|
ගාණ දෙගුණයක්
නව පරපුරේ රංගන ශිල්පිණී ඩිල්ශානි පෙරේරාට මරු වැඩක් වෙලා. මෙයා ඉතින් වෙළෙඳ දැන්වීම්ලින් නිතර පේන්න ඉන්න නිසා රූපවාහිනියේ විවිධ වැඩ සටහන්වලට ආරාධනා ලැබෙනවා වැඩියි. ඒක හින්දා නිතර දෙවේලේ ඒවටත් දුවනවා. ඩිල්ෂානිට තවමත් වාහනයක් නැහැ. අපි ඉතින් කියනවා පුළුවන් විදිහට පොඩි වාහන කට්ටක් ගන්ටයි කියලා. ඒත් මෙයා එහෙම ඒ ගැන තවම හිතලාවත් නැහැ. මේ තත්ත්වය මත ඩිල්ෂානිට පිහිටට එන්නේ ටැක්සි තමයි. ඇය යන තැනක යන්නේ ටැක්සිවල. ඩිල්ෂානි ඉන්නෙත් කොටිකාවත්තේ. ඒ හින්දා ටැක්සිවලටත් මාසෙකට හොඳ ගාණක් යනවා. ඒක කවර් කරගන්න ඩිල්ෂානි තියනෙ වැඩවලින් වෙනමම ගාණක් ඉල්ල ගන්නවලු. ඔන්න දවසක් ඩිල්ෂානිට එක්තරා නාළිකාවකින් ඒකේ සතිපතා විකාශය වන විනෝදාත්මක වැඩ සටහනකට ආරාධනා ලැබිලා. ඒ නාළිකාවේ කාර්යාලය තියෙන්නේ අනෙක් නාළිකා වගේ කොළඹම නෙවෙයි. ඒ හින්දා ට්රාන්ස්පෝර්ට් එකට ගාණක් දෙන්නම් කියලත් ඔවුන් ඩිල්ට කිව්වලු. ඩිල්ෂානි එදත් ගිහිල්ලා තියෙන්නේ ටැක්සියකින්. ඇය දැනගෙන ඉඳලා නැහැ මේ ආයතනයට යන්න තියෙන දුර හිතුවට වඩා වැඩියි කියලා. කොහොම හරි' එදා ටැක්සියෙන් ගිහිල්ලා ඒකත් පැය දෙකක් විතර තියාගෙන ආපසු ගෙරට පැමිණීම වෙනුවෙන් ඩිල්ෂානිට බර ගාණක් ගෙවලා. ඒ මුදල ආයතනයෙන් දුන්නා වගේ දෙගුණයක් විතර ඇතිලු.
|