|
තරුණ හාන්ස් ස්ලෝ
Star wars චිත්‍රපට මාලාව ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපට මාලාවක් බවට පත් වුණා. ඈත අතීතයේ කාලයක පෘථිවියට ඈතින් වූ මන්දාකිණියක ඇති වන යුද්ධයක් ගැන කියන Star wars චිත්‍රපට මාලාවේ හත් වැන්න පසුගිය වසරේ තිරගත වුණා. මෙහි තවත් චිත්‍රපට ද්විත්වයක් 2017 සහ 2019 වසරවලදී තිරගත කරන්න සූදානම්. නමුත් එහි අනු කතාවක් ලෙසින් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන සූදානක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා. Star wars හි එන ජනප්‍රිය නළු හැරිසන් ෆෝඩ් විසින් පණ පොවන ලද ප්‍රධාන චරිතයක් වූ හන් සෝලෝගේ චරිතය පසුබිම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කෙරෙන්නේ. මේ අනුව ඒ තුළදී තරුණ හන් සෝලෝ ගේ ජීවිත කතාව ගෙන එනවා. එහිදී තරුණ හන් සෝලෝගේ චරිතයට පණ පොවන්නේ ඇල්ඩන් එරෙන්රිච් නම් යුදෙව් ජාතික නළුවෙන්. ලොස්ඇන්ජලීස්හි උපත ලබා ඇති ඇල්ඩන් 26 වැනි වියේ පසු වෙනවා. පෝල් මූනිගෙන් පසු චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ දෙන යුදෙව් ජාතික නළුවා වෙන්නෙත් ඇල්ඩන්. හැරිසන් ෆෝඩ්ද යුදෙව් සම්බවයකින් පැවැත එන්නෙක් වීමත් විශේෂත්වයක්. ඇල්ඩන් මීට පෙර Beautiful Creatures චිත්‍රපටය ඇතුළුව Hali,Caesar වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන අලුත් කතාවක්
අතිශය ජනප්‍රිය සේම වැඩිම වියදමක් දරා නිර්මාණය කෙරෙන රූපවාහිනි කතාමාලාව වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිර්මාණකරුවන් වන ඩේවිඩ් බෙනිඔෆ් සහ ඩී. බී වෙයිස් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූවා. ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් රචනා කරන ලද ‘අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ෆැන්ටසි නවකතා මාලාව ඇසුරෙනුයි එය ඔබ හමුවට එන්නේ. ජෝර්ගේ සිතුවිලි තමයි ඒ ලෝකය සහ මේ චරිත අපට දුන්නේ. ඔහුගේ කෘති වෙනත් කෘති වලට වඩා වෙනස්. ඇත්තටම මේ කතා මාලාව පුදුමය උපදවන සුලු යි. ප්‍රේක්ෂකයන් දිගටම මේ සමඟින් බැඳී සිටින්න ඒක හේතුවක්, ඩේවිඩ් බෙනිඔෆ් පැවසුවා. අලුත්ම තොරතුර නම්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් 7 වැන්න පිළිබඳවයි. මීට පෙර කතාමාලාවට වඩා පමා වී අයිලන්තයේදී සහ උතුරු අයර්ලන්තයේදී මෙහි කොටස් රූගත කිරීමට නියමිතයි. රූගත කිරීම් නිම කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙරවාරි මාසයේදිය. ඒ නිසා රූපවාහිනි විකාශය තරමක් ප්‍රමාද වනු ඇති බවයි කියවෙන්නේ.
පොප් රජුටත් අතවරයක්
පොප් ගී ලොව කිරුළු පැලඳී මයිකල් ජැක්සන් මත් ද්‍රව්‍ය පමණට වඩැ භාවත කිරීම නිසා වයස අවුරුද පනහේදී මෙලොවින් සමු ගෙන යන්න සිදු වූවා. ඔහුගේ හොඳම මිතුරා මෙන්ම පෞද්ගලික වෛද්‍යවරයා වූ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද “ඊඩඪඵ ඪඵ ධ්බ” නම් කෘතිය දැන් ලොවම කලඹන්නක් බවට පත් වෙලා. ඒ මඟින් මයිකල් ජැක්සන් ගැන බරපතල රහස් ගොඩක් හෙළි වෙලා. හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පළමු වැන්න තිරගත වූ කාලයේ වයස අවුරුදු එකොළහක් වූ එමා වොට්සන් විවාහකර ගැනීමට අවශ්‍ය වූ බවත් එහි සඳහන් වෙනවා. මයිකල් ජැක්සන් මිය යාමට පෙර ළමා අපයෝජන පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් මාධ්‍යයට වාර්තා වුණා. නමුත් මේ සුපිරි ගායකයාද ළමා අවදියේදී අපයෝජනයකට ලක් වී ඇති බව වෛද්‍ය මුරේගේ කෘතියෙන් කියවෙනවා. හැබැයි මේ කතාව නම් ජැක්සන් තම හොඳම මිතුරිය වූ එලිසබෙත් ටේලර්ටවත් කියලා නැහැ. “මම නිතරම තාත්තාගෙන් ගුටි කනවා. ඒ වගේම බැණුම් අහලත් ඉවරයක් නැහැ. අදටත් ළමයින්ට එහෙම වෙනවා ඇති. හැබැයි අතවරයන්ට නම් ලක් වෙන්නේ නැතුව ඇති” යැයි ජැක්සන් පැවසූ බව “ඊඩඪඵ ඪඵ ධ්බ” කෘතියේ සඳහන් වෙනවා. කොන්රඩ් මේ බව පවසන විට මයිකල් ජැක්සන්ගේ මරණය සිදු වි වසර හතකුත් ගත වෙලා. ඒ නිසා මේ කතාවල ඇත්ත නැත්ත හරියට දැන ගන්න නම් බැරි බව හොලිවුඩයේ බොහෝ දෙනා මත පළ කරනවා. ඒ වගේම මයිකල් ජැක්සන් තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස්කර ගන්න හේතුවත් මේ කෘතියෙ සඳහන්. තමන්ගේ අතීතය සම්පූර්ණයෙන් අමතක කිරීමට තම එසේ කළත් අතීතයේ කිසි දෙයක් අමතක කිරීමට නොහැකි වූ බවත් මයිකල් ජැක්සන් පවසා තියෙනවා.
ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ ජයග්‍රහණය
හොලිවුඩයේ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් දැන් ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකරගෙන අවසන්. නමුත් ඇයගේ ජීවිතයේ කාලයක් බොහෝ ප්‍රශ්න ඇති වූ බව කියනවා. The Twilight Saga චිත්‍රපට මාලාවට සම්බන්ධ වූ කාලයේ සිය පෞද්ගලික ජීවිතය ගැනත් හිතේ සැනසීම සතුටත් යම් ප්‍රමාණයකට නැති වී තිබු බව ඇය පවසනවා. ක්‍රිස්ටීන් ඒ කාලය පුරාවට ආතතියෙන් සිටි බවයි හෙළි වෙන්නේ. “මට හැම තිස්සෙම බඩේ කැක්කුම් හැදුණා. මට මාව පාලනය කර ගන්න බැරි බව දැනුණා. නිතරම ලෙඩ වෙන බව විතරයි දැනුණේ” ඇය පවසනවා. Twilight චිත්‍රපට මාලාවේ නළු රොබට් පැටින්සන් සමඟ ප්‍රේම සම්බන්ධය පැවති කාලයේ හැමෝම තමන් ගැන සෙවීමට පටන් ගැනීම ඒ ගැන කතා කිරීම ඇයට විශාල කරදරයක් වෙලා. Snow White & The Huntsman චිත්‍රපටයේ අධ්යක්ෂ රූපට් සැන්ඩර්ස් සමඟ සම්බන්ධය ත් ක්‍රිස්ටීන් මානසිකව වැටෙන්න තරම් ලොකු බලපෑමක් කරලා. නමුත් දැන් තමා ඒ හැම දෙයකින් ගොඩ ආ බව ක්‍රිස්ටීන් පවසන්නේ ලොකු සතුටකින්.
ජේම්ස් බොන්ඩ් හැඬ වූ දියණිය
ශ්‍රීමත් රොජර් මුවර් කියන්නේ 1973 සිට 1985 දක්වා වූ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ නළුවා. ඒ කාලය පුරා ඔහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හතකට රංගනයෙන් දායක වුණා. දැන් මුවර්ගේ වයස අවුරුදු අසූඅටක්. පසුගිය සතිය ඔහුට ඉතාම කනගාටුදායක එකක් වූ බව ආරංචියි. ඒ ඔහුගේ දියණියක වන හතළිස් හත් වියැකි ක්‍රිස්ටීනා නූඩ්සන් ජීවිතයෙන් සමු ගැනීමයි. දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳීමින් සිටි ඇයගේ මරණය මුවර්ට දරාගත නොහැකි එකක් වූවා. “දුවෙක් මේ විදියට ජීවිතයෙන් සමු ගැනීම තාත්තා කෙනෙකුට දරා ගන්න හරිම අපහසුයි” ඔහු පවසනවා.
|