වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

එක් දිනක් තුළ රූගත කිරීමක්

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ ඔබේ සෙනෙහෙන් නිසා
එපා දුරින් රැඳෙන්න කිසිදා
පාළුවක් මට නොදැනෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

මේ සංසාරයේ ඔබේ අසලින් මා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

ගායනය - කිර්ති පැස්කුවල්
පද රචනය - සජිත් වී. චතුරංග
සංගීතය - දුලාජ් ධනුෂ්ක
වීඩියෝවෙහි පිටපත - දුලාජ් ධනුෂ්ක
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂණය සහ කැමරාකරණය -
තාල රූප වෙනුවෙන් චමිල් පතිරණ
රඟපෑ නළු නිළියන් - මධුෂා හේරත් සමඟ නාලක දළුවත්ත
දර්ශන තල - වෙන්නප්පුව


නව පරපුරේ පද රචකයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු යටතේ කීර්ති පැස්කුවල් විසින් ගැයූ මෙම ගීතය එක් දිනයක් තුළදී රූගත කොට තිබෙනවා. දෙරණ ඩ්‍රීම්ස්ටාර් ඔස්සේ අප හඳුනා ගත් දක්ෂයකු වන දුලාජ් ධනුෂ්ක කීර්ති වෙනුවෙන් සාදා දුන් ප්‍රථම ගීතය වන්නේ ද මෙයයි. මෙම වීඩියෝව රූගත කරන අතරතුරදී නාලකට නොසිතු විරූ කරදරයක් වෙලා. මෙහි එක්තරා දර්ශනයක තියෙනවා ඉහළ මාලයක සිට නාලකගේ මුහුණට වතුර වැටෙන සිදුවීමක්. එම වතුර එකෙන් කවුරු හරි නොදැනුම්වත්ව අත හෝදලා. ඉතින් වතුර එක වැටුණට පස්සේ නාලකගේ ඇස් දෙක ගිනියම් වුණාලු. අන්තිමේ ළඟ ඇති කරාමයකින් මුහුණ හෝදලා තමයි යළිත් රූගත කිරීම ආරම්භ කොට ඇත්තේ.

 


ශිහාන්ගේ අලුත් ගීතය

දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගෙ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබෙ අතගන්නට ඒ භවේ

හමුවෙලා රැඳුණු කාලයේ
මාගේ ළඟින්ම ඔයා
වරදවා දැනුණේ හිත ඔබේ
ආදරෙයි මට කියා
මට සමාවෙන්නෙ නෑ
වරද කෙරුවත් එදා
කාටත් කලින් . . .

සැනසිලා ඉන්න පෙම්වතුන්
දකින විටත් මෙදා
සිහිවෙනා ඔබව නෙතුමගේ
පාළුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජීවිතේ සැමදා
කාටත් කලින් . . .

ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - සජිත් වී. චතුරංග
සංගීතය - සායි
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - කසුන් කාවින්ද
රඟපෑ නළු නිළියන් - මාධව විජේසිංහ,
තනාෂා තාරකී
දර්ශන තල - බත්තරමුල්ල



වෙනස්ම කතා තේමාවක් යටතේ නිර්මාණය වූ මෙම වීඩියෝවෙහි සහ ගීතයෙහි සියලු නිෂ්පාදන කටයුතු කරන ලද්දේ රාජ් විසිනි.
ශිහාන්ගේ ආදරණීය හඬ මුසු වු මෙම ගීතයට මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව ඔහු අපිත් එක්ක කිව්වා.