වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




කලකිරීම් මැද සම්මානය

කලකිරීම් මැද සම්මානය

අනුරාධපුරය පැත්තේ ඉන්න නළුවෙක් තමයි ජයතිස්ස අතුලසිරි කියන්නේ. සෑහෙන්න කට්ටක් කමින් ඔහු මේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක්ම ඉන්නවා. අනුරාධපුරය දාලා කොළඹ එන්නේ නැති හින්දා ඔහුට වැඩිය රංගන කටයුතුවලට කතා කරන්නට සෑහෙන දෙනෙක් අදිමදි කරනවා. රගපාන්න ලැබෙන අවස්ථා වුණත් ඇතැම් අය වළක්වනවලු. අතුලගේ හිත හොඳකම වැඩි නිසා මේ කලකිරීම් මැද ඉන්න කොට අතුලට අපූරු ආරංචියක් කන වැටිලා. ඒ ඔහුව සම්මානයකට නිර්දේශ වෙලා කියන එක.

කලා නිපුන් දේශමාමක ලංකා පුත්‍ර ජාතික ගෞරව සම්මානයෙන් තමයි අතුල පිදුම් ලබලා තියෙන්නේ. සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම මඟිනුයි මෙම සම්මානය ඔහුට ලැබුණේ. මේ දිනවල අතුල නාට්‍ය කිහිපයකම රගපානවා. ඔහු සිටින පත්තිනි චිත්‍රපටය ද තිරගත වෙනවා. අනුරාධපුර පැත්තේ දර්ශන තල සොයා යන නිර්මාණකරුවන් පළමුව හමුවන්නේ අතුලව. ඔහුගේ මාර්ගයෙන් තමයි එම ස්ථාන සොයා ගනු ලබන්නේ.