|
||
මෙන්න මෙවර අයිෆා
අයිෆා සම්මාන උලෙළ බොලිවුඩයේ පැවැත්වෙන දැවැන්තම සිනමා සම්මාන උලෙළ බවට පත්වී හමාරය. ලොව සුන්දරම ස්ථාන සොයා ගොස් එම ස්ථානයන්හිදී සම්මාන උලෙළ පැවැත්වීම එහි විශේෂත්වයකි. ඒ අනුව මෙවර 17 වැනි අයිෆා සම්මාන උලෙළ පසුගිය 26 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්‍රීඩ්හිදී පැවැත් වුණා. අතිඋත්කර්ෂවත් අයුරින් පැවති මෙවර සිනමා සම්මාන උලෙළ හැඩ කරන්න එක් වුණේ සල්මන් ඛාන්, ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන්, රිතික් රෝෂන් සමඟින් සෝනක්ෂි සිං. ඒ වගේම ප්‍රභූ දේවාගේ අපූරු නර්තනයටත් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. උලෙළ ඉදිරිපත් කරන්න එක් වුණේ ශහීඩ් කපූර් සහ ෆර්හාන් අක්තාර්. එහිදී හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ, කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ බජ්රන්ගී භයිජාන් චිත්‍රපටයයි. බජිරාඕ මස්තානි මෙවර උලෙළේ වැඩිම නාමයෝජනා සංඛ්‍යාව වූ නිර්දේශ දහසයක් ලද අතර එයින් සම්මාන දහතුනක් දිනා ගැනීමට සමත් විය. බජිරාඕ මස්තානි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රන්වීර් සිං හොඳම නළුවා ලෙසින් සම්මාන ලබනවිටදී පීකු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපිකා පදුකෝන් හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබුවාය. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය බජිරාඕ මස්තානි චිත්‍රපටය වෙනුවෙන් සන්ජේ ලීලා බන්සාලි වෙනුවෙන් පිරි නැමීය. වසරේ කාන්තාවට හිමි අයිෆා සම්මානයෙන් පිදුම් ලැබුයේ ප්‍රියංකා චොප්රා.
අනෙකුත් සම්මාන පිරිනැමුණේ මෙලෙසින්. හොඳම සහය නළුවා - අනිල් කපූර් (දිල් ධඩක්නේ දෝ) හොඳම සහය නිළිය - ප්‍රියංකා චොප්රා (බජිරාඕ මස්තානි) නැගී එන නළුවා - විකී කෞෂාල් (මසාන්) නැගී එන නිළිය - භූමි පෙඩ්නෙකර් (ඩූම් ලගා කේ හේෂා) හොඳම විකට නළුවා - දීපක් දොබ්‍රියල් (තනූ වෙඩ්ස් මනූ රිටන්ස්) හොඳම දුෂ්ට නළුවා - ධර්ෂන් කුමාර් (NH10) හොඳම කතාව - ජූහි චතුර්වේදි (පීකු) හොඳම නැගී එන යුවළ - සූරජ් පන්චෝලි සහ අත්‍යා ෂෙට්ටි (හීරෝ) හොඳම සංගීත අධ්‍යක්ෂණය - අමාල් මලික්, මීත් බ්‍රෝස් අනජාන්, අන්කිත් තිවාරි (රෝයි) හොඳම පද රචනය - වරුන් ග්‍රෝවර් ( ඩූම් ලගා කේ හේෂා -Moh Moh Ke Dhaage) හොඳම ගායකයා - පැපෝන් ( ඩූම් ලගා කේ හේෂා - Moh Moh Ke Dhaage) හොඳම ගායිකාව - මොනාලි ථාකූර් ( ඩූම් ලගා කේ හේෂා - Moh Moh Ke Dhaage) හොඳම දෘෂ්‍ය ප්‍රයෝග - බජිරාඕ මස්තානි හොඳම අංග රචනය - රෙමෝ ඩි සූසා (බජිරාඕ මස්තානි) හොඳම කැමරාකරණය - සුදීප් චැටර්ජි - (බජිරාඕ මස්තානි) හොඳම ඇඳුම් නිර්මාණය - අංජු මෝදි සම මැක්සිමා බාසු (බජිරාඕ මස්තානි) හොඳම සංස්කරණය - ඒ. ශ්‍රීකර් ප්‍රසාද් (තල්වර්) හොඳම වේශ නිරූපණය - වික්‍රම් ගයිකවාද් (තනූ වෙඩ්ස් මනූ රිටර්න්ස්) හොඳම දෙබස් - ජූහි චතුර්වේද් (පීකු) හොඳම තිර රචනය - කබීර් ඛාන් සහ පර්වීස් ෂාකියා (බජ්රන්ගි භයිජාන්)
හොලිවුඩයේ ඔස්කාර් සම්මාන උලෙළේදී රතු පලසේ විවිධාකාර ඇඳුම් මෝස්තර කැපී පෙනෙන්නාත් මෙන් අයිෆා සම්මාන උලෙළේද එලෙසින්ම බොලිවුඩ් තරුද කැපි පෙනුණා. නමුත් මෙවර අයිෆා සම්මාන උලෙළ හැඩ කළේ හරිත පලසක්. එහි සුන්දරව හැඩ වූ කාන්තාවන් අතරේ දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, සොනක්ෂි සිං, ශිල්පා ෂෙට්ටි, ආත්‍යා ෂෙට්ටි කැපී පෙනුණා. කැතම ඇඳුමින් සැරසී සිටියේ ඩියා මීර්සා. ඒ වගේම හොඳීන් ඇඳ පැලදි නළුවා වුණේ රන්වීර් සිං. ශහීඩ් කපූර්, ෆාවද් ඛාන් ද ඒ අතරේ කැපී පෙනුණා. අලුත්ම යුවළ කරන් සිං ග්‍රෝවර් බිපාෂා බාසු වෙතද කාගේත් අවධානය යොමු වූ අතර අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි ද ආදරණීය යුවළක් ලෙසින් බොහෝ දෙනාගේ ආදරයට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි, මෙවර අයිෆා උලෙළේ නිවේදන කටයුතු කරන්න ශහීඩ් සහ ෆර්හාන් ආවේ බූරුවන්ගේ පිට නැඟිලා. ඒක හාස්‍යජනක සේම කාටත් අමතක නොවන අත්දැකීමකුත් වුණා.
|
||