|
||
අපේ ඉතිහාසයේ එක් පිටුවක් 07 වැනිදා සිට සෑම ඉරු දිනකම රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට
කැළුම් පාලිත මහීරත්නගේ
ටෙලි සිතුවමක්
|
පොළොන්නරුව අගනුවර කරගත් රජරට පාලනය වික්‍රමබාහුත් දක්ෂිණ දේශයේ පාලනය කිත්සිරිමේඝත් අටදහස් රටත් දොලෙස් දහස් රටත් එක්කර නැවත රෝහණ දේශය ලෙසින් ගෙන එහි පාලනය සිරිවල්ලභත් සිදු කරයි. සිරිවල්ලභ සහ කිත්සිරිමේඝගේ ඇවෑමෙන් රුහුණේ බලය සිරිවල්ලභගේ පුත් මානාභරණටත් දක්ෂිණ දේ්ශයේ බලය පරාක්රමබාහුටත් හිමි වේ. තම වැඩිමල් සොහොයුරිය වන භද්දවතීව පොළොන්නරුවේ රජකම් කළ වික්‍රමබාහුගේ පුත් ගජබාහුට සරණ පාවා දීමට කටයුතු කරන පරාක්‍රමබාහු අනෙක් සොහොයුරියන් දෙදෙනා මානාභරණ හා සරණ යන ලෙසට කටයුතු පිළියෙල කරයි. කිත්සිරිමේඝ සහ ලෝකනාථාට දාව උපන් රූපවතී සිය සහකාරිය කරගන්නා පරාක්‍රමබාහු එතැන් පටන් මායා රටේ පාලකයා ලෙසින් කටයුතු මෙහෙයවයි. වික්‍රමබාහුගෙන් පසු පොළොන්නරුවේ බලය ගජබාහුට හිමිවේ.
සිය යාබද රාජ්‍ය වූ පොළොන්නරුවේ බලය ලබා ගැනීමට මාන බලන පරාක්‍රමබාහු ගජබාහුට එරෙහිව යුද ප්‍රකාශ කරයි. සිදුවන්නට යන මහා සංහාරය වලක්වා ගැනීමට කටයුතු කරන සංඝරත්නය රජවරුන් තිදෙනා අතර සමගි සන්ධාන ගිවිසුමක් අත්සන් කර එය ගලක කොටයි.
මානාභරණ හා විවාහ වූ පරාක්‍රමබාහුගේ සොහොයුරියන් දෙදෙනා මානාභරණට දාව පුතුන් දෙදෙනෙක් බිහි කරයි. මිත්තා බිහි කරන දරුවා සිරිවල්ලභ ලෙසත් පබාවතී බිහි කරන දරුවා කිත්සිරිමේඝ ලෙසත් නම් කෙරේ. සුගලාගේ ආදරය යටතේ දරුවන් දෙදෙනා හොඳින් හැදේ. රෝහණ දේශයේ මිනිසුන් සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන යන සුගලා රුහුණේ වැසියන්ගේ නිදහස වෙනුවෙන් කතා කරයි. පෙනී සිටියි. කවදා හෝ පරාක්‍රමබාහුගෙන් රෝහණ දේශයට අක්රමණයක් එල්ල වන බව නුවණින් දකිනා ඇය ඒ සඳහා සූදානම් වීම සඳහා බලකොටු ඉදි කිරීමට මානාභරණව උනන්දු කරවයි.
මේ අතර වාරයේ හදිසියේ ගජබාහු අභාවයට පත් වේ. ඔහුගෙන් පසු පොළොන්නරුවේ රජකමට කිසිවෙක් නොසිටි බැවින් ලද අවසරයෙන් ක්‍රියාත්මක වන පරාක්‍රමබාහු දක්ෂිණ දේශයත් රජරටත් එක් කර එහි පාලකයා බවට පත් වේ. එතැන් පටන් ලංකාව තුළ තිබෙන්නේ ප්‍රධාන පාලන කලාප දෙකක් පමණි. එතැන් පටන් පරාක්‍රමබාහුට අවශ්‍ය වන්නේ ලංකාව එක කොඩියක යටතට ගැනීමටය. එහෙත් ඒ සඳහා ඔහුට ලොකුම බාධාව වී තිබෙන්නේ පාත්‍ර ධාතුන් වහන්සේත් දන්ත ධාතුන් වහන්සේත් රෝහණ දේශයේ වැඩම කර සිටීමයි. මානාභරණ රණකාමිත්වයෙන් දුබල බව දන්නා පරාක්‍රමබාහු මානාභරණට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ ඉතා පහසුවෙන් සිය අරමුණට ළංවීමේ අටියෙනි.
පරාක්‍රමබාහුගේ සේනාව සමඟ සටනට වැද සිටින මානාභරණගේ සේනාව මෙහෙය වන්නේ සූකරබානු නම් ප්‍රබල රණ ශූරයා විසින් හිටි හැටියේම ඔහු පරාක්‍රමබාහුගේ අත් අඩංගුවට පත් වේ.
මේ ක්‍රියාව ගැන හරිහැටි නොදැන සිටි සුගලා සිය මුනුපුරන් දෙදෙනා ද පරාක්‍රමබාහුට නතු වුණා යැයි සිතා සිය තීරණ ය දැඩි කරමින් පරාක්‍රමබාහුට එරෙහිව යුද්ධයට නායකත්වය දෙයි. රෝහණ දේශයේ ගම් නියම් ගම් පුරා යමින් සේනාව සංවිධානය කරන ඇය පිරිමින්ට පවා යුද පුහුණුව දෙමින් බලය තහවුරු කරයි. ගැමියන්ගෙන් සුගලාට පුදුමකාර සහයෝගයක් ලැබේ. සිය පුංචි අම්මාගේ රණකාමිත්වය ගැනත් සුගලා පිරිමි වේෂයෙන් යුද වැදීමට ඇති අපූරු හැකියාව ගැනත් කුඩා අවදියේ පටන් මනා තක්සේරුවකින් සිටි පරාක්‍රමබාහු රක්ඛ නම් සෙනවියා යටතේ සේනාවක් රෝහණ දේශයට එවන්නේ ඉතා ඉක්මනින් ධාතුන් වහන්සේ රැගෙන නැවත එන ලෙස දන්වමිනි. මහියංගනයෙන් සටන ආරම්භ කරන රක්ඛට හිතූ තරම් සටන පහසු නැති බව දැනෙන්නේ පළමු මොහොතේදීමය. සිය සේනාව සමඟ ගොස් බිඳ දමන බලකොටු වැඩි කලක් යන්න මත්තෙන් යළි ඉදිවෙනු දැක ඔහු පුදුම වේ.
ඉතිහාසය පුරා විශිෂ්ට රණකාමිණියක් ලෙස බුහුමනට පත් වන සුගලා දේවියගේ පුවත අවසන් වන්නේ කෙලෙසද?