|
සිංහල සිනමාවට තවත් මියුරු හඬක්
මගෙ සිහින අරන් ඔබ ගියාද මට සිතුණා- කුෂාණි සඳරේඛා
'සිතුවිලි පුරා මේ දිනවල තිරගත වන 'ආදරණිය කතාවක්' චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයකින් අපේ කතාබහ ආරම්භ කළේ කලකට පසු සිනමා අඹරට පායා ආ මියුරු හඬක අපූර්වත්වය නිසයි. ඇය කුෂානි සඳරේකාය. මේ ගීතය ද ඇතුළත්ව චිත්‍රපටයේ ගීත තුනක්ම ගායනා කරන්නේ කුෂානි විසින්ය. ඇයට යුග ගායනයෙන් එක්වන්නේ අමල් පෙරේරා සමග කසුන් කල්හාරය. කුෂාණි මෙරට සංගීත ක්ෂේත්රයට පිවිසෙන්නේ පාරම්පරික උරුමයක් ඇතිවය. ප්‍රවීණ ගායිකා මායා දමයන්ති සහ වික්ටර් විජයන්තගේ වැඩිමල් දියණිය වන ඈට සංගීතය ඇසුරු කරන්නට ලැබෙන්නේ මවු කුසේ සිටියදීමය. එසේ නම් ස්වර සප්තකය ඇයට අරුමයක් විය නොහැකිය. ඇගේ මියුරු හඬින් හැඩවෙන ආදරණීය කතාවක් ගැන කතා කරන්නට අපි කුෂාණිව මුණ ගැසුණා. 'මේ චිත්‍රපටය සඳහා මට ආරාධනා කරන්නේ චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේයි. මීට කලින් ඔහුව හෝ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද පෙරේරා සමඟ කිසිම දැන හැඳුනුම්කමක් තිබුණේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුණා මගේ කටහඬ මේ චිත්‍රපටයට යොදා ගන්න. මේ කාලේ වෙනකොට මගේ කලා දිවියෙන් යම්තාක් දුරකට ඈත් වෙලා වසර 3 1/2 ක් වැනි කාලයක් නිහඬව ගෙවමිනුයි මම හිටියේ. ප්‍රියන්ත අයියා මේ වැඩේට කතා කළාම මම ඒකට කැමැති වුණා. ඔහු ඊළඟට කරපු යෝජනාව තමයි කසුන් කල්හාරත් සමඟ යුග ගීයක් ගයන්න ඕනෑ කියන කාරණාව. මම කසුන් සමඟ කරපු ඕතචජඬ අඥඤ චදඤ එඩඪබඥ ප්‍රසංගයෙන් පස්්සේ ඔහුත් සමඟ නිර්මාණයක් කරලා තිබුණෙත් නෑ. ඒ වෙනකොට ප්‍රියන්ත අයියලට ආරංචි වෙලා තිබුණා මම කසුන් සමඟ වැඩ කරන්නේ නෑ කියන කට කතාවක්. නමුත් ඒ වෙනකොට අපි අතර කිසිම ගැටලුවක් තිබුණේ නෑ. පොඩි හරි ගැටලුවක් තිබුණා නම් අපි ඒවා සාකච්ඡා කරගෙන විසඳගෙන තිබුණා. ඒ නිසා මේ චිත්‍රපටය මම කැමැත්තෙන් බාර ගත්තා. කලා ජීවිතයේ පසුගිය කාලවකවානුව තුළ කුෂානි අපට නිතර හමු වුයේ නර්තන ශිල්පිණියක ලෙසටය. එහෙත් ගායිකාවක වශයෙන් ඈ කෙතරම් දක්ෂතාවයක් හිමිකරගෙන සිටියාද යන්නටත් උදාහරණ ඕනෑ තරම් විය. වරක් ඈ ඇගේ මව ගායනා කළ 'කුරුල්ලෝ නුඹේ තාලෙන්' ගීතය නව ආරකින් ගායනා කොට ලැබූ ජනතා ප්‍රසාදය අපට තවමත් මතකය. ඈට ඇත්තේ ඇගේම යැයි කී ගීත කිහිපයකි. ගායිකාවක් වශයෙන් සිය ගමන් මඟ තුළ සැරිසරනවාට වඩා වැඩි කාලයක් ඇය නර්තනය වෙනුවෙන් වෙන් කිරීම ඊට හේතුව වන්නට ඇත. එහෙත් අද කුෂානිගේ ආදරණීය හඬ ඇසෙත්දී අපට සිතෙන්නේ ඒ ගෙවී ගිය කාලය අපරාදේ කියාය. පුරා වසර තුනකට අධික කාලයක නිහැඬියාව බිඳිමින් ඈ ගායිකාවක ලෙසින් නැවත උපන්න බව ආදරණීය කතාවක් පසක් කරන්නීය. සත්‍ය වශයෙන්ම මේ නිහඬ බවට හේතුව කුමක් විය හැකිද? 'ගෙවුණු කාලය තුළ මම මගේ පෞද්ගලික ජීවිතයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ගත කළා. මගේ ඉගෙනීම් කටයුතුවලට පිටරට සංචාරයකට ඔය ආදී දේට ඒ කාලය වැය කළා. මේ අතුරතුර ක්ෂේත්රය පුරා මං ගැන වැරදි ප්‍රචාරයක් පැතිරුණා. මම හරිම ආඩම්බර අහංකාර කෙනෙක්. මාත් සමඟ වැඩ කරන්න අමාරුයි. මම අධික මිලක් අය කරනවා වැනි කට කතා වගේම මම ක්ෂේත්රයෙන් සමු අරන් කියලත් ප්‍රචාරය වුණා. ඒ සියලු දේත් සමඟ මට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මගේ හැකියාවන්, දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්වන්න මම උත්සාහ කළා.' කුෂානි මෙවර පිවිසෙන්නේ සරල කාරණාවකට නොවේ. චිත්‍රපට පසුබිම් ගායනය යනු සාමාන්‍ය සරල ගී ගායනයක් නොවන බව ඈ හොඳින්ම අවබෝධ කරගෙන සිටියා. ඊට පරමාදර්ශ සොයා යන්නට ඇයට අවශ්‍ය නොවූයේ ඇගේ පරමාදර්ශය, පූර්වාදර්ශය නිවසේම සිටිය නිසාය. එකල ඇගේ මව මායා දමයන්තියගේ චිත්‍රපට පසුබිම් ගායනා තවමත් සිනමාලෝලී ප්රේක්ෂයන්ට අමතක නැතුවාට සැකයක් නොමැත. එදා 'අරලිය මල්' චිත්‍රපටයට ඇය ගායනා කළ ' කුරුල්ලෝ නුඹේ තාලෙන්' ගීතය ඇතුළු කෙතරම් ගීත සංඛ්‍යාවක් ඇය චිත්‍රපට වෙනුවෙන් ගයා ඇත්ද? මායාගේ මෙන්ම කුෂාණිගේත් සංගීත ශෛලියේ අප දකින සුවිශේෂත්වය මේ දෙදෙනාම ශාස්ත්‍රීය සංගීතය මැනවින් අධ්‍යයනය කර තිබීමය. 'මම ක්ෂේත්රයට ආපු දවසේ ඉඳලම චිත්‍රපට පසුබිම් ගීත ගායනයට වැඩි කැමැත්තක් තිබුණා. ඇත්තටම ඒක අභියෝගාත්මක දෙයක්. චිත්‍රපටයේ චරිතයට, අවස්්ථාවට, තේමාවට, නිළියට ගැළපෙන අයුරින් හඬ පාලනය කරමින් ගායනයේ යෙදෙන්න ඕනෑ. සාමාන්‍ය සරල ගීතයක් ගායනා කරනවා තරම් සරල කාරණාවක් නෙවෙයි. මේ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළෙත් අලුත් සංගීතඥයෙක්. අලුත් ප්‍රවීණ හැම දෙනාත් එක්කම වැඩ කරන්න මම ආසයි. ඔහු ඉතාම ලස්සන මිහිරි තනු නිර්මාණය කර තිබුණා. මට කරන්න පුළුවන් උපරිම කැපවීම ඒ වෙනුවෙන් මම කළා. ඇත්තටම ඒකේ ප්‍රතිඵල මට ලැබෙමින් පවතිනවා. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ වූ හේමාල් සහ උදාරිත් කිව්වා මගේ ගායනය ඔවුන්ගේ රංගනය උපරිම තලයකට ගේන්න හේතුවක් වුණා කියලා.' ජීවිතේ අපි විඳින බොහෝ දේ කලින් කල අපේ ජීවිතේ වෙනස් කරනවා. ඒක කුෂාණිටත් පොදුයි. කලා ජීවිතයේ නිහඬ බව තුළ කුෂාණිගෙන් අපට තවත් සොඳුරු හිතවතියක හමු වෙනවා. ඈ ගීත රචිකාවක්. ජිවිතේ තමන් දැනුණු බොහෝ විඳීම්, සුඛ, දුක්ඛයන් පිට වුණේ සොඳුරු ගීතයක්ව.
'ඇයට නුඹ ඇගේය නාලක අංජන කුමාරගේ ගී තනුවකට කුෂාණිගේ හඬින්ම ගැයුණා. ඉදිරියේදී මෙවන් ගීත කිහිපයක්ම ඇගෙන් අපට අසන්නට ලැබේවි. වසර අවසාන වන විට ඇගේම ප්‍රසංගයකුත් අපිට දකින්නට ලැබේවි. පසුගිය කාලයේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනීගේ 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයට ද කුෂාණි ගීතයක් ගායනා කළාය. කුෂානිගේ මියුරු හඬ නැවත නැවතත් කියන්නේ සිංහල සිනමාවට ඈ ඕනෑය යනුවෙනි. ඉතිහාසය පුරාම අපට සුමියුරු වූ චිත්‍රපට ගීතාවලියක් ඇත. එච්. ආර්. ජෝතිපාලයන්, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, මායා දමයන්ති ඇතුළු පෙර පරපුරේ විශිෂ්ටයන්ගෙන් උරුම වූ ඒ සුමියුරු අතීතය වර්තමානයට ද ගෙන යා යුතුය. අනාගතයට ද ඉතිරි කළ යුතුය. මේ බර උසුලාගෙන යන්නට කුෂාණිලා වැන්නෝ අත්‍යාවශ්‍යය. කුෂාණි අපි ජීවිතේ අලුත් පිටුවල අලුත් අලුත් දේ ලියමු. ඔබට සුබ ගමන්!
|