වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




පොත් අස්වැන්නට කතුවර මංගල්‍යය හෙට

පොත් අස්වැන්නට කතුවර මංගල්‍යය හෙට

ඇම්. ඩී. ගුණසේන සමාගමට වසරක් පුරා ජීවය දුන් සාහිත්‍ය කෘති දායාද කළ නිර්මාණකරුවන්ට හරසර පිදෙන 'අවුරුද්දක පොත් අස්වැන්නේ කතුවර මංගල්‍යය - සාහිත්‍ය ලස්සනයි' සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 5 වැනිදා (හෙට) සවස 3.00 ට කොළඹ 12, මිහිඳු මාවතේ අංක 150 ඇම්. ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මහාචාර්ය පූජ්‍ය උතුරුවල ධම්මරතන හිමි, පූජ්‍ය පොරවගම නාලක හිමි, පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි, මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, ආචාර්ය පියසේන රතුවිතාන, සිබිල් වෙත්තසිංහ, පර්සි ජයමාන්න, ශ්‍රියා රත්නකාර, වෛද්‍යාචාර්ය ආර්. එම්. විලියම්, වෛද්‍ය චාමරී ලෝචනා වීරරත්න, දයා ද අල්විස්, ජයසිරි කොස්පැලවත්ත, හිඟුල්වල දිසානායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනි පීරිස්, ෂ්‍යාම් එස්. දිසානායක, විල්සන් කුකුලන්දල, කථිකාචාර්ය නොයෙල් දසනායක, රෝහිණී අලහකෝන්, රෝහන් පියරත්න, ලිලියන් සෝමලතා රත්නායක, චාමර සංජීව, රුචිරා සුරංගී ද අල්විස්, කල්ප එරන්ද, කථිකාචාර්ය සත්සර ඉලංගසිංහ, පුෂ්පා රම්‍යානි සොයිසා, සුමිත් රුවන් සිල්වා, ඉෂාණි මධුසංඛා ද සිල්වා, පංචාලි ඇල්ලෙපොල, චේතනා ඇල්ලෙපොල, නිරංජන් චාමින්ද කරුණාතිලක මෙවර මෙහිදී සම්මාන ලබති.