සිරස සුපිරි තරු පස් වැනි අදියරේ කිරුලු දිනා ගත්තේ ලස්සනට සිංදු කියලා. දැන් ඔයා නිවේදනයටත් ඇවිත්. ඉතින් කලාවේ දක්ෂතාවයන් කිහිපයක්ම ඔබට පිහිටා තිබෙන බව මට දැනෙනවා. ඔබ රංගනයට පිවිසුනහොත් ඒ කාර්යය ද මනාව ඉටු කරාවි කියලා සිතනවා.

ප්‍රියදර්ශන

නාත්තණ්ඩිය

චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදන කළමනාකරු සහ රිකී සිනමා ශාලාව් කළමනාකරු සුනිල් ධර්මසිරි වෙතටයි.

සුනිල් මහත්තයෝ ඔබ තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරටම ඉටු කරන අයකු බව මට පෙනෙන්නට තිබෙන කරුණක්. එමෙන්ම දරුවනේ සහ දෝණි සිනමාපටයන්ට ඔබ ලියූ ගීත හරවත් බවින් අනූනයි. දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ එවන් වූ සංවේදී නිර්මාණ කිරීමට යොමු වීම දුෂ්කර වුණත් ඔබ ඒ අභියෝගය මනාව ජයගෙන තිබෙනවා.

චන්ද්‍රා මධුසංක

ඌරගස්මං හන්දිය

උදයන්ති කුලතුංග එන්න එන්න හැඩ වෙනවා. ඇය තමයි මේ වසරේ ජනප්‍රිය නිළිය කියා මට හිතෙනවා. කටකාර චරිතයන්ට අමතරව සංවේදී වූ චරිතයකුත් කරන්න. එය ඔබේ රංගන ජීවිතයට අලුත් අත්දැකීමක් වේවි.

සුදත්

මීගමුව

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් එක්ව නිර්මාණය කළ ආත්මා ටෙලි සිතුවම මා දකින අන්දමට වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වූවක්. කාලෝචිත ටෙලි සිතුමක් වන එය වසරේ ජනප්‍රියම නාට්‍ය ගොන්නට ඇතුළත් වේවා යැයි මම සිතමි.

චන්දිම

කොට්ටාව

සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන කඩවුන පොරොන්දුව හි පිටපතක් ඇත්නම් කොච්චර අගේද. එය නරඹන්නට මම ආසාවෙන් පසු වෙමි.

පී. වයි. අනුලාවතී

කුඩගම

පද්මසිරි කොඩිකාර මහත්තයෝ,

ඔබ සදාදර ජෝති නමින් සිනමාපටයක් හැදුවා වගේ සදාදර විජය නමිනුත් චිත්‍රපටයක් හදන්නකෝ.

නිලුකා

අවිස්සාවේල්ල