සුමිගෙන් අහන්න
‘දුක හාදු දෙන රැයේ’ රචනය රත්න ශ්‍රී ගේද? වසන්තගේද?
ජාඇළ
කලඑළියේ සරත් සේනාධීර
ප්රශ්නය - 2014 වසරේ තිරගත චිත්‍රපට සංඛ්‍යාව කොපමණද? ඒ මොනවාද?
පිළිතුර - 19 යි. පරාවර්තන, රූපාන්තරණ, සැමීගේ කතාව, සිරි දළදාගමනය, වරිගපොජ්ජ,
සුපිරි අන්දරේ, කොස්තාපල් පුඤ්ඤසෝම, රන්ජා, රාස්ස කැලේ, ඇහැලේපොළ කුමාරිහාමි,
පරපුර, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, කේ සෙරා, තණ්හා රතී රඟා, සතියකට මට රට භාර
දෙන්න, කල්පාන්තයේ සිහිනයක්, දුවන මුවන්, කෝ මාර්ක් නෝ මාර්ක්, අප මැරෙන්නේ නෑ.
පාදුක්ක වටවල ආරියදාස පිංදෙණිය
ප්රශ්නය - 'ස' අකුර මුල් කරගෙන මුලින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්ද?
පිළිතුර - නැහැ. මුල්ම චිත්‍රපටය 'සරදියෙල්'. නමුත් ඊට පෙර 'සීදේවි', 'සැඟවුණ
පිළිතුර', 'සිරිසඟබෝ', ' සුජාතා', 'සුරඟන', 'සැඩසුළං', 'සුරතලී', 'සිරකරුවා' වැනි
චිත්‍රපටත් තිරගතව තිබෙනවා.
පිළියන්දල චාමර විජේසිංහ
ප්රශ්නය - සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායකද? හේමාල් රණසිංහද?
පිළිතුර - හේමාල් එක චිත්‍රපටයකින්ම ජනප්‍රිය වුණු බව හැබෑව. ඒත් ඔහු ඒ වසරේ
ජනප්‍රිය නළුවා වුණාට පොදුවේ ගත්තම සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවා රන්ජන්. මං
හිතන්නේ තව අවුරුදු ගණනාවකටම ජනප්‍රිය නළුවා රන්ජන්.
පොල්ගස්ඕවිට අජිත් ජෝතිය කරසිංහ
ප්රශ්නය - අයිරාංගනී සේරසිංහ සිංහල නාට්‍ය කීයක රඟපා තිබේද?
පිළිතුර - මා දන්නා තරමින් තුනයි. ඒ, 'අපට පුතේ මඟක් නැතේ', 'වෙස් මුහුණු' හා
'පෝරිසාදයා'.
මුංහේනේ එච්. ඉන්ද්‍රපාල
ප්රශ්නය - රාජේෂ් ඛන්නා රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - ආක්හ්රි කාත් (AAKHRI KHAT)
අත්තනගල්ලේ
විමලසේන හපුතන්ත්‍රි
ප්රශ්නය - ගුණදාස කපුගේ ගයන 'දුක හාදු දෙන රැයේ' ගීතය රචනා කළේ රත්න ශ්‍රී
විජේසිංහද? වසන්ත බණ්ඩාර දිසානායකද?
පිළිතුර - වසන්ත බණ්ඩාර දිසානායක.
නාවලපිටියේ සරත් කාරියවසම්
ප්රශ්නය - ගුණදාස කපුගේ ගයන 'අහස උසට නැඟ ගියාට නැහනේ අහසේ රැඳෙන්නේ' ගීතය ලීවේ
කවුද?
පිළිතුර - සමන් ගුණ හේරත්.
මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්රශ්නය - එච්. එච්. බණ්ඩාර මුලින්ම සංගීතය සැපයුවේ 'සිංහබාහු' නාට්‍යයටද?
පිළිතුර - නැහැ. බන්දුල ජයවර්ධනගේ 'ඝෝෂක වස්තුව' නාට්‍යයට.
නවගමුවේ අසේල විජිතසිංහ
ප්රශ්නය - ටී වී 1 නාළිකාවේ 'කලර්' වැඩසටහන මෙහෙය වන ජනප්‍රිය නළු ධනංජය
සිරිවර්ධනගේ නිවේදන දක්ෂතා ගැන ඔබ මොනවද හිතන්නේ?
පිළිතුර - ඔහු ඉතාම ප්‍රසන්න හා හරවත් ආකාරයට මෙම වැඩ සටහන මෙහෙයවනවා. ඔහු
නිකම්ම පුයර බබකු නොව ඇසූපිරූ තැන් ඇති නළුවකු බව ඉන් පෙනෙනවා.
මිතොටමුල්ල කුමුදු පළිහවඩන
ප්රශ්නය - 'චන්දන ඇල්ලෙන් නාලා' හැරුණු කොට 'සුජීවා' චිත්‍රපටයට ඇතුළත් වූ වෙනත්
ගීත මොනවාද?
පිළිතුර - නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ, අලුත් කලාවක් සොයා ගත්ත මං, මගෙ හද වෙණ
පිරි මැදලා, ඈත වනපෙත සරසාලා, ආදරණීය බබෝ, කිස් නම් හාදුව වේ.
මේ අයත් මෙවර ප්‍රශ්න එවා තිබුණා. ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක, කළුබෝවිල
ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා, ඥානා කුමාරි පෙරේරා, ගම්පහ මිල්ටන් මලවිආරච්චි,
හික්කඩුවේ ඊ.දයානන්ද ද සිල්වා, මාවනැල්ලේ එස්. එල්. වික්‍රමසිංහ, දෙමටගොඩ ආරි
එගොඩවත්ත, පානදුර අතුල රම්‍යසිරි.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.
|